මුහුණු පොතෙන්

“දවල්ට බත් රෑට රයිස් “

March 22, 2021 5:54 am | Lanka Lead News

කිලෝමීටර් පහක් ශ්‍රී ලංකාවේ ඕනෑම පාරක ගමන් කලවිට මේ නාමපුවරුව ගසා ඇති හෝටලයක් ඔබට අනිවාර්යයෙන්ම හමුවේ .
භාෂාවට අනුව මේ දෙකම බත්ය. නැත්නම් rice ය. රෑට රයිස් වන්නේ දවල්ට ඉතුරු වුනු බත්ය. එයට අජිනොමොටෝ මේස හැන්දක් දමා ව්සි කරන එළවලු කෑලි ටිකක් දමා හතර පස් වතාවක් අඩි දෙකක් පමණ උඩ දමා ගත් විට රයිස් වේ .
පහතින් දැක්වෙන්නේ පසුගිය සති අන්තයක දිවයිනේ ජනප්‍රිය පුවත් පතක පලවූ පිටු අඩකට වඩා ඉඩ ගත් ප්‍රවෘති කිහිපයකි.
1) කමාන්ඩෝ සැමියා පලිය ගත්තේ ඇට කටු කුඩු කරලා මාවක් ඔයේ ගිල්ලලා.
2) පැලියගොඩ පොලිස් පහරදීමේ ඇත්තම කතාව මෙන්න.
3) නියත වශයෙන්ම ව්‍යාපාරිකයා ගිනි තියා ගත්තාද ගිනි තබා මැරුවාද ?
4) හිස සුන් තරුණිය සහ මාරක එස් අයි අවසන් ගමන් ගිය හැටි.
5) පන්නල හිමියන් අපවත් වුනේ ඇත්තටම කොවිඩ් එන්නත නිසාද ?
එම පුවත් පත් ආයතනයේම එම සති අන්තයේම ඉංගිසි පුවත් පතේ පළවුයේ පහතින් දැක්වෙන ප්‍රවෘතිය.
1) Eat right to reduce the cancer risk (පිළිකා අවදානම අවම කිරීමට නිවැරදිව ආහාර ගැනීම)
2) REFLECTIONS ON THE COVID PANDEMIC (කොවිඩ් වසංගතය පිළිබඳ ඉතා වටිනා විග්‍රහයකි .ශ්‍රී ලංකාව එයට සාර්ථකව මුහුණ දුන්නේ කෙසේද හා ලෝක වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාවට ඇති අභියෝග මනාව පැහැදිලි කර ඇත.)
3) ‘Hunger needs to be overcome before highways and high life’( ‘අධිවේගී මාර්ග හා උසස් ජීවිත වලට පෙර කුසගින්න ජය ගත යුතුය’ අධිවේගී මාර්ග සහ වෙනත් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වලට පරමුඛතාවය දීමට පෙර අඩු ආදායම් ලාභී ජනතාවගේ බඩගින්න ගැන වඩා සැලකිලිමත් විය යුතු වන්නේ ඇයි ගැන ලියවුනු වටිනා ලිපියකි .)
4) SLIM Sri Lanka unveils Agribusiness Entrepreneurship program (SLIM ආයතනය ශ්‍රී ලංකා කෘෂි ව්‍යාපාර ව්‍යවසායකත්ව වැඩසටහන එළිදැක්වීම. මෙය නවීන කෘෂි ව්‍යාපාර හා නවීන කෘෂිකර්මාන්තය පිලිබඳ සියලු ශ්‍රී ලංකික තරුණ ව්‍යවසායකයින් දැනගත යුතු කරුණු අඩංගු ලිපියකි. )
5) Biden FDA Moves to Tackle Heavy Metals in Baby Food! (ළදරු ආහාර වල ඇති බැර ලෝහ සහ එයින් ඔවුන්ගේ මොලයට වන හානි ගැන විග්‍රහ කරන වැදගත් ලිපියකි .)
6) Why does India not have a Geneva game-plan? (ඉන්දියාව ශ්‍රී ලංකාව ගැන ඇති වර්තමාන ස්ථාවරය සහ ජිනීවා මානව හිමිකම් සමුළුවේ අප සිටිනා ස්ථානය මනාව විග්‍රහ කර ඇති ලිපියකි .)
සිංහල ජනතාව සතියේ දින හතේම රාත්‍රී හතේ සිට දහය පමණ වන තුරු සිංහල හඬ කැවූ ඉන්දියානු කුණු කන්දල් නරඹා ප්‍රවෘති විකාශන වල පෙන්වන අදෝනා අසා අප්‍රසන්න වොයිස් කට් අසා සති අන්තයේ කියවන්නේද ඒවා නැවත විග්‍රහ කරන මෙවන් ප්‍රවෘතිය. රුපවාහිනි සහ පුවත්පත් දෙන්නේ මහජනයා ඉල්ලන දෙයයි . ඉංග්‍රීසි කියවන ජනතාවට ඔවුන් කැමති ප්‍රවෘතිත් සිංහල කියවන ජනතාවට ඔවුන් කැමති ප්‍රවෘතිත් පෙරා ලබා දී ඒ හරහා ඔවුන්ගේ පුවත්පත් ජනප්‍රිය කරවීමට මොවුන් සැබෑ දක්ෂයින්ය. ඔවුන්ගේ සැබෑ අරමුණ පුවත්පත විකුණා ගැනීම විනා ජනතාව දැනුවත් කිරීම නොවන බව ඉතා පැහැදිලිය . අනිත් වැදගත් කාරණය නම් ඉංග්‍රීසි උගත් මිනිසුන් ඕපාදුප සහ කතන්දර වලට වඩා ඔවුන්ගේ දැනුම ගැන සැලකිලිමත් වන බවය. සිංහල පමණක් උගත් මිනිසුන් සැමදා අපේක්ෂා කරන්නේ ඕපාදුප පමණක්ද ? ඔවුන් මේ තත්වයෙන් ඉහලට ඔසවා දැනුම ලබා දීමට පත්තර වලට නොහැකිද ? ඒවා කිරීමට ගොස් ඔවුන්ගේ අලෙවිය අඩුවේද ?
මෙවන් තත්වයක් හෝ පවතින්නේ යන්තමින් හෝ මෙරටේ සදාචාරය සහ බොදු සංස්කෘතියක් ඉතිරිව ඇති නිසා වන අතර එය නොවුනේ නම් මොවුන් අපට ලබා දෙනු ඇත්තේ නිල් පත්තරය.
එලොවටත් නැති මෙලොවටත් නැති මේවා දිනපතා කියවීමෙන් පිරිහෙන්නේ ශ්‍රී ලාංකික සිංහල උගත් ජනතාව නොවේද ?
“දවල්ට බත් රෑට රයිස් ”

ජේ ඒ ඩී ප්‍රසංග අල්විස්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More