හක්කපටස් ගිල දැමීම නිසා අනතුරට පත් වූ හැල කිඹුලෙකු නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකයට ඇතුලත් කර තිබේ.
අනතුරට ලක් වූ හැළ කිඹුලාට මේ වන විට ප්‍රතිකාර ආරම්භ කළ බව එම ඒකකය පැවසීය.
මෙම හැල කිඹුලා දිගින් අඩි පහක් පමණ වන අතර හක්ක පටස් පිපිරී යාමෙන් මුඛය ප්‍රදේශයට සහ අතකට දැඩි හානි සිදුව තිබේ.
ගල්ගමුව වනජීවි නිලධාරීන් විසින් වැවක් අද්දර අසාධ්‍යව වැටී සිටි හැල කිඹුලා ඊයේ (03) පස්වරුවේ සොයා ගත් බව පශුවෛද්‍ය ඒකකය පවසයි.
අනතුරට ලක්වූ හැල කිඹුලා දැඩි ලෙස තුවාල ලබා, ආහාර ගැනීමටද නොහැකිව ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසු වන බවත්, කඩිනම් ප්‍රතිකාර ආරම්භ කළ බවද වනජීවි පශුවෛද්‍ය ඒකකය පැවසීය.
ආහාර සොයා ගිය හැල කිඹුලා වන අලින්ට අටවා තිබු හක්කපටස් එකක් ගිල දමන්නට යෑමේදී අනතුරට ලක් වන්වන්නට ඇතැයි වනජීවි නිලධාරීන් සැක කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...