යාපනය මහනුවර එ-9 ප්‍රධාන මාර්ගයේ පුලියන්කුලම් ප්‍රදේශයේදී අද (11) අළුයම සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට පුලයින්කුලම් පොලීසිය කියා සිටියේය.
වවුනියාව දෙස සිට කිලිනොච්චිය දෙසට ගමන් කරන ලද කන්ටේනර් රථයක් සහ කිලිනොච්චිය සිට වව්නියාව දෙසට ගමන් කරන ලද බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර බස් රථය හා කන්ටේනර් රථය අධික වේගයෙන් ගමන් කොට වෙගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පරික්ෂණ සිදු කරන පුලියන්කුලම් පොලීසියට අනාවරනය වී ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ බස් රථයේ ගමන්කල කාන්තාවක් හා කන්ටේනර් රථයේ රියදුරු වන අතර තුවාල ලැබූ තිදෙනාගෙන් බස් රථයේ රියදුරුගේ තත්වයද ඉතා බරපතල තත්වයක ඇති බවට පුලියන්කුලම් පොලීසිය කියා සිටියේය.
අනතුරින් මිය ගොස් ඇත්තේ කන්ටේනර් රථයේ රියදුරු වූ පල්ලියවත්ත උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි ජයමහමුදලිගේ දොන් උජිත් දේශාන්ත හා මිය ගිය බස් රථයේ කාන්තාව වූ කිලිනොච්චිය සෙල්වනගර්හි පදිංචි කිංස්ලි අරුලයියා ජයරාසා සරෝජනී දේවි නැමති අය වෙයි.
අනතුරට පත් බස් රථය කිලිනොච්චියේ සිට ගුවන්තොටුපල දක්වා ගමන් කොට ඇති අතර කන්ටේනර් රථය වව්නියාවේ සිට කිලිනොච්චියේ යුද හමුදා කඳවුරක් වෙතට ධාවනය වී ඇති බවටත් අනාවරණය වී ඇති අතර අනතුරු සම්බන්ධයෙන් පුලියන්කුලම් පොලිස් අධිකාරී ෆොන්සේකා මහතාගේ උපදෙස් පරිදි පුලියන්කුලම් පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක වී.එස්.ඩී. විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩි දුර පරික්ෂණ කටයුතු සිදු කෙරේ.
ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේ විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. විවාදය පවත්වන දිනය...
කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ පිළිබඳව තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක...
පසුගිය දිනවල පොදුජන පෙරමුණ විසින් පක්ෂයේ ගිණුම් වාර්තා රටට හෙළිදරව් කිරීම දේශපාලන ක්ෂේත්රයේ ඇගයීමට ලක් විය. ඒ පිළිබඳව අප වෙත අදහස් ද...