මුහුණු පොතෙන්

ඊයේ රාත්‍රියේ “වසරේ ජනප්‍රිය ම ටෙලිනාට්‍යට” හිමි SLIM-Nielsen Peoples Awards සම්මානය දිනා ගත් #දෙවෙනිඉනිම ටෙලිනාට්‍යයෙන් අපේ සමාජයට දෙන පණිවිඩ:
ඔබ ගැහැනියක නම්,
– රසට උයන්න දැනගෙන සිටීම විවාහ වීමට අවශ්‍ය ප්‍රධානතම සුදුසුකම බව මතක තබාගන්න.
– ගවුම් ඇඳීම ඔබට නුසුදුසු නිසා හැකි සෑම විට ම සාරි ඇඳීම තෝරා ගන්න.
– කොතරම් උගත්, ඉහළ රැකියාවක් කළ ද ඔබ සෑම විට ම පිරිමියාට වඩා පහත් බව අමතක නොකරන්න.
– ගෙදර වැඩපළ හොඳින් දන්නා මුත් උණු දේවලින් පිච්චෙන බව, මුවහත් දේවලින් කැපෙන බව ආදී සාමාන්‍ය දැනීම අඩු මට්ටම තිබීම වාසි සහගත ය.
– ගෙදර වැඩ කිරීම, බඩු ගෙන ඒම, අස්පස් කිරීම, පිරිසිදු කිරීම ආදිය සියල්ල ගැහැනුන්ට අයිති වැඩ බව තරයේ මතක තබාගන්න.
– කොතරම් වැඩුණු, ස්වාධීන ගැහැනියක වුව ද ළදැරියක සේ හැසිරීමට හා කතා බහ කිරීමට හැකි නම් එය පුරුෂ ආකාර්ශනය ළඟා කරදීමට හේතුවනු ඇත.
– ඇසුරු කරන පිරිමියා සමඟ බොරුවට තරහා වීම, රණ්ඩු කිරීම, නිතර ඇඬීමට හා ඔහු වටා සිටින අනෙක් ගැහැනුන්ට ඊර්ෂ්‍යා කිරීමට හැකි වීම අතිරේක සුදුසුකම් ය.
ඔබ පිරිමියෙකු නම්,
– මෙතෙක් ඔබේ මව විසින් කරදුන් සියලු ආවතේව, ඔබේ වැඩ එලෙස ම සිදු කිරීමට දක්ෂ ලේලියක් සෙවීමට ඔබේ මව වෙහෙසෙනු ඇත.
– දෙමාපිය මුදලින් මිළ දී ගත් වාහනයක් තිබීම, එය පැදවීමට පුළුවන් වීම මෙන් ම එහි යතුර කරකව කරකවා එයට හේත්තු වී සිටීමට හැකි වීම ද පිරිමිකමේ කොටසකි.
– තමන්ගේ කාමරය, නිවස අස්පස් කරගැනීම, රෙදි සෝදාගැනීම, කෑම සාදාගැනීම ආදී කිසිවක් කිරීමට තරම් හැකියාවන් ඔබට නොමැති වන තරමට ඔබ සාර්ථක පිරිමියෙකු බවට පත් වේ.
– ඉහත කිසිවක් කළ නොහැකි වුව ද රැකියා ස්ථානයේ දී මෙන් ම නිවසේ දී ත් අවසාන තීරණ ගැනීම ඔබ සතු වන නිසා වද වීමට අවශ්‍ය නොවේ.
– ඇසුරු කරන ගැහැනියට තනි ව කිසිවක් කරගත නොහැකි බව ඔබ නිතර මතක තබා ගත යුතු අතර ඒ නිසා ඇයගේ ආරක්ෂකයා ද ඔබ වේ.
– ඔබ වටා සිටින ගැහැනුන්ගේ හැඟීම් කෙරෙහි එතරම් සැලකිල්ලක් දැක්නොවිය යුතු අතර ඔබේ තීරණය සැම විට ම නිවැරදි ය.
– ගැහැනුන් යනු ගෙදර වැඩපළ කර දී, දරුමල්ලන් රැකබලා දෙන පිරිසක් යන ගතානුගතික මතය ඔබේ සිතට හොඳින් කාවද්දා ගන්න.
———————————————————–
මේ සම්මානලාභී ටෙලිනාට්‍ය විකාශනය වන සතියේ දිනවල රාත්‍රී 8.30ට, වික්පයක් ලෙස මිදුලට ගොස් විනාඩි 30ක් අහස දිහා බලාගෙන සිටීම ද කළ හැකි බව ඔබේ හය-හතර නොදත් දරුවාට, උගත් මිතුරාට හා කිව්වට දෙයක් පිළිගන්නේ නැති පවුලේ වැඩිහිටියන්ට පෙන්වා දෙන්න.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More