මුහුණු පොතෙන්

කෙනෙක්ව මැරුනහම අපහාස කරන්න හොඳ නෑ. මිනි මරපු කෙනෙක් උනත් අපි ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒක තමයි අපේ ක්‍රමය . නෙවිල් ප්‍රනාන්දු මහත්තයට කවි සින්දු ලියනවා අපට මේ දවස්වල පේනවා ඒ නිසා මේ අදහසත් කියවන්නකෝ.
ඔහු හැමදේම කරන්න ඇති ආයෝජකයෙක් හැටියට ඒවායෙන් සාර්ථකත්වය ලබන්න ඇති. මිනිසුන්ට රැකියා දෙන්න ඇති.නමුත් එක දෙයක් වරද්ද ගත්තා. ඒ විතරක් නෙමේ ඒ නිසා මේ රටේ විශාල තරුණ පිරිසක් අසරණ කළා.ඔවුන්ගේ අනාගතය වසර ගණනාවක් ආපසස්ට හැරෙව්වා පළමුකොට ම ඔහුගෙ ආයතනයෙන් ඉගෙන ගත්ත සිසුන් …
ඇත්ත ඔහු මේ රටේ වෛද්‍ය පීඨයකට හෝ ඉංජිනේරු පීඨයකට යන්න බැරි z score අගය ආසන්න තියෙන ළමයි කිහිප දෙනෙකුව තමන්ගේ වෛද්‍ය පීඨයට ඉංජිනේරු පීඨයට බඳවා ගත්තා. ඒ ළමයි විකුණලා තව ළමයි බඳවා ගත්තා. ඒ අතර උසස් පෙළ සමත් නැති ළමයි හිටියා .
ඉංජිනේරු පීඨ හිටපු ළමයි කලින්ම වෙන වෙන ආයතන වලට ගියා .
වෛද්‍ය පීඨ හිටපු ළමයි රජයේ වෛද්‍ය පීඨවල දාන්න එපා කියලා අනෙකුත් කණ්ඩායම් කෑගහද්දි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍ය පීඨ ආචාර්ය වරුන්ගේ සහ දෙමාපිය සංගම් වල මැදිහත් වීමෙන් ඔවුන්ව කොතලාවල ට දාලා ඔවුන්ගේ ජීවිතය මේ වන විට ගොඩ නගමින් පවතිනවා. කොතලාවල වෛද්ය පීඨ ඉන්න ආචාර්යවරුන්ගෙන් ඇහුවොත් කියාවි සයිටම් ළමයින්ගෙ අධ්‍යාපන තත්වය. ළමයි තිස් පස් දෙනෙක් අයින් කලා උසස් පෙළ අසමත් අය …

බරපතළ කාරණය ඕක නෙමෙයි ඒ හේතුව නිසා රටට වෙච්ච විනාශය අදටත් ඒ පව අප ගෙවෙමින් සිටින්නේ. 6.7 ක ට තිබුණු ආර්ථික වර්ධන වේගයක් සහිත ශ්‍රී ලංකාව 2.7 ක් දක්වා ආර්ථිකය පහළ වැටුනා. රටේ යුද වීරයෝ යුද්ධ අපරාධය කරල 30/1 ජිනීවා වලට මංගල සමරවීරලා අරන් ගියේ මහ බැංකුව මංකොල්ල කෑවේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ …
රටකට අනවශ්‍ය දෙයක් කරන්න ඒ ගිහිල්ලා. ඒ තමයි කුප්‍රකට සයිටම් ආයතනය. ඒ නිසා ඇති වුණු මහජන අප්‍රසාදය හේතුවෙන් රටේ ජනප්‍රිය නායකයා වුණු මහින්ද රාජපක්ෂ මහත්තයාට 2015ක් ගෙදර යන්න වුණා. එක හොඳකුත් සිද්ධ වුණා.2019 යහපාලන ආණ්ඩුවටත් ගෙදර යන්න වුණා. රාජිතලා බලු වුණා.

තවත් අ තු රු කතා ගොඩක් තියෙනවා. නමුත් ඇත්ත කෙටියෙන් ලිවිය යුතුයි කියලා මට හිතුණා. හම්බන්තොට හාබර් එක්ක චීනෙට විකුණල ලැබෙන මුදල අවුරුදු අනූ නවයකට නම් ???? …
එදා අගය අනුව මිලියන එකසිය හැත්තෑ හයයි මාසික ව. නමුත් 2017 අගෝස්තු මස ඉඳලා අදටත් රුපියල් මිලියන 250 ක් මාසිකව නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහලට ගෙවනවා. මේ වන විට රුපියල් බිලියන දහයකට 10 කට ආසන්න මුදලක් ගෙවලා තියෙනවා. ඒ මුදලෙන් රජයේ රෝහල් කීයක් හදන්න තිබුණ ද?

එතකොට හම්බන්තොට හාබර් එකට වඩා වටිනවා ද පුද්ගලික රෝහලක් …
මෙච්චර කාලයක් එහෙම ගෙවලත් එච්චර සුපිරි රෝහලක් වෙලා කර්මයට ද මන්දා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර මදි නිසා ප්‍රනාන්දු මහත්මයාටත් අන්තිමේදී අයි ඩී එච් යන්න වුණා එහි ප්‍රතිකාර ගත්තා. ඒක වරදක් නෙමෙයි.

මගේ තර්කය නම් ඊට කලින් අයි ඩී එච් රැගෙන ගියා නං ඔහුගේ ජීවිතය බේරගන්න තිබුණා. දෛවයේ සරදම කියන්නේ ඔහු ජනාධිපති ලේකම් කාර්යාලය ලඟදි මේ රටේ වෛද්‍යවරු මුහුදට දාන්න ඕනේ කියලා යෝජනාවක් කරා ඒ උනාට අන්තිමේදී එහෙම වෛද්‍යවරු සේවය කරන රෝහලකින් ප්‍රතිකාර ගන්නත් වුණා .

ඔහු අපේ රටේ ඉතිහාසය වෙනස් කළ මිනිසෙක්! ජනාධිපති වරයෙක් ගෙදර යැව්ව කෙනෙක් !

මෙතෙන්දි එක කාරණයක් දැඩිව මතු වෙනවා. ඒ තමයි අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවා තවදුරටත් පුළුල් කළ යුතුයි කියන මතය.

අපි ඔහුට ඇත්තටම නිවන් සුව ප්‍රාර්ථනා කරමු ! ඒක තමයි අපේ ක්‍රමය !

වසන්ත අල්විස්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More