මුහුණු පොතෙන්

බ්‍රිතාන්‍යයේ එක්තරා නගරයක ඒ පළාතේ සියළුම ව්‍යාපාරිකයින් සහභාගි වෙච්ච ආර්ථික සමුළුවක් පැවැත්වුනා. මේ සමුළුවේදී ඒ නගරයේ පිහිටි ප්‍රධාන පෞද්ගලික බැංකුවේ ප්‍රධානියා සමුළුව අමතලා මෙහෙම කතාවක් කළා…
“පාපැදි කරුවෙක් කියන්නේ ගමකට, නගරයකට, පළාතකට, වගේම රටකටත් විශාල කරදරයක් වගේම රටේ ආර්ථිකයට විශාල ව්‍යසනයක්…
බලන්න ඔහු කවදාවත්ම මෝටර් රථයක් මිළදී ගන්නේ නෑ… කවදාවත් කාර් එකක් වෙනුවෙන් අපෙන් ණයක් ඉල්ලගෙන එන්නේ නෑ… කාර් එකක් වෙනුවෙන් රක්ෂණයක්, ලියාපදිංචි සහතිකයක් ගන්නේ නෑ… ඔහු කවදාවත් කාර් එකක් වෙනුවෙන් ඉන්ධන මිළදී ගන්නේ නෑ… සර්විස් එකක් කරගන්න අලුත් වැඩියාවක් කරගන්න කවදාවත් ගරාජ් එකකට යන්නේ නෑ… කවදාවත් සල්ලි ගෙවලා වාහනයක් රථ ගාල්වල නවත්වන්නේ නෑ…
කොටින්ම… ඒ මිනිස්සූ වාහනයක් පාවිච්චි කරන්නේ නැති නිසා තරබාරු වෙන්නෙත් නෑ…
ඔව්… ඒ මිනිස්සු හොඳින් ඉන්නවා… ඒ මිනිස්සුන්ට කිසිම ලෙඩක් නෑ… සෞඛ්‍ය සම්පන්න මිනිස්සු රටේ ආර්ථිකයට විශාල ප්‍රශ්ණයක්… ඔවුන් අපේ ආර්ථිකයට කිසිම දායකත්වයක් දක්වන්නේ නෑ… අපේ රටේ ආර්ථිකයට ඔවුන් අවශ්‍ය වෙන්නෙත් නෑ…
ඔවුන් නිතරම රෝහල් වලට යන්නෙත් නෑ… නිතරම වෛද්‍යවරුන් හමුවෙන්න යන්නෙත් නෑ… ඔවුන් කිසිම ඖෂධයක්වත් මිළදී ගන්නේ නෑ… අනික ඔවුන් මැරෙන්නත් සෑහෙන කාළයක් යනවා… ඒ නිසා අවමංගල්‍යය සේවාවන්ටත් ඔවුන්ගෙන් කිසිම දායකත්වයක් නෑ…
ඔව්… ඔවුන් රටේ දළ දේශීය නිෂ්පාදනයට දායක වෙන්නේ ඉතාමත්ම අඩුවෙන්…
ඒ වගේම… මෙහෙමත් බලන්න…
වාහන වලින් එදිනෙදා එන කාර්‍ය්‍ය බහුල මිනිස්සු නිසා අලුතෙන් විවෘත කරන හැම මැක්ඩොනල්ඩ් අවන්හලකින්ම අවම වශයෙන් රැකියා 30ක් විතර නිර්මාණය වෙනවා… ඒ වගේම අවුරුද්දකට මේ නිසා හෘද රෝග විශේෂඥ්ඥයින් වගේම වෙනත් රෝග සඳහා විශේෂඥ්ඥ වෛද්‍යවරුන් සෑහෙන දෙනෙක් බිහිවෙනවා… ඒ වගේම දන්ත වෛද්‍යවරුන් බිහිවෙනවා… ඒ වගේම යෝගා ගුරුවරු, ෆිට්නස් කෝචර්ස්ලා, බර අඩුකර දෙන එක්ස්පර්ට්ලා මේ හැමෝම මෙයාලා නිසා හොඳින් ජීවත්වෙනවා…
බයිසිකල් පදින අය මේ කිසිවෙකුටත් දායකත්වයක් දක්වන්නේ නෑ…
ඊටත් වඩා හපන් ජොගින් කරන සහ ඇවිදීමට පුරුදුවෙලා ඉන්න මිනිස්සූ…
ඒ මිනිස්සූ බයිසිකල් එකක්වත් සල්ලි දීලා ගන්නේ නෑ…”
– ධම්මික සමරතුංග –
සිහි බුද්ධියෙන් වැඩ කිරීම ,
නිවැරදි දැක්ම අපි දියුණු කර ගත යුතු නොවේද .
අනෝජා වීරසිංහ මහත්මියගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී!



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මුතුරාජවෙල රැකෙයිද?

දැනට නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින මුතුරාජවෙල තෙත්බිම පරිසර අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ විෂයපථය යටතට ගෙන ඒකාබද්ධ ...


Read More

සහරාන්ගේ මුල් ඉලක්කය දළදා පෙරහැර – පාස්කු කොමිෂන් සභා වාර්තාව

පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම් විසින් සැලසුම් කරන ලද මුල්ම සැලැස්ම මහනුවර ඇසළ පෙරහරට පහරදීම යැයි පාස්කු ඉරුදින ප...


Read More

ඊයේ (24) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී බරපතළ දේශපාළන තීන්දු රැසක්

ඊයේ (24) දින පස්වරුවේ; හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්, පක්ෂ කාර්යාලයේදී රැස්වූ ශ්‍රී ලංකා නිදහස්...


Read More