පළාත් සභා අහෝසි කිරීමට දැඩි ලෙස එරෙහි වනු ඇත්තේ පළාත් සභාව සිය ආදායම් මාර්ගය කරගත් පොදුජන පෙරමුණේ ග්‍රාමීය ප්‍රභූ පැලැන්තිය බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. ඔහු ඒ පිළිබඳ තබා ඇති ෆේස්බුක් සටහනක් මෙසේය.
පළාත් සභා සහ පොහොට්ටුවාදීන් මේ ආණ්ඩුවට පලාත් සභා ක්‍රමය අහෝසි කිරීම බෙහෙවින් දුෂ්කර වනු ඇත. ඒ උතුරේ දෙමළ ජනයාගේ බලපෑම නිසා නම් නොවේ. ඇත්ත වශයෙන්ම ඉඩම් හා පොලිස් බලතල වැනිදේ නොමැතිව උතුරේ ජනයාට පලාත් සභාවලින් එහෙමටම වැඩක් නැත. ඊට අමතරව උතුරේ ද දකුණේ මෙන්ම වියත්මග වටා සංවිධානය වී ඇති ආකාරයේ පංතියක් බිහි වී ඇත. ඔවුන්ට තව දුරටත් බලය බෙදීම වැනි දේ ආකර්ශනීය දේශපාලන ඉල්ලීම් නොවේ. ඒ නිසා ඒ අයගෙන් පළාත් සභා අහෝසි කිරීමට එතරම් විරෝධයක් පැමිණීමට ඉඩ නැත. එහෙත් උතුරේ ජනයා පළාත් සභා අහෝසි කිරීමට පොදුවේ පක්ෂවේ යැයි මෙයින් අදහස් නොවේ. නමුත් ඒ විරෝධය කලින් තරම් තීව්‍ර නොවීමට ඉඩ ඇත. නමුත් පළාත් සභා අහෝසි කිරීමට විරෝධය එන්නේ පොහොට්ටු කඳවුර වටා සංවිධානය වී සිටින එහි ග්‍රාමීය කොඳු නාරටිය බඳු ග්‍රාමීය දේශපාලන ප්‍රභූ තන්ත්‍රය වෙතිනි. පසුගිය දශක තුන තුළ පළාත් සභා ක්‍රමයෙන් වැඩියෙන්ම වාසි ලැබුවේ මේ ග්‍රාමීය ප්‍රභූ තන්ත්‍රයයි. ඒ පිරිස ආණ්ඩුවට පළාත් සභා අහෝසි කිරීමට ඉඩ දෙතැයි සිතීමට අසීරුය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...