මුහුණු පොතෙන්

කොරෝනා මෘතදේහ භූමදාන ඉල්ලීමෙන් මුළු ආණ්ඩුවම අපකීර්තියට පත් කළ අලි සබ්‍රි ඇමතිවරයාගේ අලුත්ම නාඩගම වී ඇත්තේ ලංකාවේ පොලීසිය හලාල් කිරීමට දැවැන්ත කුමන්ත්‍රණයක් දියත් කිරීමය.

> දෙමළ භාෂාව කතා කළ හැකි වීම විශේෂ සුදුසුකමක් ලෙස සලකා නීතිඥයන් 150ක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස බඳවා ගන්නට ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කිරීම මේ කුමන්ත්‍රණය වෙයි.

> පොලිස් දෙපාර්තමේන්තුව මහජනයාට නීතිමය වශයෙන් ලබාදෙන සහය කාර්යක්ෂම කිරීම නමැති තර්කයට මුවාවී ඉදිරිපත් කර ඇති මේ යෝජනාවේ අපූර්වත්වය වන්නේ එසේ බඳවා ගන්නා නිලධාරීන් දෙමළ භාෂා හැකියාව විශේෂ සුදුසුකමක් ලෙස සලකා බඳවා ගැනීමය.

> මේ ආකාරයට දෙමළ දන්නා නිලධාරීන් බඳවා ගනු ලබන්නේ බහුතරයක් දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශවල පුරප්පාඩු ආදිය සඳහා නම් එහි යම් සාධාරණත්වයක් ඇතැයි සිතිය හැකිය. එහෙත් මෙසේ බඳවා ගන්නා නිලධාරීන් දිවයිනේ පළාත් නමයම නියෝජනය කරන පරිදි පත් කිරීමට බලාපොරොත්තු වෙයි.

> මේ ආකාරයට එක් භාෂාවක් දැනගැනීම විශේෂ සුදුසුකමක් ලෙස සලකා පත්වීම් ලබාදේ නම් එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පවා පටහැනි කාරණයක් බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

> සාමාන්‍ය පටිපාටිය අනුව දෙමළ වැනි දෙවන භාෂාවක් දැන සිටීම සුදුසුකමක් වන්නේ ස්ථීර කිරීම් සහ උසස්වීම් සඳහා මිස බඳවාගැනීම සඳහා නොවේ. ඒ නිසා මෙය අලි සබි්‍රගේ අමුතුම නීතියක් බව පැහැදිලි කරුණකි.

> ප්‍රායෝගිකව මෙයින් සිදුවිය හැක්කේ පොලීසියේ ඉහළ තනතුරු රාශියකට තමන්ට හිතවත් මුස්ලිම් නිලධාරීන් පත්කරගැනීමට අලි සබ්‍රිලාට හැකියාව ලැබීමය. කාලයත් සමග ඔවුන්ට තවත් උසස්වීම් ආදිය ලැබීම සමග තව වසර කීපයක් ගතවන විට ලංකාවේ පොලිස් බල යාන්ත්‍රණය මුලුමනින්ම අන්තවාදීන්ගේ ග්‍රහණයට නතුවීම අනිවාර්යෙන්ම සිදුවන්නක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. අලි සබ්‍රි මේ දැන් සිටම සූක්ෂමව දැල එලන්නේ ඒ අරමුණ කරා යාම සඳහාය.

> හකීම් අධිකරණ ඇමතිවරයාව සිටි කාලයේ නීති විද්‍යාලයේ මහා පරිමාණ විභාග වංචාවක් සිදුකොට මුස්ලිම් සිසුන් අසාමාන්‍ය ප්‍රමාණයක් නීති විද්‍යාලයට බඳවා ගත් සිදුවීම අප මෙහිදී අමතක කළ යුතු නැත. අන්තවාදී ඇමැතිවරුන්ට රටේ වැදගත් තනතුරු හිමිවූ සෑම අවස්ථාවකම ඔවුන් කටයුතු කර ඇත්තේ ඉතා සූක්ෂමව හා දිගුකාලීනව තම අන්තවාදී අරමුණු ඉෂ්ට කරගැනීමටය.

> ප්‍රශ්නය වන්නේ අන්තවාදයට එරෙහි සුරක්ෂිත ජනවරමක් පිළිබඳ ජනතා අභිලාෂය ඉස්මුදුනේ තබාගනිමින් බලයට පත් ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව යටතේ පවා අද අන්තවාදීන් බඩ පිනුම් ගසන්නට පටන්ගෙන තිබීමය.

ඒ නිසා ජනාධිපතිවරයා වහා මැදිහත් වී මේ අන්තවාදී සුනඛයන් බැඳ නොදමන්නේ නම් ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වය කෙතරම් භයානකදැයි අමුතුවෙන් කිව යුතු නැත.

එදා රිෂාඞ්ලා, අසාද් සාලිලා අමු අමුවේ වපුරන්නට වූ මුස්ලිම් අන්තවාදය අද ක්‍රියාත්මක වන්නේ සද්ධර්මරතනාවලිය කියවා ශික්ෂණය වූ බවට වහසි දොඩමින් ජනාධිපතිවරයාට සමීප වූ අලි සබ්‍රි නම් ද්‍රෝහී ඇමතිවරයා හරහාය.

ජනාධිපතිතුමා මේ කාරණය ගැඹුරින් අවබෝධ කරගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

සුභාෂ් වික්‍රමගේ

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More