මුහුණු පොතෙන්

ලෝක සත්ව දිනය යෙදී තිබුණ ඊයේ (04 වැනිදා) කැස්බෑවන් 13ක් අබිරහස් ලෙස මියයාමේ සිද්ධියක් ගල්කිස්සේ සිට ගාලුමුවදොර මුහුදු තීරයෙන් වාර්තා වෙයි.

එම මුහුදු කලාපයේ අබිරහස් ලෙස කැස්බෑවන් මියගොස් ඇත්තේ පසුගියදා ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාවෙන් පිට වූ ඉන්ධනවල බලපෑම නිසා දැයි සැකයක් පවතින බව පරිසරවේදීහු පවසති.

නිව් ඩයමන්ඩ් නෞකාවේ තෙල් කාන්දුව නිසා එහි අවට සාගර කලාපයේ ජීවත් වූ කැස්බෑවන්ගේ චර්යා රටාවන්වල වෙනස්වීම් පසුගිය දින කිහිපයේදී පෙන්නුම් කළ බවද ජාතික ජලජ සම්පත් පර්‌යේෂණ හා සංවර්ධන ආයතනය මීට පෙර ප්‍රකාශ කර තිබිණි. එම වෙනස්වීම් ලෙස එම ආයතනය පෙන්වා දෙන්නේ ඒ අවට කැස්බෑවන් මුහුදෙන් ගොඩට ඒම සඳහා උත්සාහයක් දරන ආකාරයක් නීරීක්ෂණය වූ බවය.

ගල්කිස්සේ සිට ගාලුමුවදොර දක්වා කලාපයේ පෙරේදා (03 වැනිදා) රාත්‍රියේ සිට ඊයේ (04 වැනිදා) දිනය දක්වා කැස්බෑවන් 13ක් මරණයට පත්වී ගොඩ ගසා තිබූ බවත් මරණයට පත්වූ ප්‍රමාණය මීට වඩා වැඩි විය හැකි බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඊට හේතුව ලෙස එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මියගිය කැස්බෑවන්ගේ මළසිරුරුවලින් දුගඳ හැමීම නිසා එම වෙරළ තීරයන්ට පැමිණෙන පිරිස් එම සතුන් වළ දමා ඇති බවය.

එමෙන්ම වනජීවී නිලධාරීන් සැක පළකරන්නේ දියවැලකට හසුවී හෝ යම්කිසි රසායනික ද්‍රව්‍යයක් නිසා මෙම සතුන් මියයාමට ඇති බවය. පරිසරවේදීන් පවසන ආකාරයට කැස්බෑවන්ගේ ප්‍රජනන සමය නොවැම්බර් මස සිට මාර්තු දක්වා සිදුවෙයි.

ඊට පෙර එම සතුන් මෙරටට පැමිණීම සැකයට තුඩුදෙන කාරණයක් බවද ඔවුන් සඳහන් කරයි. මේ පිළිබඳව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර එම නියෝගයට අනුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මියගිය කැස්බෑවන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයට භාර දෙන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඊට අමතරව මේ පිළිබඳ තවත් පරීක්ෂණ කටයුතු කිරීමට රජයේ ආයතනයකට අවශ්‍යනම් එම ආයතනවලටද මියගිය කැස්බෑවන්ගේ කොටස් ලබාදීමට සූදානම් බවද එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

එමෙන්ම මෙම සිද්ධිය පිළිබඳව වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙසට වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර අදාළ ප්‍රදේශය භාර වනජීවී නිලධාරීන්ට දන්වා ඇත. එම වාර්තාව ලැබුණු පසු සතුන් මියයෑමට හේතුව කුමක්දැයි යන්න ප්‍රකාශ කිරීමට හැකි බවද හෙතම කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More