මුහුණු පොතෙන්

කාත්තන්කුඩිය යනු නැගෙනහිර පළාතේ මඩකළපුව නගරයට කිලෝමීටර් හතරක් දකුණෙන් පිහිටි කුඩා නගරයකි.
> මෙය ලංකාවේ ඇති මුස්ලිම් ජනතාව පමණක් ජීවත් වන එකම නගරය වේ.
පනස්දහසක පමණ මුස්ලිම් ජනගහනයක් මේ නගරයේ ජීවත් වෙති.
> මුස්ලිම් නොවන කිසිදු අයෙකුට කාත්තන්කුඩියේ වාසය කිරීමට, දේපළ ඉඩකඩම් මිලදී ගැනීමට, ව්‍යාපාර කිරීමට හැකියාවක් නැත.
> මෙහි වර්ග කිලෝමීටර් එකක භූමි භාගයක් තුළ මුස්ලිම් පල්ලි හැට පහක් පමණ පිහිටුවා තිබේ.
> මුස්ලිම් රටවලින් පිටත වර්ග කිලෝමීටරයක් තුළ වැඩිම මුස්ලිම් පල්ලි ප්‍රමාණයක් ඇති ප්‍රදේශය කාත්තන්කුඩිය බවටද මේ නගර වැසියෝ පුරසාරම් දොඩති.
> මේ නගරයේ වීදිවල කාන්තාවන් දක්නට නොලැබෙන තරම් වන අතර, නගරයේ රට ඉඳිගස් සිටවා සෑම තැනකම අරාබි පෙනුමක් ලබාදීමට කටයුතු කර ඇත.
> මේ නගරයේ ජනයා රටේ පොදු නීතිවලට අනුගත වීමද ප්‍රතික්ෂේප කරන අතර, එය ප්‍රකාශ කිරීම සඳහා ඔවුහු නිතර මාර්ග නීති කඩ කිරීම, බයිසිකල් පදින විට හෙල්මට් නොපැළඳීම වැනි දෑ කරති.
> මේ නගරය දශක කීපයක් තිස්සේ ලංකාවේ වහාබ්වාදී ක්‍රියාකාරකම් සඳහා ප්‍රකට තිප්පලක් වී ඇති අතර, සහරාන් හෂීම් 1986 දී උපත ලබන්නේ සහ හැදී වැඩෙනුයේ මේ ප්‍රදේශය තුළය.
> 1990දී මොහොමඩ් ආලියාර් විසින් කාත්තන්කුඩියේ ඉස්ලාම් මාර්ගෝපදේශන මධ්‍යස්ථානයක් ආරම්භ කළ අතර, එය ලංකාවේ වහාබ්වාදය ප්‍රචාරය කිරීම ආරම්භ කළ මුල් ආයතනවලින් එකකි. පාස්කු ප්‍රහාරයෙන් පසු ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
> 1996 මැයි 26 කාත්තන්කුඩියේ පිහිටි සුෆි ආගමික මධ්‍යස්ථානයක් වහාබ් අන්තවාදීන් විසින් බෝම්බ ගසා ගිනි තබා විනාශ කර ඇත.
> 1998 මැයි 28 වැනිදා වහාබ්වාදයේ විවේචකයෙකු වූ එස්. එම්. එස්. ෆාරුක් මහතා වහාබ්වාදීන් විසින් වෙඩි තබා ඝාතනය කළේද මේ ප්‍රදේශයේදීය.
> 2004 ඔක්තෝබර් 31 වැනි දින වහාබ්වාදීන් පන්සීයක් පමණ සංවිධානය වී කාත්තන්කුඩියේ භාවනා මධ්‍යස්ථානයක් විනාශ කර ඇත.
> 2005 දී සහරාන් තම මුල්ම වහාබ්වාදි සංවිධානයක් වූ දාරුල් ආධාර් ඇඩ් දයියා සංවිධානය ආරම්භ කළේද කාත්තන්කුඩියේය.
> 2006 ඔක්තෝබර් මාසයේදී කාත්තන්කුඩියේ වහාබ් අන්තවාදීන් හා ඇතිවූ ගැටුම් නිසා සාම්ප්‍රදායික සුෆි මුස්ලිම්වරුන්ට අයත් නිවාස 117ක් ගිනි තබා විනාශ කෙරිණි. තිදෙනෙකු ඝාතනයට ලක්විය.
> එදා මෙදා තුර කාත්තන්කුඩි නගරය කේන්ද්‍ර කරගනිමින් මෙවන් ජාතිවාදී අපරාධ රාශියක් වාර්තා වී ඇති අතර මේ ඒවායින් ඉතා අතලොස්සක් පමණි. මේ කරුණු සියල්ල පිටු හත්සීයකට වැඩි පාස්කු කොමිෂන් වාර්තාවේ වාර්තාවෙන් උපුටාගත් ඒවා වන අතර, කිසිවෙකුගේ හිතළු නොවේ.
> ඉහත සඳහන් සියල්ල බෞද්ධ මුස්ලිම් ගැටුම් නොව වහාබ්වාදීන් හා සම්ප්‍රදායික මුස්ලිම්වරු අතර ඇතිවූ ගැටුම් වීම විශේෂත්වයකි. අන් ආගම් කෙරේ නොව තමන්ගේම ආගමේ සිටින වෙනස් මත දරන්නන් කෙරේ අන්තවාදීන්ගේ ප්‍රතිචාර කෙබඳුදැයි මේ ඔස්සේ අවබෝධ කරගත හැකි වනු ඇත.
> ලංකාවේ ඊනියා බෞද්ධ ජාතිවාදයක් ගැන මොරදෙන එකදු රැඩිකල් නිරාගමික පඬියෙකු හෝ මේ සැබෑ ජාතිවාදය ගැන එක වචනයක් කතා කර නොතිබීම විශේෂ කරුණකි.
> අද රටේ වෙනත් ප්‍රශ්න සමග අන්තවාදයේ බියකරු බව බොහෝ දෙනාට අමතකව යමින් තිබුණද මේ දේවල් අමතක කිරීම හෙට දවසේද රට විශාල අනතුරක ඇද හෙලීමක් විය හැකිය. ඒ බව රටේ පාලකයන් මෙන්ම රටවැසියන්ද මතක තබා ගැනීම අතිශය වැදගත් වෙයි.
මේ වගේ තවත් අදහස් බෙදාගන්න. අපේ ෆේස්බුක් පිටුවට ලයික් කරන්න.
අනාගතය අපි තරුණ ව්‍යාපාරය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More