මුහුණු පොතෙන්

අද දවස ගොඩක් සතුටුයි පුතේ මට…කතා කරන්න බැරි වුනත්,ලියන්න බැරි වුනත්,මගේ පුතා ශිෂ්‍යත්ව විභාගයෙන් විශේෂ අවශ්‍යතා ඇති දරැවන් යටතේ විභාගේ ලියලා ලකුණු 99ක් අරන් විභාගය සමත් වුනා….
ඒක ලේසි දෙයක් වුනේ නෑ පුතේ…ඔයාව සමාජේ හඳුන්වන නමින් හරියටම කිව්වොත්”මොංගල් ළමයෙක්”කියල⁣ා හඳුන්වද්දි පුතේ ඔයාගේ අම්මට ඔයා සාමන්‍ය ළමයෙක් වුනා…ඔයාට ඉස්කොලයක් නැතිව අම්මයි තාත්තයි ඉස්කෝල හොයන් ගියාම හැම පාසලකින්ම ලැබුනෙ එහෙම ළමයින්ට මේ වගේ ඉස්කෝල හරියන්නෙ නෑ කියලා….එහෙම අන්තිමට ඔයා කරගම්පිටිය විජය විද්‍යාලයට ආවා…මොකද පුතේ ඔයාගෙ අම්මට ඔයා සාමාන්‍ය ළමයෙක් ඉගෙන ගන්න පන්ති කාමරයක⁣ට දාලා සාමාන්‍ය ළමයෙක් විදියට උගන්නන ඕන වුනා..ඔයා අනිත් ළමයි වගේමයි කියලා ඔයාට දන්වන්න ඕන වුනා..අන්තිමට විදුහල්පති ස්වාමීන්ද්‍රයන්වහන්සේ ඒ අභියෝගය භාර ගත්තා…අන්තිමට ඒ අභියෝගය දිනලා පෙන්නුවා….විශේෂ අවශ්‍යථා ඇති දරැවන් යටතේ ශිෂ්‍යාධාර ලබන්නට හැකි දරුවා වුනා….ඔයාට ගොඩක් බාධක ආවා…මේ වගේ දරුවෙක්ට විභාගය ලියන්න දෙන්න බෑ කිව්වා….ඒත් අන්තිමට ඔයා දින්නා පුතේ…හැම බාධකයක්ම….හැමෝටම දැන් කට උත්තර නෑ…මොකද මගේ පුතා එ් හැමෝගෙම කටවල් වැහුවා…මාස 06ක් වගේ පොඩි කාලයකට වුනත් ම⁣ට ඔයාට උගන්නන්න ලැබුන එක වාසනොවක් පුතේ….ඉතුරු ටික කරට ගත්තේ අරන්දර මිස්..
මම දන්නවා,දැන් ඔයාව නවත්තන්න කාටවත් බෑ….ඉස්සරහටම යන්න…දවසක මගේ පුතා කාටවත්ම හිතිගන්න බැරි තැනක ඉඳිවී…..

මේ ඔයාගේ සංඥ්ඥා භාෂාවෙන්ම කිව්වොත් “උස ටීචර් ”

Extracted from Hiruni Nadeeshani’s Face Book



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය පිළිතුරු බැඳිය යුතුයි – රණවිරුවන්ගේ ගෞරවය සහ නිර්දෝෂීභාවය ගැන උස් හඬින් ලෝකයට කිව යුතුයි

රණවිරුවන්ට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය විසින් විධිමත්ව පිළිතුරු බැඳීම මඟින් රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය සහ ...


Read More

ලෝක පාපන්දු ශූර ආර්ජන්ටිනාවේ “”දියගෝ මැරඩෝනා” වයස අවුරුදු 60 දී හෘදයාබාධයකින් මිය යයි.

මොළයේ ලේ කැටියක් හිරවිමට කරන ලද සැත්කමකින් පසු සති දෙකකට පෙර රෝහලින් පෙරලා නිවසට පැමිණ සිටි මැරඩෝනා හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇත. 19...


Read More

2021 දී “Sputnik V” එන්නත් බිලියනයක් අඩු මුදළකට ලබා දීමට රුසියානු බළධාරීන් සැලසුම් කරයි

Covid-19 සදහා රුසියාවේ නිෂ්පාදිත Sputnik V එන්නත ලබාගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 20,000කට ආසන්න පිරිසකට ලබා දීමෙන් අනතුරුව කරන ලද පර්ය...


Read More