මුහුණු පොතෙන්

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ චීනයට අයත් ජනප්‍රිය යෙදුමක් (APP) වන ටික් ටොක් තහනම් කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරද්දී එක්සත් ජනපදයේ ක්‍රියාත්මක ටික් ටොක් සේවාවන් මිලදී ගැනීමට මයික්‍රොසොෆ්ට් සමාගම සූදානම්ය.

ලෝකප්‍රකට මෘදුකාංග නිෂ්පාදන සමාගමක් වන මයික්‍රොසොෆ්ට් නිවේදනය කර ඇත්තේ එක්සත් ජනපදයේ මෙන්ම, කැනඩාවේ, ඔස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේද ක්‍රියාත්මක ටික් ටොක් සේවාවන් මිලදී ගැනීමට සාකච්ඡා පවත්වමින් සිටින බවයි.

ජනපති ට්‍රම්ප් මීට දින දෙකකට පෙර ප්‍රකාශ කරන ලද්දේ ටික් ටොක් සේවාව එක්සත් ජනපදය තුළ තහනම් කරන බවයි. ඊට නිශ්චිත හේතුවක් ජනාධිපතිවරයා ප්‍රකාශ නොකළද මෑත කාලීන චීනය සහ ඇමෙරිකාව අතර නිර්මාණය වී ඇති උණුසුම්කාරී වාතාවරණය ඊට හේතුවී ඇතැයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම විරෝධතාව මධ්‍යයේ මයික්‍රොසොෆ්ට් ප්‍රකාශ කර ඇත්තේ ටික් ටොක් සේවාව මිලදී ගැනීමේ කටයුත්තේදී ඊට සහභාගි වන ලෙස වෙනත් ඇමෙරිකානු ආයෝජකයන්ටද ආරාධනා කරන බවයි.

මෙම ආයතන හිමිකාරීත්වයේ හුවමාරුව හරහා ටික් ටොක් ඇමෙරිකානු පරිශීලකයන්ගේ සියලුම පෞද්ගලික දත්ත එක්සත් ජනපදයට හුවමාරු කර ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීමටද කටයුතු කරන බව මයික්‍රොසොෆ්ට් පවසා ඇත. එසේම ගනුදෙනුවෙන් අනතුරුව අදාළ දත්ත සියල්ල එක්සත් ජනපද දත්ත මධ්‍යස්ථානයේ ගබඩා කර රටින් පිටත ගබඩා කර ඇති එම සියලු දත්ත මකා දමන බවටද සමාගම ටික් ටොක් පරිශීලකයන්ටතහවුරුවක් ලබාදී තිබේ.

මෙම ගනුදෙනුව සඳහා ජනාධිපති ට්‍රම්ප් සමග මේවන විට සාර්ථකව සාකච්ඡා පවත්වමින් සිටින බවත්, ජාතික ආරක්ෂාවට අදාළ කරුණු පිළිබඳව සලකා බලා ගනුදෙනුව සාර්ථක කර ගැනීමේ අවස්ථාව තිබෙන බවද මයික්‍රොසොෆ්ට් වැඩිදුරටත් පවසා ඇත. කෙසේ වෙතත් මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ටික් ටොක්ස් හිමිකාරිත්වය දරන චීනයේ ‘බයිට් ඩාන්ස්’ සමාගම මේ පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර ​නොමැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More