මුහුණු පොතෙන්

මම අධිරාජ්රකාශ කළ ඔහු අනගාරික ධර්මපාලතුමන්ය. සමස්ථ ලෝක සහෝදරත්වය ගොඩනැගීම අදිටනින් පිහිටුවා ගනු ලැබූ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම තුලින් ලොවට දුන් දායාදය නම් “සත්යයට වඩා උසස් ආගමක් නොමැති” බවයි. ඉංග්රීසි පාලන සමය තුල විනාශ වෙමින් පැවැති දේශීය වෛද්ය ක්රමයට පණ දුන් ධර්මපාලතුමා, කොළඹ අයූර්වේද රෝහලක් ඇති කිරීමටද ශක්තියක් විය. අධිරාජ්යවාදීන්ගේ ක්රියා නිසා විනාශයට යමින් තිබූ දේශීය කර්මාන්ත යළි නඟා සිටුවීම එතුමන්ගේ ආර්ථික සංකල්පය වුයේය.

එවන් ආදරණීය පුරවැසියෙක් රටට දායද කළ , මල්ලිකා ධර්මගුණවර්ධන මැතිණිය එතුමන්ගේ සෙනෙහෙබර මවයි. එතුමිගේ පවුලට අයත් වූ රබර් වත්තක මධ්යයේ පිහිටි මහගෙදර අද දරුවනට සෙවණ දෙන මවක්, පියෙක් වූ ළමා නිවාසයකි.
බොහෝ දෙනෙක්ගේ නෙතට නොගැටුණ මේ ළමා නිවාසය ගරා වැටෙමින් පැවැතිණි. දෙවන පරපුර ගම්පහ කමිටුවේ මැදිහත් වීමත් සමඟ ළමා නිවාසයට අරුණෝදය උදාවන්නට විය. දරුවන්ගේ අධ්යාත්මය පෝෂණ සඳහා වන බුදුමැදුර මුළුමනින්ම නැවැත පිළිසකර කර දීමට හැකි වීම, දරුවන්ට ලැබුණා වූ ජයග්රහණකි.
බොහෝ දුෂ්කරතා මැද දිවිගෙවන දරුවන්ගේ ක්රීඩා කුසලතාවයන්ටද සනීපාරක්ෂක කටයුතු වලට ශක්තියක් වීමට “දෙවන පරපුර” දෙනෙත් යොමු වුණේ ඔවුනද මේ මිහිතලයේ ආදරණීයයන් නිසාමය .
උවිදු විජේවිර


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

“මානව හිමිකම්” දංගෙඩිය අළුතින් මුවහත් වෙයි?

“මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායී චෝදනා ලැබ සිටින” ශ්‍රී ලාංකිකයින්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාර තහනම් පැනවීම...


Read More

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ “සටන”

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 21වනදා සිරස රූපවාහිනී නාලිකාවේ "සටන" වැඩසටහනට සහභාගී වූ වෘත්තීය සමිත...


Read More

Larry King ගේ වියෝව දැරිය නොහැකි පාඩුවක් – RT පුවත් සේවය

කොවිඩ්-19 ආසාදිතව පසුගිය ජනවාරි 02 වෙනිදා රෝහල් ගත කර තිබූ ලෝකයේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ අතිශයෙන් ජනප්‍රිය පුද්ගලයෙකු ව...


Read More