මුහුණු පොතෙන්

තමන් විසින් වසර මිලියන 2ක් පැරණි හිස් කබලක් සොයාගත් බව දකුණු අප්‍රිකානු කලාපයක පුරාවිද්‍යාත්මක කැණීම් සිදුකරන ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසයි.

එමගින් මානව වර්ගයාගේ පරිණාමය පිළිබඳ ව වැදගත් තොරතුරු රැසක් හෙළිවෙතැයි පැවසේ.

එම හිස්කබල පිරිමි “පැරැන්ත්‍රෝපස් රොබස්ටා” මානවයෙකුගේ බව සඳහන් වේ. හේ, නුතන මානවයාගේ ආසන්නතම මුතුන් මිත්තන් ලෙස සැලකෙන “හෝමෝ ඉරෙක්ටස්” ගේ ඥාතියෙකි.

එම මානව විශේෂ දෙක එකම කාලයක ජීවත් වී ඇති අතර නමුත් “පැරැන්ත්‍රෝපස් රොබස්ටා” නම් මානව විශේෂය පළමුව වඳ වී ගොස් ඇත.

මෙම සොයාගැනීම ඉතා සුවිශේෂී බව ගවේෂණ කණ්ඩායම පවසයි.

මෙල්බර්න් “ලා ත්‍රොබ්” විශ්වවිද්‍යාලයේ ගවේෂකයින් පිරිසක් විසින් එම කොටස් සොයාගෙන ඇත්තේ ඩ්‍රයිමොලන් පුරාවිද්‍යාත්මක කැණීම් භූමියෙනි. එය ජොහැන්නස්බර්ග් නගරයට උතුරින් පිහිටයි.

මෙම හිස්කබල හමුවූ ස්ථානයට ආසන්නයේ තිබී 2015 දී “හෝමෝ ඉරෙක්ටස්” මානව දරුවෙකුගේ හිස් කබලක් ද සොයාගැනිණි. එම හිස්කබල ද වසර මිලියන 2ක් පමණ පැරණි බව සොයාගෙන තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More