මුහුණු පොතෙන්

සාගර කාරියවසම්. නාමික පොදුජන පෙරමුණේ ලේකම් වුනාට බැසිල් මහත්තයාගේ පෞද්ගලික ලියන්නා කීවොත් නිවරදිය. ( ඒක අපහාසයක් නෙවේ රට දකින ඇත්තය.)
ඇත්තටම ඔහු කර තිබෙන කාර්යභාරය ( බැසිල් මේ තරම් වැඩ්ඩෙක් වුනේ එයා හිංදා බව නම් මට සහතිකය) බලපුහම 2015 බැසිල් කන්න බොන්න දීලා හදපු බදුර්දීන් ලා පවා කොකා පෙන්නලා යනකොට අයියන්ඩි බිය නොවන්න බලය ගන්න හැටි පෙන්වන්නෙමි ඔබ ඇමරිකාවට ගොස් විවේකයක් අරං එන්න කියලා බැසිල් යැව්වේ සාගර කාරියවසම් බව මට නම් සහතිකය.
ඔහුට අනුව සාගරලා බැසිල්ලා අපමණ වෙහෙසක් දරා ශ්‍රිලනිපය විනාශ කරලා පොදුජන පෙරමුණ හදලා තියෙන්නේය. ඒ හංදා ඒකට මහින්දගෙන් පස්සේ අනුප්‍රාප්තිකයා ගැන අදහසක් රටට කියනවනම් ඒ ගැන බැසිල්ගේ පෞද්ගලික ලියන මහත්තයා ලවා අනුමත කරගන්න ඕනෑය.
හෙට මහින්ද දඩාස් ගා මැරැණොත් පොහොට්ටුව ලකුණින් ජන්දය ඉල්ලූ අය පොහොට්ටුව ලකුණට ජන්දය ගහපු අය සාගර කාරියවසම් ලියන මහත්තයා බැසිල් මහත්තයාගේ නිර්දේශයට අනුව ඉදිරිපත් කරන නම නායකයා කියා සියල්ල සතුටින් භාර ගතයුතුය. ලියන මහත්තයා කෑ ගහලා කියන්නේ ඒ ටිකය.
සාගර කාරියවසම් ලියන මහත්තයට මහින්දගෙන් පස්සේ රටේ ජනතාව මහින්දට කරන ගෞරවය ඊටත් වැඩියෙන් බැසිල් මහත්තයාට කරනවා දකින්න ආශාවක් තියෙන්න පුළුවන. සමහර විට ඒ බැසිල් මහත්තයාගේත් ආශාව විය හැකිය. අපි ඒකට අපහාස කරන්නේද නැත.
නමුත් සාගර කාසියවසම් ලියන මහත්තයා දැනගන්නත් යමක් තියෙන්නේය. ඒනම් මහා බලවේගය සම්පුර්ණ බැසිල් මහත්තයාගේ බූදලයක් නොවන බවය. ගෝඨාභය ජනාධිපති දැනට පක්ෂයකට අයත්නැත..නමුත් ඔහු වසර 10 අවසානයේ මහා බලවේගයේ නායකයා ලෙස ජනතාව මහින්ද නැති දාක පිළිගැනීම සාගර කාරියවසම් ලියන මහත්තයාලාට වලක්වන්න බැරිබවය. එතැනදී පොදුජන නිදහස් සංධානයේ ප්‍රධාන පක්ෂයේ රාජපක්ෂ නාමකරණය යටතේ ඔහු ස්ථානගතවිය යුතු බව පමණක් විමල් වීරවංශ සදහන් කරේය. එහෙම නැත්නම් පොඩි පක්ෂයක ඔහු නතර කරන්නට වන නිසාය.
සාගර කාරියවසම් ලියන මහත්තයට තද වුනේ බැසිල්ට ඉහළින් ගෝඨාභය රාජපක්ෂ නොම්බර 02කට මහින්දගෙන් පස්සේ එන එකට නම් කේන්තිය සාධාරණය. සමහර විට කියාගන්න බැසිල්ට බැරි වුනත් ඇත්ත සාගරගේ කටේ වචන විය හැකිය.
පොදුජන පෙරමුණේ ඊලග නායකත්වයට මහින්දගෙන් පස්සේ එන කෙනා බැසිල්ලාට සාගර කාරියවසම් ලියන මහත්තයාලාට තෝරන්න පුළුවන. නමුත් අපි කීවේ සංධානය තුළ අපි ඉන්න විට සංධානයේ ඉදිරිය බලා රටේ මතය බලා අපේ අදහසය. ඒකට බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ලියන්නා මෙච්චර කලබලවෙයි කියලනම් අපි හිතුවේත් නැත. පොදු සංධානයක ඉන්න විට අනුන්ගේ මතයන් බාරගන්න විදිහ ලියන මහත්තයා ඉගන ගත යුතුය .
සාගර කාරියවසම් ලියන මහත්තයට අනෙක් පක්ෂ වල ඊලග නායකයා කවුද කියා ඔය වගේම මතයක් ඉදිරිපත් කරලා බලන්න ලියන මහත්තයා කුලප්පු වූ ආකාරයට මයික්‍රෆෝන ඉදිරියට ඇවිත් ඒ පක්ෂ වල ලේකම්ලා ඇසිස්ටන්ට්ලා හැසිරෙන්නේ නැත. මොකද පිනට පාර්ලිමේන්තු ධුරයක් ලැබුනට ඒපක්ෂ වල ලේකම්ලා ලියන්නලා සාගර කාරියවසම් වඩා අත්දැකීම් සහිත දේශපාලනය කියවා සිටින අය නිසාය. ඒ හංදා ලියන මහත්තයා මුලින්ම අන් අදහස් දරාගන්න හුරු විය යුතුය.
විමල් වීරවංශ එක්ක ලංකාවේ ඕනෑම දිස්ත්‍රික්කයක පොහොට්ටු ලකුණෙන් සාගර කාරියවසම් ලියන මහත්තයා තරග කරොත් ජනතාව ලියන මහත්තයාට පිළිතුරු දෙනු ඇත. එමනිසා පොදුජන පෙරමුණ නැමැති පක්ෂයේ නාමික ලේකම් තුමා රටට විහිළු සැපයීම නොකර යුතුය.
සාගර කාරියවසම් ලියන මහත්තයා කැමති වුනත් නැතත් මහින්දගෙන් පස්සේ මහා බලවේගයේ ඊලග අනුප්‍රාප්තිකයා ජනතාව බලාපොරොත්තු වන්නේය. එය පොදුජන සංධානයේ සහෝදර පක්ෂ වල කැමැත්ත මත සිදුවිය යුතුය. තමන්ට කැමති නෙවේ කියා සංධානයේ සහෝදර පක්ෂ එලවා කන්න යමක් දීලා පාලනය කරගන්න පුළුවන් එහෙයියන් පක්ෂ එක්ක යන්න පුළුවන් කියලා හිතනවනම් ඒක ලියන මහත්තයට වැරදීමකි.
කොවිඩ් 19 මගින් මියයන මුස්ලිම් සිරුරු භූමදානයට ඉඩ දෙනවා 20හි ද්විත්ව පුරවැසිබව සහිත පාර්ලිමේන්තු සහභාගීත්වය සහතික කරන්න ජන්දය ගත්තා වැනි නොහොබිනා කප්පම් දේශපාලනය මගින් ගමනක් යන්න බැරිය. ඒ ගේම් දේශපාලනය නිසා රනිල්ට සහ එජාපයට උරුම වුන කුණූ කූඩය ලියන මහත්තයාගේ බොස්ටද පොහොට්ටු පක්ෂයට අත්වෙන්න ඉඩ නොදෙන ලෙස වැඩ කිරීම ලියන මහත්තයාලාට අයිතිය.
දැං සාගර කාරියවසම් ලියන මහත්තයා මට විමල් කුලී දීලා ලියවනවා කියන්න පුළුවන..සාගර කාරිියවසම් ලියන මහත්තයාට නම් අදාල නායකයාගෙන් ලැබෙන යැපීම් සහිත බව අපට ඔප්පු කර පෙන්විය හැක. නමුත් මේ ලියන මට විමල්ගෙන් ශත පනහක් ලැබෙන බව ලියන මහත්තයා සනාථ කරනවනම් දේශපාලනය නතර කරමි.
මේ රටේ සංස්කෘතිය ගලා යන ආකාරයක් තිබෙන්නේය මිනිස්සු ඉල්ලන අනුපිළිවෙලක් තිබෙන්නේය. එය සෙට්ට පෝචිචි කරන්න ගිය බොහෝ ව්‍යාපාර ජනතාව විසින්කුඩු පට්ටම් කල බව ලියන මහත්තයා දැනගතයුතුය..
අපි ලියන මහත්තයාට කියන්නේ තවම ඔබ ලංකාවේ විශාලම පක්ෂයේ නිළ නොලත් ලේකම් සහ ස්ථිර ලියන මහත්තයා වුනාට මහපොළව හදුනාගෙන නොමැති බවය.
ඔබ මුරුංගා අතු වල නග්ගවන අය අතු කඩාගෙන බිමට වැටෙන දාට ලග නොසිටින්නට පුළුවන..ඒ නිසා මේක ලියපං කියපං කියන කොටම මයික්‍රෆෝනය ඉස්සරහට එන්න කලිං අඩුම තරමේ පක්ෂයක ලේකම් කෙනෙක් හැසිරෙන විද්වත් ආකාරයවත් ටිකක් අධ්‍යයනය කර පැමිණෙන්න කියා ලියා තියන්නේය.
…………. නුවන් මොණරවිළ ………………….



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More