Notice Board

(ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට අන්තර්ජාතික මැදිහත්වීම්)”

2001 දෙසැම්බරයේ බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා රාජ්‍යය අනතුරු දෙකක් වෙත ඇද දමනු ලැබිණි. පළමු අනතුර වූයේ Regaining Sri Lanka නමැති ආර්ථීක වැඩපිළිවෙළ ඔස්සේ මේ රට නැවත යටත් විජිතයක් බවට පත්කිරීමේ සැලසුමයි. දෙවැන්න, 2002 පෙබරවාරියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම මගින් මේ රට බෙදා වෙන් කොට, කොටි සංවිධානයට වෙන ම රාජ්‍යයක් ගොඩනඟාදීමේ වැඩපිළිවෙළයි.

රට හමුවේ නිර්මාණය වී ඇති මේ ද්විත්ව අනතුර නිසි දැක්මෙන් ද, නිසි බරින් ද හඳුනාගත්තේ එවක තිබූ ජනතා විමුක්ති පෙරමුණ ය. එහි ප්‍රතිඵලය වූයේ සිය උපාය මාර්ගික දැක්ම මත පිහිටා, රට හමුවේ ඇති මෙම අනතුරු දෙක පරාජය කිරීම සඳහා බහු විධ උපාය උපක්‍රම, ක්‍රියාමාර්ග, වැඩපිළිවෙළ දියත් කිරීම ය.

ලංකාවේ ජාතික ගැටළුව හා යුද්ධය මත පදනම් වෙමින් අධිරාජ්‍යවාදී බලවේගයේ මැදිහත්වීම එවක ඉතා තීරණාත්මක හා තීව්‍ර වෙමින් පැවතිණි. ලංකාවේ ජාතික ගැටළුවේ තීරණාත්මක පාර්ශ්වයක් බවට ”ජාත්‍යන්තර බලවේග” පත්ව තිබිණි. එම මැදිහත්වීම්හි ස්වභාවය හා ඒවායේ දිශානති විශ්ලේෂණය කරමින් ”මුරගල” සඟරාව සඳහා ලිපි රැසක් ප්‍රභාත් චින්තක මීගොඩගේ විසින් ලියන ලදී. මෙම ග්‍රන්ථයෙහි සංග්‍රහ කොට ඇත්තේ ඒ ලිපි අතරින් තෝරාගත් ලිපි කිහිපයකි. ඒ මොහොතේ ශ්‍රී ලංකා රාජ්‍යය මුහුණ පා සිටි අනතුරේ ස්වභාවය හා පරිමාණය මෙන් ම, එවක මෙරට දේශපාලන පක්ෂ හා බලවේගවලත්, ඒවායේ ඇතැම් පුද්ගල චරිතවලත් ”දේශපාලන හැසිරීම” මෙම ලිපිවලින් හඳුනාගත හැකි ය.

කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ මිලිටරි මැදිහත්වීමට අදාළ ව කෘති ගණනාවක් මෙරට තුළ පළ වී තිබුන ද, මෙහි දේශපාලන පසුබිම අනාවරණය වන ග්‍රන්ථ පළ වී නො මැති තරම් ය. නමුත් එවක මෙරට පැවති දේශපාලන පසුබිම මෙන් ම, ඒ හා බැඳුණු ජාත්‍යන්තර සාධකය ද හඳුනාගැනීම අත්‍යවශ්‍ය වන්නකි. ”ජාත්‍යන්තර කුමන්ත්‍රණ” යන වචන පවා හාස්‍යයට කරුණක් ලෙස දකින මෙරට මුග්ධ දේශපාලකයින්ට හා ඊනියා මාධ්‍යකරුවන්ට ලංකාවේ ජාතික ගැටලුව කේන්ද්‍ර කොටගෙන පැවති ”අන්තර් ජාතික මැදිහත්වීම්” (”ජාත්‍යන්තර කුමන්ත්‍රණ” යන වචනය ඔවුන්ට නො දිරවන නිසා) කෙබඳු ද යන්න මෙම ග්‍රන්ථය මගින් හඳුනා ගත හැකි වනු ඇත.

ග්‍රන්ථයේ නම – ”කොටි, සුදු කොටි සහ කොටින්ගෙත් කොටි (ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට අන්තර්ජාතික මැදිහත්වීම්)”
කර්තෘ – ප්‍රභාත් චින්තක මීගොඩගේ
ප්‍රකාශනය – ගොඩගේ ප්‍රකාශන
මිල – රු. 450.00



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More