මුහුණු පොතෙන්

රැල්ලට යන්නේ නැතිව සිහි බුද්ධියෙන් කියවල හැකිනම් තවත් කෙනෙක්ගේ දැනුවත් වීම පිණිස ශෙයාර් කරන්න!

වර්ථමානයේ සමාජය තුල පුදුමාකාර චීන විරෝධයක් ඉස්මතු කරන්න උත්සහා කරන බවක් පේන්න තියෙනවා. ගොඩක් මිනිස්සුගේ කටේ තියෙන මන්ත්‍රයක් තමයි මේක චීන කොලනියක් වෙනවා කියලා.

ඇත්තටම අපි ලන්දේසීන්ගේ, පෘතුගීසින්ගේ සහ ඉංග්‍රීසින්ගේ නම් කොලනියක් වෙලා තිබ්බා. උන් මේ රටේ තිබ්බ පුරාවස්තු, ජාතික උරුම විනාස කලා, ගැහැණුන් දුෂණය කලා, ස්වාමීන් වහන්සේ ඝාතනය කලා, අපේ රට සම්පත් සූරාගෙන කෑවා. අපේ රටේ ජාතික නායකයින්ගේ පවුල් පිටින් කිරි සප්පයොත් එක්ක ඝාතනය කලා.

හැබැයි අපි අද ඒ සහසික යටත් විජිතකරණයේ දේවල් ගැන උදම් අනනවා. උන්ගෙන් ගත්ත සංගීතය සහ කෑම රස විඳිනවා. ඉංග්‍රීසි බැරි නම් ඌ ගොඩයෙක් කියන තැනට අපි උන්ව වැලඳගෙන. කොටින්ම කිව්වොත් අපිට එච්චර හදියක් කරපු සුද්දට අපි මහත් උජාරුවෙන් අපේ පස්චාත් භාගය දෙනවා.

අපි චීනුන්න්ට වෛර කරන තරම් මේ අපිව තලා පෙලා දාපු ජාතින්ට වෛර කරන්නේ නැහැ. මොකද උන් යනකොට කලුසුද්දෝ ටිකක් හදලා ගිය නිසා. උන් අපිට පුරුදු කලා ඔය සුද්දන්ට දෙන සංස්කෘතිය.

අපේ අස්ලවැසියා ඉන්දියාව වුනාට වසර 2500 පුරාම චෝලයෝ, පාණඩයෝ මේ රට ආක්‍රමණය කලා.

ලංකාවේ කොටි පුහුණු කරපු එක රටක් තමයි ඉන්දියාව. බලෙන්ම සාම සාධක හමුදාව එව්වා. මේ රටේ රජය තඹයකට ගනන් ගන්නේ නැතිව යාපනයට ගුවන් මගින් ආහාර දැම්මා.

මෙච්චර කරලත් අපිට ඉන්දියන් විරෝධයක් ලොකුවට නැහැ.එහෙම වෙන්න පුලුවන් එකම හේතුව සිංහයෙකුට දාව එන පවුලකින් ආපු විජයගෙන් පැවත එන ජාතකේ නිසා විය යුතුයි.

1977 ජේ.ආර් ලංකාව ගිහින් දැම්ම අමෙරිකන් බොක්කේ. යැංකි ඩිකී කියන්නේ නිකං නෙවෙයි එතුමට. ඉරණවිල අක්කර 1000ක භූමියක් දුන්නා”Voice of America ” කියන රේඩියෝ විකාශයට.ඇත්තටම ඒක බෝඩ් ලෑල්ලක් විතරයි. කලාපයේ ඔත්තු බැලීමේ කේන්ද්‍රස්ථානයක් වුනේ ඔතැන. පසු කාලීනව එල්.ටී.ටී.ත්‍රස්තවාදීන්ගේ සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස පාවිච්චි කල බවට ලොකු චෝදනා තිබෙනව. ගුවන් ධාවන පථයකුත් එහි තිබු බව සඳහන් වෙනවා. නමුත් රාජ තාන්ත්‍රික මුක්තිය යටතේ එම භූමිය තුලට අපේ ආරක්ෂක අංශ වලට හැකියාවක් තිබුනේ නැහැ.

කොටි සංවිධානය බළල් අතක් විදියට යෝදාගෙන ඇමෙරිකාව තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය හොඳට ක්‍රියාත්මක කලා. එයට තර්ජනයක් වන නායකයින් දේශපාලන සිතියමෙන් ඉවත් කලා. කොටින්ම කිව්වොත් කලාපයේ භූ දේශපාලනික පැවැත්ම වෙනුවෙන් අපේ රට වසර 30ක් උඩ දුවපු යුද්ධයකට තල්ලු කලා. ඒ යුද්ධයේ බිහිසුණු බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එක පැත්තකින් ත්‍රස්තවාදය පෝෂණය කරන ගමන් රටේ ආර්ථිකය උන්ටම ඕන විදියට හැසිරුවා IMF ප්‍රදාන සහ කොන්දේසි මගින්. අපි ඇමෙරිකාවට ඇඟලුම් යවලා ගත්තා ආදායමත් එක්ක ඒ කරපු විනාසය සංසන්දනය කරන්නවත් බැහැ.

මෙච්චර කරලත් අපිට ඇමෙරිකන් විරෝධයක් ලොකුවට නැහැ. පොඩි එකක් තිබ්බත් ඒක චීන විරෝධය තරම් ලොකු නැහැ.

ඉතින් මේ සියළු ඉතිහාසය පරයා මෙච්චර ලොකු වෛරයක් තරහක් ඇති වෙන්න චීනා අපිට මොකද කලේ?

1952 අපේ රබර් නිශ්පාදනය විකුණා ගැනීමේ විසාල අපහසුවක සිටි අවස්ථාවේ එම අපහසූව විසඳමින් ලෝක වෙලෙඳපලේ අගයට වඩා 40% ගෙව්වා පමණක් නොවෙයි, සහල වෙලෙඳපලෙ අගයෙන් 1/3 කට පමණ අඩුවෙන් දුන්නා.
1962 බන්ඩාරනයක සම්මන්ත්‍රණ ශාලාව ප්‍රදානය කලා. චීන ශ්‍රි ලංකා සම්බන්ධතා වර්ධනය වෙද්දි එවක විපක්ෂය වු එජාපය මේ රට චීන කොලනියක් වෙන බවට විශාල ප්‍රචාරයක් ගෙන ගියා.

චීනය නොහිටින්නට 30 වසරක යුද්ධය අවසන් කිරීමත් සිහිනයක්.ඒ දීපු සහය තුන් ආකාරයක් ගත්තා.
යුද්ධයට අවශ්‍ය අවි, බර අවි නිසි වේලාවට සංග්‍රාම භූමියට සැපයුවා.යුද්ධය තීව්‍ර වෙනකොට චීන්නු බඩු එව්වේ ණයවර ලිපියකුත් නැතිව. මොකද පොඩි ප්‍රමාදයක් කියන්නෙත් අපේ කොල්ලන්ගේ ජීවිත වලින් වන්දි ගෙවන්න වෙන නිසා.
ඒ අතරතුර බටහිර රටවල් තමන් වදපු කොටි සංවිධානය විනාස කරන එක නවත්වන්න ආරක්ෂක කවුන්සිලයේ යෝජනා ගේන්න හැදුවා. රුසියාවයි චීනයයො ලොකු අයියලා දෙන්න වගේ ලංකාව බේරුව. ඔය බාහිරින් යුද්ධය නවත්වන්න තිබ්බ හැම එකක්ම යටපත් කරන්න උදව් කලේ චීනය.
බටහිරයන් එතනින් නැවතුනෙත් නැහැ..අපේ රටට නියමිතව තිබු ණය ප්‍රදාන බොහෝමයක් අහෝසි කලා. යුද්ධයට ඕනෙම වෙලාවේ මුල්‍ය හයිය දුන්නේ චීන්නු. අමතක කරන්න බැරි තවත් රටවල් තමයි රුසියාව සහ පකිස්ථානය.ඒ තමයි සැබෑම මිත්‍රයෝ!

යුද්ධෙන් පස්සෙත් චීන්නු සෑහෙන ව්‍යාපෘති ලංකාවට ගෙනාව. සමහර ඒව නම් ඵලකුත් නැති ඒවා මේ රටට .අපිට ඔය අතරේ ණයත් දුන්නා. ඔය ණය නිසා තමයි සමහරු හූල්ලන්නේ රටම ණය කරනවා කියල. නමුත් තවමත් අපි චීනයට ණය ප්‍රතිශතය 10% අඩුයි. අපි ඊට වඩා ණයයි IMF එකට සහ ADB එකට. පොලොන්නරුවට අංග සම්පූරාන වකුගඩු රෝහලක ප්‍රදානය කලා චීන්නු. චීනා ත්‍රස්තවාදය පෝෂණය කරලා ජන සංහාර කරලා නැහැ. රටවල් වලට බලහත්කාරයෙන් ආර්ථික මොඩල් පටවලා නැහැ.

චීන්නුන්ටත් භූ දේශපාලනයක් තියෙනවා! මොකද මේ ලෝකේ බටහිර එකාධිකාරියට ගහන්න නම් තමන්ගේ ආර්ථිකය දියුනු වෙනකොට සංග්‍රාමික වශයෙන් වැදගත්වන තැන වල ස්ථානගත වෙන්න අවශ්‍යයි. හැබැයි අදටත් උන් ඒක ජාතීන් බේද බින්න කරලා,කොටවලා ලේ සොලවලා කරලා නැහැ.

එහෙනම් ඇයි මේ චීන විරෝධය?
අර ඉහත කී අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වලට අවශ්‍යයි තමන් සියවස් ගණනක් පුරා ගොඩ නගා ගත්ත ඒ බලධිකාර්‍යය පවත්වා ගන්න. ඉතින් සියුම්ව අපිව පෙල ගස්වනවා පොදු සතුරෙක් ලෙස චීනය දෙස බලන්න. ඒකට මූලික ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හොඳින්ම යොදා ගන්නවා. අද ඔය සිරස කරන්නෙත් ඒක. උන්ගේ බළල් අතක් නිසා තමයි යුද්ධය වෙලාවේ කොටින්ට හෙනටම ඇද්දේ.අද සමහර උන්ට ඒවා අමතක වුනාට රටට ලැදි උන්ට ඒවා මතකයි. රටම යුධ පෙරමුණකට රොද බඳිද්දි සිරස කලේ කොටි සුරතල් කරන එක. අද සිරස නඩත්තු වෙන්නෙත් බටහිර සහ ඉන්දියානු භූ දේශපාලනික න්‍යාය පත්‍රයේ මාධ්‍ය පෙර ගමන්කරුවා විදියට තමයි.සිරස පාර කියන්නේ කොයිබටද කියල්ල දන්නෝ දනිති!

එහි ප්‍රථිඵලයක් නිසා තමයි අද ජව්පෙ අනුර කුමාර වැනි අය මේකට යොදා ගන්නේ. ජවිපේ දේශපාලනය අද මොකක්ද කියන්න අනුරවත් දන්නේ නැහැ.නමුත් උන් ලෝකෙට පෙන්න උස්සන් යන්නේ වාමාංශික මතවාදය. එහෙව් වාමාංශික පක්ෂය කොම්යුනිස්ට් රටකට මෙච්චර ගහන්නෙ ඩොලර් දොල පිදේනි නිස තමයි. අද ජවිපය මතවාදයක් නැහැ. උන්ගේ හෘද සාක්ෂිය විකුණලා, වාමාංශික මතවාදයත් උනා දාල අද ජවිපෙ කරන්නේ බටහිරට ගණිකා වෘත්තියේ යෙදීම. වමට සිග්නල් දාල ජවිපෙ දකුණට හැරෙව්වේ ඔය ගිරිය පුප්පන ඇස් ගෙඩි ලොකු කරන කට උල් කරන 3% අනුර කුමාර.

අවසානයේ ඉන්දිය කොම්පැණිය කෝවිඩ් එන්නත් මිලියන12ක ඇණවුම දෙන්න බැහැ කියලා හෙනයක් වගේ පොල්ලක් තිබ්බම ඒ අවස්ථාවෙත් පිහිටට ආවේ චීනය. අද තව එන්නත් ලක්ෂ 5ක් එනවා. ඒ අතරේ ජුනි අග වෙනකොට එන්නත් ලක්ෂ 130ක් ලංකාවට එවන්න චීන්නු ලහි ලහියේ වැඩ.

අපි ඉතින් මේ ලණු කාලා අපිට තීරණාත්මකම අවස්ථාවල පිහිටටා ආපු මිත්‍ර චීනයට පහර ගහනවා. හැබැයි අපිට නොසෑහෙන්න ඇරපු උන්ව උජාරුවෙන් වැලඳ ගන්නවා!

අන්තර් ජාලයෙන්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More