මුහුණු පොතෙන්

ඇත්තටම යහපාලනය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ ලඟ හිටිය බල්ලා බලලාගෙ ඉදන් අරලියගහ මන්දිරයේ තාප්පෙ තිබුන මල් පෝච්චියෙන් පවා තුච්ඡ, නින්දිත විදිහට පලි ගත්තා.

මහින්ද රාජපක්ෂ රජයෙ මැති ඇමතිවරු කට උත්තර දෙන්න යනකොට බන්ධනාගාර බස් රථය CID එක ලඟ නවත්තගෙන හිටියා. අත්අඩංගුවට ගන්න කියන තීරණය දෙන්න ඕන අධිකරණයෙන් වුනත් ඊට කලින් බන්ධනාගාර නිලධාරීන් ඒ බව දැනගෙන හිටියා.

ඒ පාලනයට කිව්වෙ ” යහපාලනය ” කියලා. අත්අඩංගුවට ගන්නෙ කාවද කියලා තීරණය කළේ රනිල්, රාජිත, පාඨලි, අනුර කුමාර දිසානායකලා අරලියගහ මන්දිරේදි.

මැති ඇමතිවරු වෙච්ච ජොන්ස්ටන්, මහින්දානන්ද, විමල්, ගම්මන්පිලලා රාජ්‍ය නිලධාරීන් වෙච්ච ලලිත් වීරතුංග, සේදර සෙනරත්ලා, රාජපක්ෂ පවුලේ බැසිල්, ගෝඨාභය, නාමල්, යෝෂිත සියල්ලා රෑ 10ටත් උසාවි ඇරලා සිරගත කළා.

තමන්ව සිරගත කරනවා කියලා සහසුද්දෙන් දන්න ඒ කිසි කෙනෙක් හැංගුනෙ නෑ. සමහරු CID යට ආවේ සිලි සිලි බෑග් වල ඇඳුම් කෑලි දාගෙන. ඔවුන් පිළිබඳව මොනතරම් විවේචන තිබුනත් අන්න එහෙමයි ඔවුන් කොන්ද කෙලින් තියාගෙන නීතිය ඉස්සරහට ආවෙ.

ඔවුන්ව බොරු නඩු පටලවලා අත්අඩංගුවට ගන්න පොලිසියෙ ශානි අබේවර්ධන, අල්ලස් දූෂණ මර්දන අංශයේ දිල්රුක්ෂි ඩයස්ලා ගහපු ගේම් අද එකිනෙක එලිදරව් වෙනවා.

ඒකට මහා ලොකු වීරයො වගේ හිටිය යහපාලන සීතාම්බර සළු පොරවගෙන හිටිය රාජිත, රවී, චම්පික, බදුර්දීන්ලා අධිකරණයෙන් නීත්‍යානුකූලව වරෙන්තු අරගෙන අත්අඩංගුවට ගන්න යද්දි නැට්ට පස්සෙ ගහගෙන බලු කුක්කො වගේ හැංගෙන්නෙ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවත් අධිකරණය අත්තනෝමතික ලෙස සිය අධිකාරි බලයට ගත්තානම් මේ ආණ්ඩුව අද ජනතාව අතර අප්‍රසාදයට පත්වන්නෙ නෑ. ඔවුන් ස්වාධීන පොලිස් කොමිසමට ස්වාධීන අධිකරණ කොමිසම්වලට යට වෙලා සියතින් ගෙල සිඳ ගන්නවා

නිලන්ත සත්සර ගමගේ✍️



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More