මුහුණු පොතෙන්

අනුරාධපුර දහයියාගම හන්දියේදී ඝාතනය වූ ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා නමැත්තාගේ පෙම්වතියගේ බැංකු ගිණුමකින් සිදු වී ඇති රුපියල් ලක්ෂ 80 සැකකටයුතු මුදල් හුවමාරුවීම් කිහිපයක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. එස්.එෆ්. ලොක්කා මත්කුඩු ජාවාරමේ නිරතව සිට ඇති බවත් ඔහුගේ මුදල් පරිපාලන කටයුතු කර ඇත්තේ පෙම්වතිය බවටත් මේ වන විට පොලීසියට තොරතුරු ලැබී ඇත.

අනුරාධපුර සිප්පිකුලමේ පිහිටි තැබෑරුමක් මිලදී ගැනීමට එස්.එෆ්. ලොක්කා දැඩි වෙහෙසක් ගෙන ඇති බවත් එම තැබෑරුම පරිපාලනය කර ඇත්තේ එස්.එෆ්. ලොක්කාගේ පෙම්වතියගේ සැමියා බවත් පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබේ. චූටි නැමැති එම පුද්ගලයා සමග හිතවත්කමක් ගොඩ නඟාගෙන ඇති එස්.එෆ්. ලොක්කා ඔහුව තමා වෙත නම්මවා ගෙන මත්කුඩු ජාවාරමට පොලඹවාගෙන ඇති බවත් පසුව ඔහුව මත්කුඩු සමග පොලීසියට හසුකර දී ඇති බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

චූටි නැමැත්තා බන්ධනාගාරගත වීමෙන් පසු ඔහුගේ බිරිඳ තමා වෙත ගෙන්වා ගෙන පෙම්වතිය ලෙස තබා ගෙන සිට ඇති බවද පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.
එස්.එෆ්. ලොක්කා සැලසුම් සහගතව බන්ධනාගාරයට යැවූ චූටි නැමැත්තා මේ වන විට ඇප මත නිදහස්ව සිටින බවත් පසුගිය කාලය පුරාවටම ඔහු එස්.එෆ්. ලොක්කාට බියෙන් සැඟවී සිට ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

එස්.එෆ්. ලොක්කාගේ ඝාතනය හා මෙම සිදුවීම් අතර යම් සම්බන්ධයක් තිබේදැයි විමර්ශනය කෙරෙන බව ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා සඳහන් කළේය.

එස්.එෆ්. ලොක්කා වෙඩි ප්‍රහාරයට ලක්වූ දින වෙඩික්කරුවන් එස්.එෆ්. ලොක්කා පදිංචිව සිටි නිවස පිහිටි ප්‍රදේශයේ යතුරු පැදියෙන් සැරිසරා ඇති බවටද තොරතුරු විමර්ශනවලින් අනාවරණය වී තිබේ. එදින එස්.එෆ්. ලොක්කා ශාරිරික අභ්‍යාස කිරීමට ගොස් සිටි ශරීර සුවතා මධ්‍යස්ථානය ඉදිරිපිටද වෙඩික්කරුවන් රැක සිට ඇති බවටද තොරතුරු විමර්ශකයන්ට ලැබී ඇත. එස්.එෆ්. ලොක්කාට වෙඩි තබන්නේ ශාරීර සුවතා මධ්‍යස්ථානයෙන් පිටව යන අවස්ථාවේ සිට ඔහු ගමන් කළ මෝටර් රථය එම ස්ථානයේ සිටම හඹාගෙන ගොස් බවද මේ වන විට අනාවරණය වී තිබේ.

එස්.එෆ්. ලොක්කා කොළඹ මෝදර කිඹුලා ඇල ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම්කරුවකු ඇතුළු කිහිප දෙනෙකුගෙන් මත්කුඩු ලබාගෙන ඒවා අලෙවිකර මුදල් ලබා නොදීමක් සම්බන්ධයෙන් ද ආරවුලක් තිබී ඇති බැවින් ඔහුගේ ඝාතනයට එම ආරවුල මුල්වී තිබේදැයි විමර්ශන පවත්වන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More