මුහුණු පොතෙන්

පාසල් ළමුන්ගේ පෝෂණීය තත්වය ඉහල දැමීම සඳහා දෛනිකව බිත්තරයක් ලබාදීම සම්බන්ධයෙන් සොයාබලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇති බව පැවසෙනවා. ඒ අද දින (11) යි.

බේකරි නිෂ්පාදකයන් හා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගම් හමුවූ අවස්ථාවේ විජේරාම නිලනිවසේදී අගමැතිවරයා මේ අදහස් පළකර ඇත.

බේකරි නිෂ්පාදන සඳහා බිත්තර මිල බලපාන ආකාරය බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය විසින් මෙහිදී අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කර ඇත. මෙහිදී බිත්තර නිෂ්පාදනයට යන පිරිවැය සම්බන්ධයෙන් ද මෙහිදී බිත්තර නිෂ්පාදකයන් විසින් පෙන්වා දී ඇත.

පාරිභෝගිකයන්ට සහනයක් සහනයක් වන අයුරින් සංගම් දෙකම ගිවිසුම් සම්මුතියකට පැමිණෙන්නැයි අග්‍රාමාත්‍යවරයා අදාළ නියෝජිත පිරිසට දන්වා ඇත.

කුකුළු පැටවකුගේ මිල රුපියල් 175-200ත් අතර මිලකට පහත හෙළීමත් බිත්තර නිෂ්පාදකයන් සහ බේකරි නිෂ්පාදකයන් අතර ගිවිසුමකට හෝ එකඟතාවයකට මැදිහත්වන ලෙස අගමැතිවරයා විෂය භාර අමාත්‍යවරුන්ට උපදෙස් දී ඇත.

එම අවස්ථාව සඳහා සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් , අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් අමන්දා කරුණාතිලක මහත්මිය යන පිරිසද මේ සඳහා සහභාගී වී ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මෛත්‍රීගෙන් – රනිල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍...


Read More

නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දිය ගෙවීමට එකඟ වෙයි

මෙරට මුහුදු සීමාවේදී  ගිනි ගෙන අනතුරට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දි මුදල ...


Read More

20 ට ආණ්ඩුවෙන් සංශෝධන 4ක්

මේ වනවිට මැතිසබයට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ප්‍රධාන සංශෝධන 4ක් ඉ...


Read More