ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ලියාපදිංචියට අදාල වන දත්ත හදිසියේ අතුරුදහන් වීම පිටුපස පසුගිය රජයේ සෞඛ්‍යය අමාත්‍යයවරයාට සම්බන්ධ හිතවතුන් කිහිප දෙනකු සිටින බවට බරපතල සැකයක් මතුව ඇති බව අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක වාර්තා කර තිබේ.
පසුගිය රජය සමයේ අදාළ අමාත්‍යයවරයා සම්බන්ධ වූ බවට සැලකෙන ඖෂධ වංචා කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ඇරඹීමත් සමග ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ලියාපදිංචියට අදාල දත්ත ගබඩාව මැකීයාම පිටුපස විශාල අබිරහසක් ඇති බව ඖෂධ නියාමන අධිකාරියේ ඉහල නිලධාරියෙක් පවසා ඇති බවද එම පුවත් අඩවි වාර්තා කර සිටී.
2015-2019 වර්ෂවල රජයේ ආයතනවල සිදු වූ වංචා විමර්ශනය පිලිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් හෙළි කර ඇත්තේ “ට්‍රට්සුසුමැබ්” නම් පිළිකා රෝගීන්ට ලබා දෙන ඖෂධය වංචනිකව ගෙන්වීම මගන් පමණක් රජයට රු මිලියන 850 ක පමණ පාඩුවක් සිදුව ඇති බවයි.
මේ අතර 2018 වර්ෂයේදී ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව පවත්වාගෙන යෑමට පෞද්ගලික සමාගමකට ටෙන්ඩර් කැඳවා භාර දී තිබූ අතර එකී පෞද්ලිගලික සමාගමේ පරිගණක තාක්ෂණ ශිල්පියකු මෙම දත්ත ගබඩාව මකා දමා ඇති බවට මේ වනවිට කරුණු හෙළිදරව් වී ඇති බවද හෙළිවී තිබෙන බවද එම පුවත් වෙබ් අඩවි වාර්තා කර සිටී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශනයක් අරඹා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඔය කාලෙ ඕවම තමා කලේ .දැන් ඉදිය නම් කොහොමද ගැහිල්ල. හොඳ වෙලාවට ගෝඨා ඉන්නෙ.
ඔව්, දැන් බැසිල්ට පිං සිද්ධ වෙන්ට සල්ලි ලිච්ටන්ස්ටයින් වල නිරුපද්‍රිතව නමක් නැතිව අස්සනක ආරක්ෂාව යටතේ තැන්පත් වෙනවා.
Kiyanna deyak nh ithin ekale wada dan hodata terwnawane.karapu hora wada makala dammama okkoma hari kiyla hithagena inna aththe.kibhullu hathpole gagena dan.
ඕවටත් ඉතින් අර අනිත් පරීක්ෂණ වලට උණ දේම තමා වෙන්නේ. අන්තිමට වෙච්චි දේවත් හොයා ගන්න බැරි වෙයි.
Pau oi kibula illan kanawa
Horu alla gaththoth hodai.
Mekath madhya sandarshanayak nowi thiboth hodai.