මුහුණු පොතෙන්

Right Product
වට්ටෝරුව අවුරුදු 5000ක් ඉපැරණි පැපිරස් පත්‍රයකින් සොයා ගත්තා කීවා නම්, (ලියා තිබුනෙ මොන භාෂාවෙන්ද කියන එක වැදගත් නැහැ.)
පැණියට ‘සිරපියා සිලොනිකා’ වගේ විද්‍යාත්මක නමක් දුන්නා නම්,
‘කාලි අම්මගෙ දේවාලෙ’ නැතිව Kaalee’s Pharmaceuticals Product කීවා නම්,
Right Place
මහා සිසිල් පැන් දන්සැල වගේ ‘පිං පිණිස’ බෙදන්නෙ නැතිව අගනුවර සුපිරි ෆාමසිවලින් විතරක් මිල දී ගන්න තැබුවා නම්,
Right Price
ඉලක්කම් හතර පහක මිලක් පැණි බෝතලයකට නියම කළා නම්,
Right Promotion
අමුතු හැඩයකට (නිකං කොරෝනා ෙෙවරසය වගේ හැඩයකට) ඩිසයින් කරපු බෝතලයකට පැණිය දැම්මා නම්,
ඓශ්චර්යා වගේ නිරූපිකාවක්, මෘදු සරාගික සංඥා සහිත මුහුණකින් බෝතලයට මුව තබාගෙන පැණිය බොන හැටි තත්පර 30ක දැන්වීමකට ගත්තා නම්, (කොහොමද ඒක? පවිත්‍රා මේස හැන්දෙන් පැණි බොනව වගේද?)
තට්ටෙ තියෙන මිටි කතා නායක නෙවේ, පච්ච කොටපු හයේ හතරෙ පොරවල් ටිකක් මීටරේ පරතරේ නැතිව වෙල් එළියක පැණි බෝතලයක් වටේ සෙට්වෙලා ඉන්න හැටි පෙන්නුවා නම්, (”……. සිරප් නිසා දැන් අපි සෙට් වෙන්නෙ මීටරේ පරතරේ නැතිව !”)
සති අන්ත පත්තරවල අඛණ්ඩව මාස තුනක් ෆුල් පේජ් ඇඩ් එකකට වෙන් කර ගත්තා නම්,
පත්තරේ මුල් පිටුවෙ නමත් එක්ක සෙට් කරලා ”ලක්ද්වීපයටම …….. සිරප්’ කියලා රට හෙල්ලෙන ඇඩ් එකක් දැම්මා නම්, (”නෙස්ටමෝල්ට්” කළා වගේ…)
ටී.වී. චැනල්වල රියැලිටි ෂෝවලට අනුග්‍රහය දුන්නා නම්,
ටී.වී. චැනල්වල බුද්ධිමය සංවාද මණ්ඩපවල මේස මත ‘ ……… සිරප් ‘ නම සහිත බඳුන් තැබුවා නම්,
බඩු නාන්ඩ තියෙන ග්‍රෑන්ඩ් පාටියක් මාධ්‍යවේදීන්ට (අනිවාර්යයෙන්ම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහිතව) සංවිධානය කළා නම්, (මීටරේ පරතරේ ඇතිව…)
‘මෙඩිකල් රෙප්ලා’ විදියට කොටට ඇඳපු, කොණ්ඩෙ කපපු ලස්සන කෙල්ලො ටිකක් ඉස්පිරිතාලවල ගැවසුණා නම්,
විදේශ සංචාරද, ලැප් ටොප්ද, ස්මාර්ට් ෆෝන්ද, අරවද, මේවද… දෙන්න ලෑස්ති කළා නම්,
ක්‍රිකට් ක්‍රීඩකයෙක් ‘සන්නාම තානාපති’ කර ගත්තා නම්, (ඉස්සර ගමේ වෙල් ඉපනැල්ලෙ ක්‍රිකට් ගහනකොට බිව්වෙ මී පැණි – කෑවෙ සාදික්කා කියලත්, අදත් ඕනම පිට්ටනියක සතුරු පිළට මුහුණ දෙන්නෙ ඒ ප්‍රතිශක්තියෙන් කියලත් කිවුවා නම්..)
”…. සිරප් එක නැත්නම් කෑම එපා !” කියල විනී අයියගෙ අකුරු මෝස්තරයෙන් ”ජනතාව” ඇඳපු පෝස්ටරයක් එක රැයින් රට පුරා ඇලවුවා නම්,
ලංකාව තුළ මේ පැණියේ විද්‍යාත්මක පදනම ගැන, අරවද මේවද සොයන, නොකෙරෙන වෙදකමට ඇමීබා තෙල් ඉල්ලන ප්‍රශ්න මතු වෙනු ඇත්ද?
ආසියානු – අප්‍රිකානු – ලතින් ඇමරිකානු සමාජවල ස්වදේශීය වෙදකම් හා සම්බන්ධ ඉපැරණි දැනුම හා බෙහෙත් වට්ටෝරු විවිධ ව්‍යාපෘති ඔස්සේ (‘සංරක්ෂණය කිරීම’) සොරාගෙන පර්යේෂණ කරන – නව ඖෂධ නිපදවන බහුජාතික ඖෂධ සමාගම්, යම් දවසක මේ පැණිය සඳහා පදනම් වූ ඖෂධ අනුව නව ඔසුවක් නිපදවා නව ලිබරල්වාදී වෙළෙඳපොළ පිළිවෙළට අනුව ආවොත් මෙරට බලධාරීන්ගේ – නිලධාරීන්ගේ – විද්වතුන්ගේ – වෘත්තිකයින්ගේ හැසිරීම කෙබඳු වේද?
මේ පැණිය ගැන ඇත්ත පැනය, එහි විද්‍යාත්මකභාවය සම්බන්ධවද? නැතිනම් මේ පැණියට Marketing අවුන්සය මිශ්‍ර නොකිරීමද?
4Pත්, මේ පැණියට එකතු වුණා නම් ප්‍රශ්න කරන්නට කිසිවකු සිටිනු ඇත්ද?
patayakagepituwa.blogspot.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More