මුහුණු පොතෙන්

කැස්බෑව පුදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දැල්තර බටහිර ග්‍රාමනිලධාරි වසම මේ වනවිට සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ කොරෝනා ව්‍යසනය නිසා හුදකලා කර ඇති අතර හුදකලා කොට වසම්වල ජනතාව වෙත රජය මගින් පුදේශීය ලේකම් කාර්යාල හරහා බෙදා දෙන රු. 5000 ආහාර මලු බෙදා දීමේ වැඩසටහන දැල්තර බටහිර වසම තුලද ක්‍රියාත්මක කිරීමට කටයුතු සුදානම් කෙරුණු අතර ග්‍රාම නිලධාරිතුමියගේ මුලිකත්වයෙන් අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ සහ පුජා නායකයින්ගේ සහයෝගයෙන් ක්‍රියාත්මක කෙරුණි.

අදාල වසම සදහා අවශ්‍ය ආහාර මලු සූදානම් කොට පුදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් මාකන්දන ප්‍රෙද්ශයේ සදසිරි නමි ආයතනයක් විසින් ආහාර මලු අදාල වසමේ ග්‍රාමනිලධාරි තුමිය වෙත ලබා දී තිබුනි. ග්‍රාමනිලධාරිතුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ පුජා නායකයින් මෙම ආහාර මලු ජනතාව වෙත බෙදා දීමට කටයුතු කරන ලදි.

ඒ අතර තුර පුදේශවාශීන් විසින් ආහාර මලු වල අදාල බඩු පුමාණය නොමැති බව නිලධාරීන් හට පුකාශ කොට ඇති අතර ඒ වන විට PCR පරීක්ෂණය සිදු කොට වාර්තාව පමාද වීම නිසා නිවසේ රැදි සිටි අදාල වසමට අයත් කොට්ඨාශයේ මහජන නියෝජිතයා ලෙස දුරකථනය මගින් අපවද දැනුවත් කරන ලදි. ඉන් අනතුරුව දුරකථනය මගින් ප්‍රෙද්ශය ලේකම්තුමා දැනුවත් කිරීමට අප විසින් කටයුතු කරන ලදි. ප්‍රදේශයේ ලේකම්තුමා විසින් ආදාල ආහාර මලු කිහිපයක් ගෙන්වා පලරික්ෂා කොට ආදාල සැපයුම්කරුවන්ට එහි අඩුපාඩු භාණ්ඩ ජනතාව වෙත නැවත ලබාදීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

මේ තත්වය අතර තුර ජනමාධ්‍ය ජනතාවට සිදු වූ බරපතල අසාධාරණය පිළිබඳ ජනමාධ්‍ය මගින් පුලුල් පුචාරයක් ලබා දෙන ලදී. එහිදි මෙහි වගකීම බාර පුධාන නිලධාරීයා ලෙස පුදේශීය ලේකම් තුමාගේ හෝ අදාල සැපයුම්කරුවන්ගේ මතය ජනමාධ්‍ය මගින් පුචාරය වූවානම් වඩා වැදගත් වුවත් එය එසේ සිදුවේ නැත. කෙසේ වෙතත් දැල්තර බටහිර වසමේ ජනතාවට සිදු වු අසාධාරණය පිළිබඳ දැල්තර බටහිර වසමේ ජනතාවට අදාල ප්‍රදේශයේ මහජන නියෝජිතයා ලෙස මාගේ කණගාටුව පුකාශ කරන අතර එම ආහාර මලු සැපයු ආයතනයට මාගේ විරෝධය පුකාශ කර සිටිමි. මේ වන විට අදාල සැපයුම්කරුවන් වු සදසිරි නැමති ආයතනය විසින් අදාල බඩු මලු වල ආහාර දුවය අඩුවීම සදහා බලපෑ හේතු පුකාශ කලයුතුය.

මාධ්‍ය ඉදිරියේ මේ පිළිබඳව පෙනි සිටි ජනතා විමුක්ති පෙරමුණ මෙහි ව්‍යාපාරික ආයතනයට ඇගිල්ල දිගු නොකිරීම මවිතයට හේතුවකි. ජවිපෙ පුදේශීය දේශපාලන නායකයින් මේ වනවිට සමාජ මාධ්‍ය මගින් වංචාව සිදුකල ආයතනය පෙනි පෙනී එම ආයතනය හිමිකරුවන්ට කිසිදු චෝදනාවක් සිදු නොකර කොට්ඨාශයේ පොහොට්වේ මහජන නියෝජිතයා වන ආපහට චෝදනා කරන්න පටන් ගෙන ඇත්තේ ජන්මෙට වඩා පුරුද්ද නිසා දැයි විමසා බැලිය යුතු නොවේද?. සමාජ මාධ්‍ය මගින් කටකතා වපුරමින් පිඩාවට පත්ව සිටින ජනතාවගේ ඇස්වලට වැලි ගැසීමේ මජර දේශපාලනය පිලිකුල් සහගත බව මනාව පැහැදිලිය. හොරකම සිදුකල වුන් වෙනුවට අප දෙසට ඇගිල්ල දිගු කිරීමෙන් ඇත්ත හොරාට පැනයාමට පාර කැපෙනා අතර ඇත්ත හොරා පෙනි පෙනි ජවිපෙ සාමාජිකයන් ස්සේ කරන්නේ ඇයිද යන්න විශාල ගැටලුවක් බව නොකියාම බැරිය… සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට..

නාගරික මන්ත්‍රී අතුල සේනානායක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More