මුහුණු පොතෙන්

යුරෝපයේ එකම බෞද්ධ රට වන කල්මීකියා​ව ගැන දැනගමු!
බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට යුරෝපයේ එකම එක බෞද්ධ රටක් පවතිනවා. ඒ රට තමයි කල්මීකියාව. එරට ජාතික කොඩියෙන් පවා බුදු දහමෙන් ඔවුන්ට ලැබුණු ආභාෂය නිරූපණය වනවා. අපි අද මේ ලිපියෙන් උත්සාහ කරන්නේ කල්මීකියාව ගැන තොරතුරු කීපයක් ඔබ වෙත ගෙන එන්න.
1. මේ රට කොහෙද තියෙන්නේ?
වර්තමානයේ රුසියාවේ කොටසක් වෙලා තියෙන කල්මීකියාව රුසියාවේ පාලනය යටතේ පවතින ස්වාධීන සමූහාණ්ඩුවක්. යුරෝපා මහද්වීපයට අයත්ව පවතින රුසියාවේ කොටසක කොසැක්ස් කඳුවැටියට උතුරින් පිහිටා ඇති කල්මීකියාව කැස්පියන් මුහුදටත් සමීපයි. නැගෙනහිර කල්මීකියාව හරහා වොල්ගා ගඟ ගලා යන අතර තවත් ගංගා කීපයකුත් විල් පද්ධතියකුත් එරට ගොවිතැන් කටයුතු වලට සහ ජනතාවගේ පවස නිවීමට අවශ්‍ය ජලය ලබා දෙනවා.
2. කල්මීකියාවේ ඉතිහාසය
ඇතැම් පර්යේෂකයන්ගේ නිගමනවලට අනුව කල්මීකියාව ඉන්දු යුරෝපා භාෂා කතා කරන ජනතාවගේ මුල් බිමක් වනවා. කල්මීකියානුවන් මේ බිමට පැමිණීම පිළිබඳව විවිධ මතිමතාන්තර රැසක් පවතින අතර ඇතැම් මතයකට අනුව මොංගල් අධිරාජ්‍යයෙන් නිදහස පතා පැමිණි පිරිසකගෙන් කල්මීකියානුවන් ප්‍රභවය වී තිබෙනවා. රුසියානු අධිරාජවරු මුල්කාලයේදී කල්මීකියාව තමන් අතට ගැනීමට උත්සාහ කළත් පසුව ඒ රට සමග සමගි සන්ධානයකට එළඹුණා. ඒ අනුව රුසියානු අධිරාජ්‍යයේ දකුණු දිග කොටසේ ආරක්ෂාව කල්මීකියාව වෙත පැවරුණු අතර ඒ වෙනුවෙන් එරට වැසියන්ට දීමනාවක් සහ රුසියාව වෙත විවිධ භාණ්ඩ අපනයනය කිරීමේ අවස්ථාව හිමි වුණා.
3. රුසියානු විප්ලවයෙන් පසුව
ලෙනින් විසින් කල්මීකියාවේ ජනතාවගේ ආගමික නිදහස පිළිබඳ අයිතිය පිළිගත් අතර සෝවියට් රුසියාව තුළ නිදහස් සමූහාණ්ඩුවක් ලෙස පැවතීමේ අයිතිය ඔවුන්ට ලබා දුන්නා. කෙසේ වෙතත් දෙවැනි ලෝක යුද්ධ යුද්ධ සමයේ දී කල්මීකියාවේ බහුතරයක් ජර්මානුවන් වෙත සහාය පළ කිරීම නිසා යුද්ධය අවසාන වීමෙන් පසුව රටේ වැඩි කොටසක් සයිබීරියාව වැනි දුෂ්කර පළාතකට පිටුවහල් කරනු ලැබුවා. පසුව නැවතත් ඔවුන්ට තම මව්රට කරා ඒමට අවසර ලබා දුන්නා
4. බුද්ධාගම
පාරම්පරිකව බුද්ධාගම අදහන කල්මීකියාවුන් අතර ඊට පෙර විවිධ ජන ඇදහිලි තිබූ බවට විශ්වාස කෙරෙනවා. ටිබෙටයේ සහ මොංගෝලියාවේ සිට පැමිණි ලාමාවරුන් විසින් බුද්ධාගම ඒ රටට හඳුන්වා දී ඇති බවට මතයක්ද පවතිනවා. ටිබෙටයේ දලයිලාමා තුමාට දැඩිලෙස ගෞරවයක් දක්වන කල්මීකියානුවන් අදහන්නෙ මහායාන බුද්ධාගම. 2014 වසරේ දී දලයිලාමාතුමා කල්මීකියාවේ අගනුවර වන එලිස්තාහී යුරෝපයේ විශාලතම බෞද්ධ සිද්ධස්ථානය නිර්මාණය කිරීම සඳහා ආශිර්වාද ලබා දුන්නා. මහල් කීපයකින් යුතු මෙම විහාරයේ පස් වැනි මහල දලයිලාමා තුමා වෙනුවෙන් ඔවුන් වෙන් කර තිබෙනවා.
lifie.lk



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More