යුද්ධයේදී දිවිපිදූ ත්‍රිවිධ හමුදා යැපෙන්නන්ගේ සංසදයේ පාගමන අතරතුර එහි ආරක්ෂාවට ගිය පොලිස් ජීප් රථයකට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ ගල් ප්‍රහාරයක් හේතුවෙන් එම පාගමන සංවිධානය කළ ජඹුරේවෙල චන්ද්‍රරත්න හිමියන් අද (08) දින 11.00ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.
සිය සැමියන්ගේ විශ්‍රාම වැටුප ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගෙන යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන්ගේ බිරින්දෑවරු කොළඹ කොටුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා සාමකාමි පාගමනක යෙදෙන අතරතුර මෙම ගල් ප්‍රහාරය එල්ලවී තිබේ.
අනතුරුව උද්ඝොෂණයේ යෙදුණු 1000කට අධික පිරිස පොලීසියට ගොස් අත්අඩංගුවට ගත් ජඹුරේවෙල හිමියන් නිදහස් කරන්නැයි ඉල්ලා පොලීසිය වටකරගෙන සිටිති.
මෙම අවස්ථාවට සහභාගී වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරත්න හිමියන් පවසා සිටියේ මෙම පහරදීම උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට කළ දෙයක් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...