මුහුණු පොතෙන්

(ෂම්මි පෙරේරාගේ මුහුණු පොතෙන්…)

1990 ගනන් වල සිරස සමඟ පෞද්ගලික අංශයට ගුවන් තරංගමාලා විවර කළාම මේ රටේ ගුවන් විදුලි වැඩසටහන් ඉදිරිපත් කිරීමේ ක්ෂේත්‍රයේ විශාල රික්තයක් ඇති වුනා.වැඩ සටහන් ඉදිරිපත් කිරීම සඳහා පැරණි අත් දැකීම් බහුල ගුවන් විදුලි ශිල්පීන් වෙනුවට ඒ ප්‍රධානියා තෝරගත්තෙ මේ දැන් උසස් පෙළ ලියල ඉවරවෙච්චි කොළු කෙලි රෑනක්ව.
ඒ රෑනෙ හිටපු සමහර කසකාරයො අළුත් පිට අපිට මාර ලෙස පෙනුනට..
කාලයක් යද්දි සිරස හා සිරස ක්‍රමයම දුර දිග ගෙනියපු අභිනව එෆ්.එම් ගුවන් විදුලි වලට ආපු සමාජ විවේචනයත්..
නිර්මාණශීලී බවෙන් තොර ගිරාපෝතක වාගාලාපයන් තවදුරටත් ඉවසිය නොහැකිය යන ප්‍රේක්ෂක මැසිවිළිත්..
එක්ක රට අළුත් මාධ්‍ය කලාවක් ඉල්ලන්න ගත්තා.
ඒත් ඒ වෙනකොට (එනම් පශ්චාත් එෆ්.එම් ගිරාපෝතක අවධිය වෙනකොට)අනාගත ප්‍රේමකීර්තිලා..අමරබන්දු රූපසිංහලා,ලලිත් එස්.මෛත්‍රීපාලලා,එඩ්වින් ආරියදාසලා,සීලරත්න සෙනරත්ලා,සමන් අතාවුදහෙට්ටිලා,හේම නලින් කරුනාරත්නලා සිය දහස් ගනනක් පාසල් වේදිකාවලම මියැදිලා යන්නැති.තුන්හුලස් ගුවන් විදුලිය හදපු ”කට මිස සිත නැති” ගිරා පෝතක සංස්කෘතිය සිය ආධිපත්‍යය ඒ වනවිට තහවරු කරගෙන උන්නා.
අභිනව ගිරාපෝතක සංස්කෘතිය තුල ඉඳගෙනත් විධිමත්,හරවත් හා නිර්මාණාත්මක යමක් කරන්න උත්සාහ කළ තමාලි පීරිස් වැනි විශිෂ්ඨ සන්නිවේදිකාවක් කාලය ඇවෑමෙන් විධායක හෝ අධ්‍යක්ෂක පුටුවල ඉඳ ගත් බවක් අප දුටුවේ නැහැ.ඈ නාලිකා කිහිපයකට මාරුවෙමින් ඇගේ මාධ්‍ය ගමන ඉක්මනින් කෙළවර කළා.ඒ 90 ගනන්වල මුළ මාධ්‍ය ජීවිතයට අත පොත් තියපු සැබෑ නිර්මාණශීලීන්ට මොකද වුනේ යන්නට එක් උදාහරණයක්..
2008 වෙනකොට රටේ අළුත් මාධ්‍යයක් බිහිවුනා.ඒ සකර්බර්ගෙ ගෙ ෆේස් බුක් මාධ්‍යය.අවුරුදු 13 ක් ඇවෑමෙන් ”සකා”ගේ මුහුණු මාධ්‍යය හමුවේ ඕනෑම වෙනත් මාධ්යයක් ලිලිපුට්ටෙක් වෙලා.
2019 ගෝඨාභය ජනාධිපති කරවන්න මොන මාධ්‍යයටත් වඩා ”සකා” ගෙ මාධ්‍යයේ අතින් වියදම් කරන් වැඩකරපු ෆේස්බුක් හමුදාව දායක වුනා.
ඒ හමුදාවෙ සත්‍ය ලෙස වගකීම් උහුලපු ස්වේච්ඡා ක්‍රියාකාරීන් විසිපහක් තිහක් තෝරගෙන ජනාධිපති මාධ්‍ය අංශයට පත් කරන්න ඒ කාලෙ යෝජනා වුනත් ඒ යෝජනා කාලයේ වැලි තලාවෙන් වැහිල ගියා.
ඒ මිනිස්සුන්ගෙ හයිය තිබුනෙ හිත්වල සහ ආධ්‍යාත්මයේ මිසක ඇට නැති දිවේවත් බ්‍රේක් නැති කටේ වත් නෙවෙයි.
එහෙම වුනා නම් ජනාධිපති මාධ්‍ය ඒකකය මල් හතට දිවවෙන්න ඉඩ තිබුනා…
-වින්දන-



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More