මුහුණු පොතෙන්

ඔබද , මා ද ජීවිතයේ සමත් වු විභාග මෙන්ම අසමත් වූ විභාගද ඇත අවශ්‍ය වන්නේ වැටෙන සැමවිටම ඉතා ධෛර්‍ය වන්තව නැගීසිටීමය…….ජීවිතයේ සියල්ල ජය ගැනීමට ඇති ප්‍රබලම අවියක් වන්නේ අධ්‍යාපනයයි.

මට තිබුණේ පාළුවෙන් සහ කාන්සියෙන් පිරුණු ජීවිතයක්. පුංචි කාලේ හිටියේ ත්‍රිකුණාමලේ Navy camp එකේ. මම දැනගෙන හිටියා මේ හුදකලාවෙන් මිදෙන්න ඕන නම්, කරන්න ඕන එකම දේ 5 වසර ශිෂ්‍යත්වය පාස් වෙන එක කියලා. කවද හරි දවසක ජීවිතයේ නිදහස තියෙන්නේ අධ්‍යාපන එක්ක කියල.
හුදකලාවෙන් මිදෙන්න ශිෂ්‍යත්වය විභාගය ලියපු දරුවෙක් ලංකාවේ හිටිය නම් ඒ තමයි මම.
Navy camp එක ඇතුලේ තිබ්බ ත්‍රිකුණාමලේ තිස්ස මහා විද්‍යාලේ පන්තිභාර ටීචර් තමයි නන්දනී මිස්. ඒ මිස් මට හොඳට ඉගැන්නුවා .අවුරුද්ද තමයි 1998. මම ශිෂ්‍යත්වය පාස් වුණා. ඒ කාලේ ශිෂ්‍යත්වය පාස් කළේ ලකුණු 120 න් විතර. මට තිබ්බා 137 ක්.
ඒ හැම ලකුණක්ම හුදකලාවෙන් අත්මිදීමේ අරගලයේ ලකුණු.මම ඊට පස්සේ කොළඹ ආවා. ඉස්කෝලේ තමයි D.S සේනානායක විද්‍යාලය. නමුත් ආරක්ෂක හේතුමත හා අනෙක් කාරනා මත ඒ අවුරුද්දේ ඉස්කෝලේ යන්න බැරිවුනා ඒ නිසා මට 6 වසර අහිමි වෙනවා. හැබැයි 7 වසරේ ඉදන් අර හුදකලා කොල්ලා කොළඹ D.S එකට යන්න පටන් ගන්නවා.
අකුරු කොච්චර වැදගත්ද කියලා පුංචි මම D.S එකේදී තේරුම් ගන්නවා.
හැම දරුවෙක්ගෙන්ම මම අපූරු ඉල්ලීමක් කරනවා.

ඉගෙනුම වෙනුවෙන් තමන්ගේ සිත සමඟ අරගලයක් කරන්න. එම අරගලය ඔබ යම් දවසක සාර්ථක මිනිසෙක් කරනු ඇත. මම මේ සටහන රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ කවියකින් අවසන් කරනවා.

” ඇල්මෙන් අකුරට ඇවිදින්
අකුරු ඉගෙන ගෙන
කඳු මුදුනට නැඟ බලන්න
ජීවිතයේ උස”

“ඡායාරූපය ත්‍රිකුණාම⁣ලේ නාවික කදවුරේ ⁣ආදරණිය පෙර පාසල “



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More