මුහුණු පොතෙන්

“මම ඉගෙනගන්නේ හතරවෙනි වසරේ. මට 6 වසරේදී ඕ ලෙවල් ලියන්න අවස්ථාව දෙන්න.” මේ ඉල්ලීම 9 හැවිරිදි දියණියකගෙනි. ඇය පොළොන්නරුවේ, අරලගංවිල චෙනුලි ලෙහන්සා ය.

ඇය පවසන්නේ හය වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවද අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සමාර්ථ නවයක් ලබාගැනීමට තමාට හැකියාව ඇති බවය.

සිංහල, ඉංග්‍රීසි සහ ගණිත විෂයට පමණක් නොව සත්ත්ව විද්‍යාවට ද, විශේෂ හැකියාවක් දක්වන ලෙහන්සා, තත්පර කිහිපයක් තුළ ආවර්තිතා වගුව එක හුස්මට කියාගෙන යන්නේ කවුරුත් පුදුම කරමිනි.

ඇය ඉගෙනුම ලබන්නේ දිඹුලාගල අරලගංවිල, විලයාය ප්‍රාථමික විද්‍යාලයේය.

චෙනුලි පළමු වසරට ඇතුළත් කරන විටත් ඉංග්‍රීසි භාෂාව චතුරව හැසිරවීමට සමත්කම් දැක්වු බව ඇයගේ දෙමව්පියෝ පවසති.

සිංහල මාධ්‍යයෙන් පමණක් අධ්‍යාපනය හදාරන ඇය ඉංග්‍රීසි භාෂාව මෙතරම් දක්ෂ ලෙස හැසිරවීම සැබවින්ම මවිතයට කරුණකි.

ගණිතය විෂයට ද විශ්මිත දස්කම් දක්වන ඇය බිලියන හා ට්‍රිලියන ගණන් කටපාඩමින් ගණනය කරන අයුරු අදහාගන්නට බැරි තරම්ය.

“ මට 6 වසරේදී සාමන්‍ය පෙළ කරන්න ඕනේ හැම විශේෂකටම A සාමාර්ථ ගන්න පුලුවන්, මට චෙස්, ගණිතය, ඉංග්‍රීසි සහ සත්ව විද්‍යාව වැනි බොහෝ දේ කරන්න පුළුවන්, මට උදව් කරන්න කෙනෙක් ඉන්වා නම්, මගේ ලංකාව වෙනුවෙන් බොහෝ ජයග්‍රහණ ගන්න පුළුවන්,“ යනුවෙන් චෙනුලි ලිහන්සා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More