මුහුණු පොතෙන්

කොරෝනා ම්‍රස්ලිම් මිනී ආදාහනය, භූමදානය ගැන කතාවක් යනවා. තාම ආණ්ඩුව නම් මේ ගැන තහවුරු කරලා ප්‍රකාශයක් කරලා නෑ.

මේ මිනියක් ආදාහනය භාමිදානය වැනි පරිධියේ නොවැදගත් ප්‍රශ්නයක් නිසා සියවස් ගණනාවක් එහාට දිවයන ම්‍රස්ලිම් සිංහල සහජීවනය නැති කරගත යුතුද..?

මේ මිනී වලදැමීමට එරෙහිව විරෝධතාවයක් මතුවන්නෙ ශ්‍රී ලංකාවෙ ජල පෝෂකයන් පෘථුවි පෘෂ්ඨයට ආසන්නයෙන් ගමන් කරන බැවින් එම විෂබීජ ජලපෝෂක වලට එකතු වේයැයි විශේෂඥයන් කල ප්‍රකාශයන්ය.

අපේ රටේ ජල පෝෂක රටේ සහජීවනයට වඩා වටිනවාද..? පුප තමයි.

අනික 20 වෙනි සංශෝධනයට ම්‍රස්ලිම් මන්ත්‍රීවරුන් 7 දෙනා අත් එස වූ පසු ලංකාවෙ ජල පෝෂක කියා දෙයක් නැති බවත් මිනී වලින් විශබීජ වහනය නොවන බවත් මේ සෙද්දෙ විශේෂඥයන් දන්නෙ නැතිද..? උන්ගෙ මොලේ දෙකට නවා පුපේ ගැසිය යුතුය.

ඩීල් දේශපාලනය යනු මුදල්ම නෙවේය. මුදල් වලට චන්දය දෙන්නෙ පක්ෂය මාරු කරන්නෙ අපේ උන්ය. උන්ගේ ඩීල් වෙනස්ය. ඒ තම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සහ සමහර විට සහෝදරයන් රිමාන්ඩ් එකෙන් නිදහස් කර ගැනීමෙ සුළු කාරනා දක්වා විහිදී යයි.

වර්තමානයේ ” ඩීල් ” දේශපාලනයෙ “ගෝඩ් ෆාදර් ” කවුරුන්දැයි මුළු රටම දනී. ඔහු ” ඩීල් ” දැමුවේ ලක්ෂ 69 කගේ අභිමානය, ආඩම්බරය සහ ආත්ම ගරුත්වය උගසට තබමිනි.

ඔටු චන්ද 7 ක් සහ අල් සබ්‍රියන් එක්ව ලක්ෂ 69 කගේ සළුපිළි ගලවා දැමුවෝය. ලක්ෂ 69 ක් අමු හෙළුවෙන්ය. මට නම් විලිලැජ්ජාවක් නැත. මට මගේ හෙළුවට වඩා මේ රටේ සහජීවනය සහ පුද්ගලයෙකුගේ අනාගත අගමැති, ජනාධිපති හීන වටිනවාය.

ඒ නිසා මා ඔබගෙන් ඉල්ලා සිටින්නෙ එක් දෙයකි ඔබේ ආත්ම ගරුත්වය, පෞද්ගලික අභිමානයට වඩා රටේ සහජීවනය සහ පුද්ගල හීණ සඳහා කැප වෙන්න. මම වගේ විලිලැජ්ජා නැති කෙනෙක් බවට පත්වන්න.

එය හරි සරලය. මුත්‍රා යනකොට පොඩි දැවිල්ලක් ඇති වෙයි. ඒක වැඩිය ගනන් ගන්න එපා. ආත්ම ගරුත්වය, අභිමානය කැදලි පිටින් මුත්‍රා සමග පිටවීමේදි පොඩි දැවිල්ලක් ගනී. රටේ සහජීවනය සහ පුද්ගල හීන සාක්ෂාත් කරවීමට අපි ඒ පොඩි පොඩි දැවිල්ල ගති දරා ගත යුතුය.

මේ කේන්ද්‍රිය ප්‍රශ්න නෙවේය. එන්න අපි කමු.. බොමු..නටමු… ගී ගයමු… සතුටු වෙමු.. සාමා එන්න මල් පිපීදැයි බලන්න..Ohh Rex.. my doll my doll.. Don’t cry Mala.. අපි තවම හෝඩ්යේය. බබ්බුය. ඒ නිසා හෝඩි පොතක් කියවගෙන ආතල් එකේ ඉන්න ඕනය. පොඩි හිත් මල් වගේ ලස්සනයි. කුහක නෑ ඉරිසියාව නෑ. එතකොට වෛරය උපදින්නෙ නෑ.

ඔටුවන් කන්නයි අපි ආවේ… ඔටු බෙටි කාපන් තුම්භීරේ.. උඩින් පැන්නොත් වල්ල කැඩෙයි.. යටින් පැන්නොත් බැසිල් අනියි… ( ආහ්.. සොරි තිබොල් ඇනෙයි..)

මීට යටහත් පහත් පුරවැසියා..

නිලන්ත සත්සර ගමගේ✍️



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More