වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ,රාජ්‍යය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවන බෙහෙත් තත්වයෙන් බාල බවත් මෑතකදී එළිදැක්වූ තයිරොක්සින් ඖෂධය ලබා ගත් රෝගීන් එම ඖෂධයේ කිසිදු ගුණයක් නැති බව පැවසීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වේ.
ජයරුවන් බන්ඩාර මහතාගේ ප්‍රකාශයට ප්‍රති උත්තර බඳිමින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ප්‍රකාශ කර සිටියේ තයිරොක්සින් ඖෂධය එළිදැක්වුවද වෙළඳ පොලට නිකුත් කිරීමට සැලසුම් කර තිබුනේ සැප්තැම්බර් මාසයේ සිට බවයි.
ඒ අනුව දැනට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවූ එක් තයිරොක්සින් පෙත්තක් හෝ රෝගීන් වෙත ලබා දීමටත් පෙර මෙවන් සාවද්‍ය ප්‍රකාශයක් වෛද්‍ය ජයරුවන් බන්ඩාර මහතා සිදුකලේ කුමන කරුණක් බලපෑමක් පිටද යන්න සොයා බලන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් වී ඇති බව වාර්තාවේ.
රාජ්‍යය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ දැනට භාවිත තයිරොක්සින් ඖෂධය දැනට ප්‍රධාන වශයෙන් ආර්ජන්ටිනාවෙන් ආනයනය කරන අතර ඒ සඳහා වාර්ෂිකව රු මිලියන 500 පමණ වැය රජය වැය කරණු ලබයි.
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති ලෙස ගෝඨාබය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සතියක පමණ කාලයක් නිසි පත් කිරීමකින් තොරව කටයතු කල අතර පසුව වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතාව ජනාධිපතිතුමා විසින් සංස්ථාවේ සභාපතිධුරයට පත් කරණු ලැබුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
covid nisa minissu saththu wage merenawa…. ee asse me wge bru prechara yawla e e ansha wla inna ayawa palleyaata danna heduwata wedk nh …. ay minissu mehema krnne ….
me sellam krnne minissunge jiwitha ekkne…. Me wge news yewwma wedk krna ayatath welawk nthi wenwa minissu wenuwen katayuthu krnna kaalaya nethi wenw….
kahge awashya thawayan wenuwen mehema krnwda dnnh eth mee bru news ywla me sellam krnne minissunge jiwitha ekka…..