මුහුණු පොතෙන්

මලයිකාටත් කොරෝනා

September 8, 2020 5:31 pm | Lanka Lead News

අර්ජුන් කපූර් විසින් තමා කොවිඩ් 19 ආසාදිතයකු බව පසුගියදා සමාජ මාධ්‍ය ජාල වෙත පණිවුඩයක් නිකුත් කිරීමෙන් පසු ඊයේ (7 වැනිදා) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහුගේ පෙම්වතිය වන මලයිකා ඇරෝරාද තමාට කොරෝනා ආසාදනය වී ඇතැයි ප්‍රකාශ කළාය.

ඒ අනුව තමා සිය නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව ඇය පවසා තිබේ.

‘අද සිදුකරන ලද පරීක්ෂාවකින් පසු මා කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වුණා. නමුත් මා දැනට යහපත් සුවයකින් පසුවන බව ඔබට දැන්වීමට අවශ්‍යයි. පිළිපැදිය යුතු සියලුම සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවලට අනුව දැනට කටයුතු කරනවා. මගේ වෛද්‍යවරයා හා අනෙක් සමීපතයන් මා ගැන සොයා බලනවා. ඔයාලත් ආරක්ෂාවෙන් ඉන්න හැමෝටම ස්තූතියි. ගොඩක් ආදරෙයි.’ යනුවෙන් එහි දැක්වේ.

ඇගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වයත් සමග ඉන්දියාවේ BEST DANCER වැඩසටහන නවතා දමා ඇත. ඇය එම වැඩසටහනේ විනිශ්චය මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කරයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More