මුහුණු පොතෙන්

69 ලක්ෂය සහ සජාන් මවුසාන්

December 29, 2020 8:05 am | Lanka Lead News

ගැසට් නිවේදන මගින් ආර්ථිකය හසුරුවද්දී රටට අහිමි වන්නේ රුපියල් බිලියන ගනනි.එම අහිමි වන මුදල් අදාල සිදුවීම් යට ගැසීමටත් ඒවා සමාජගත වීම වැලැක්වීමටත් උපරිමව යොදා ගනී. සීනී ගනු දෙනුවේ එක් සගයෙක් වූ නුෂාඩ් පෙරේරා සතොස මහ පුටුවෙන් ඉවත් කරන විට ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ මහ පුටුවකට පත් කිරීමට තරම් අදිසි හස්තය ශක්තිමත්ය. ඊට සමගාමීව දිවයින පුවත් පත සීනී මගඩිය සම්බන්ධයෙන් ලිපියක් පල කළේ යැයි උරනවූ එම ගනු දෙනුවේ සෘජු ප්‍රතිලාභ ලබන සජාත් මවුසූන් දිවයින කාර්යාලයටම පැමිණ කරුණු විමසීමට තරම් ශක්තිමත් පුද්ගලයෙකු බවට පත්ව තිබේ. ආර්ථික වටලෑම තුළ වන ප්‍රභලත්වය සහ එහි ඇති භයානකත්වය ඉදිරියේදී තව තවත් දකින්නට ලැබෙනු ඇත. මවුසාන් සජාත් යනු එසේ මෙසේ පුද්ගලයෙකු නොවන බව මුහුණු පොත හරහා හුවමාරු වන තොරතුරු වලින් කියවේ. අවසාන නිගමනයට යාමට කල් වැඩි වුවත් කරුණු පෙළ ගැසෙන්නේ 69 ලක්ෂය බලය ලබා දී ඇත්තේ සජාන් මවුසාන්ලාට ය යන්න තහවුරු වන දිශාවටයි.

හසිත ලක්මාල් ගේ මුහුණු පොතෙන් උපුටා ගැනුණි



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

AstraZeneca ලබා දීම 28 දා සිටම ආරම්භ කරනවා – රාජ්‍ය ඇමැති චන්න ජයසුමන

ලබන බදාදා (27) දින ඉන්දියාවෙන් මෙරටට ලැබීමට නියමිත ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රා සෙනෙකා (AstraZeneca) කොවිඩ් - 19 මර්ධන එන්නත ලබා දී...


Read More

“මානව හිමිකම්” දංගෙඩිය අළුතින් මුවහත් වෙයි?

“මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායී චෝදනා ලැබ සිටින” ශ්‍රී ලාංකිකයින්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාර තහනම් පැනවීම...


Read More

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ “සටන”

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 21වනදා සිරස රූපවාහිනී නාලිකාවේ "සටන" වැඩසටහනට සහභාගී වූ වෘත්තීය සමිත...


Read More