කොවිඩ් පාලනයේදි දක්නට ලැබෙන ප්‍රධාන අඩුපාඩුවක් වන සක්‍රිය මහජන සහභාගිත්වය ලබා ගනිමින් නගර සභා බල ප්‍රදේශය තුල කොවිඩ් පාලන වැඩසටහනක් සකස් කිරිම සදහා කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා විසින් පියවර ගනිමින් සිටින බවට වාර්ථා වේ.
කොළඹ මහ දිසාපතිවරයා, නාගරික කොමසාරිස්, මහජන සෞඛ්‍ය වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පිරිකෂකවරුන්, ආයුර්වේද ප්‍රජා වෛද්‍ය නිළධාරින් ඇතුළු වගකිවයුතු නිළධාරින් සහ සියලු පක්ෂවල නියෝජිතයින් කැදවා නගරාධිපතිවරයා විසින් මෙම වැඩපිළිවෙල ඉදිරිපත් කල බව වාර්ථා වේ. එහිදි නගරාධිපතිවරයාගේ මැදිහත්විම සියලු පාර්ෂව වල ඇගයිමට ලක්වු බව ද වාර්ථා වේ.
එහිදි කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා විසින් පවසා සිටියේ මේ මොහොතේ අප රටක් ලෙස ජාතියක් ලෙස පසුකරමින් සිටින්නේ ඉතිහාසයේ ඉතාම දුෂ්කර කාලවකවානුවක්. වසර 30ක යුද්ධය සමයේදී අපේ රණවිරුවන් සටන් කළේ පෙනෙන සතුරෙකු සමග.
නමුත් දැන් අපි සටන් කරන්නේ නොපෙනෙන සතුරෙක් සමග. ලෝකයේ බොහෝ ස්වාධීන පර්යේෂකයන් විවිධ සාක්ෂි ඉදිරිපත් කරනවා මේ සතුරා එහෙම නැත්නම් කොවිඞ් වයිරසය ජයිව අවි ප්‍රහාරයක් කියලා. වයිරසයේ ප්‍රභේද වරින් වර වෙනස් වීම නිසා තත්ත්වය තව තවත් බරපතලයි.
අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය, ආරක්ෂක හමුදා සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය උපරිම කැපවීමෙන් මේ සතුරා මර්දනය කරන්න මහන්සි ගන්නවා. එන්නත් කරන වැඩපිළිවෙල ඉතා කාර්යක්ෂමව සාර්ථකව ඉදිරියට කරගෙන යනවා. එහෙත් ඒක පසුකරගෙන වෛරසය ඉදිරියට යාම බරපතළ තත්ත්වයක්. ඒ නිසා තවදුරටත් රජයට හමුදාවට හෝ සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට පමණක් මේ වගකීම් බාරදීලා බලන් ඉන්න බැහැ. මේ වන විට කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයේ බත්තරමුල්ල කලාපයේ කොවිඞ් ආසාදිතයන් මෙතෙක් ආසන්න වශයෙන් 6819ක් සහ කඩුවෙල කලාපයේ 3518ක් සිටිනා බවට වාර්ථා වෙනවා.
අපි දැක්කා පසුගිය දිනවල ගෙවල්වල මිනිස්සු මැරුණ කිසිවෙක් දන්නේ නැතිව. ගමේ මිනිසුන් ඒවා ගැන සොයා නොබලන තත්වයක් ඇති වෙලා. අපේ සංස්කෘතිය අනුව එහෙම වෙන්න බෑහැ. එහෙම වෙන්නේ මහජනයා අසරන වෙලා ඉන්න නිසා බිම් මට්ටමින් ඔවුන්ව සංවිධානාත්මකව නායකත්වය සපයන්න අපි අසමත්වෙලා තියෙන නිසා. දැන් ඒ වරද නිවැරදි කරන්න ඕනි.
මහජනතාව හැටියට මහජනතාවගේ නියෝජිතයන් හැටියට අපි අපේ වගකීම ඉටුකරන්න ඕන. මහජනයා තනි තනිව පමණක් නොවේ සංවිධානාත්මකවත් තමාගේ යුතුකම ඉටුකරන්න ඕන. මහජන නියෝජිතයන් හැටියට අප ඊට සහාය දක්වන්න ඕන. මග පෙන්වන්න ඕන. ඒ නිසා මම යෝජනා කරනවා නියමු ව්‍යාපෘතියක් හැටියට කඩුවෙල මහා නගර සභා බල ප්‍රදේශය තුල ග්‍රාම සේවා වසම් කමිටු පිහිටවලා ඒ මගින් මහජනයා සහභාගී කරගත යුතුයි කියලා.
එම කමිටු වලට බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන් වගේම නගර සභාවේ මහජන නියෝජිතයින් සහ ප්‍රාදේශීය මහා සංඝරත්නයේ වගේම සමාජ ක්‍රියාකාරිකයන් සම්බන්ධ කරගන්න ඕන. පක්ෂ භේද බැහැ. පක්ෂ විපක්ෂ සියළු දෙනා එකතු කරගන්න ඕන ඊළඟට ඒ මෙහෙයුම් කමිටු වලට උපදෙස් දෙන සහ ඒවා සම්බන්ධීකරණය කරන ලේකම් කාර්යාලයක් පිහිටුවන්න ඕන කියලා මම හිතනවා. සමස්තයට මගපෙන්වන්නේ දිසාපතිතුමා, ප්‍රාදේශිය සෞඛ්‍ය නිළධාරි, නගරාධිපතිතුමා ආරක්ෂක අංශ ඇතුළත් අධීක්ෂණ කමිටුවක් අවශ්‍යයි කියා මා හිතනවා. ග්‍රාමීය මෙහෙයුම් කමිටු වලට බොහෝ දේ කරන්න පුළුවන්. මහජනයා දැනුවත් කිරීම පරීක්ෂණවලට සහාය දීම අනතුරුදායක ආයතන ප්‍රදේශය සහ පුද්ගල කණ්ඩායම් හඳුනාගෙන නිරන්තර අවධානය යොමු කිරීම, නිරෝධායන ක්‍රියාවලියකට සහාය දීම. ගෘහස්ථ ප්‍රතිකාර ක්‍රියාවලියට සහාය දීම මහජනයා සමඟ සම්බන්දවන පිරිස්වලට අවශ්‍ය ආරක්ෂිත උපකරණ ලබාදීම, ආර්ථික දුෂ්කරතාවන්ගෙන් පෙලෙන පවුල් හඳුනාගැනීම සහ ඔවුන්ට ආධාර උපකාර කිරීම, නිරෝධායන නීති වලට අනුව ආර්ථික ක්‍රියාකාරකම් කරගෙන යෑම සඳහා සහාය දීම, ඒ වගේම බොහෝ දේ අපිට කරන්න පුළුවන් මේ වැඬේ අපිට අතට ගමු. රට වෙනුවෙන් මහජනයා වෙනුවෙන් අපේ යුතුකම නොපැකිලව ඉටුකරමු.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
great