මුහුණු පොතෙන්

අපි බොහෝ දෙනෙක් උදෑසන අවදි වූ පසුව කෝපි කෝප්පයක් පානය කිරීමෙන් පසු දවස ආරම්භ කරති. මෙහි ජවය කොතෙක්ද යත් ඇතැමුන්ට උදේ කෝපි කෝප්පයක් පානය කරන තෙක් තමන්ගේ කටයුතු කිරීමට පවා උනන්දුවක් ඇති වන්නේ නැත. මේ අදහස සැබෑවක් බැව් දැන් සනාථ වී තිබේ. කෝපි කෝප්පය පිටුපස ඒ තරමටම සුවිශේෂීත්වයක් තිබේ.

  • කෝපි බීමෙන් විනාඩි 10 ක් ගතවෙද්දී

කෝපි කෝප්පයක් පානය කිරීමෙන් පසු මුල් විනාඩි 10 ක කාලයේදී මෙහි අන්තර්ගත කැෆේන් රුධිරයට එකතු වෙනවා. ඒ නිසා ඔබට නොදැනීම හෘදයේ වේගය සහ රුධිර පීඩනය ඉහළ යෑමක් සිදු වෙනවා.

  • විනාඩි 20 ක් ගෙවුනාම

කෝපි කෝප්පයක් පානයෙන් දැන් විනාඩි 20 ක් ගෙවී අවසානයි. ඔබේ තීන්දු තීරණ ගැනීමට හොඳම කාලයයි. තීරණ ගැනීමත් එතරම් පසහු දෙයක් නොවෙයි. නිවැරදි තීරණයක් වෙනුවෙන් මනස නිරවුල්ව තිබෙන්න අවශ්‍යයයි. ඔබට මේ පහසුව වගේම ගැටළු බේරුම් කර ගැනීමේ ශක්තිය කෝපි කෝප්පය පානයෙන් විනාඩි 20 කට පසුව ලැබෙනවා. ඒ වගේම ඔබේ මොළය adenosine සමඟ සම්බන්ධව ඇති නිසා වෙහෙසකර ගතියත් අඩු කිරීමට හැකියාව ලැබෙනවා.

  • විනාඩි 30 කින්

දැන් විනාඩි 30 ක් ගොස් අවසානයි. කෝපි වලින් ඔබේ අඩ්රලින් නිෂ්පාදනය වේගවත් වෙනවා. ඒ නිසා ඇසේ කනිනිකාව විස්තාරනය වී පෙනීම වැඩි දියුණු වෙනවා.

  • විනාඩි 40 කින්

දැන් ඕබේ සිරුරේ ( සෙරටොනික් ) මට්ටම ඉහළ යන නිසා නියුරෝන ක්‍රියාකාරීත්වය ශක්තිමත් වීම සිදු වෙනවා. එයින් ඔබේ මාංශ පේශී වඩාත් ශක්තිමත් වීමක් සිදු වෙනවා.

  • පැය 4 කින්

ඔබේ සිරුරේ සෛල ක්‍රියාකාරී වීම සමඟ ශක්තිය නිදහස් කිරීම නිසා මේද දහනය ආරම්භ කරනවා. ඒ වගේම ඔබ වැඩි ක්‍රියාකාරී නොවන අවස්ථාවකදී වුනත් උදරීය යුෂ නිෂ්පාදනය කිරීමේ හැකියාව කැෆේන් සතුව තිබෙනවා.

  • පැය 6 කින්

කෝපිවල අඩංගු කැෆේන් ම්‍රත්‍රාකාරකයි. ඒ නිසා නිරන්තරව මුත්‍රා මඟින් සිරුරට අවශ්‍ය විටමින් සහ ඛණිජ වැනි පෝෂණ පදාර්ථ මුත්‍රා ඔස්සේ පිට විය හැකියි. ඒ නිසා ඔබේ කැල්සියම් පරිවෘත්තික ගැටලු ඇති වීමටත් ඉඩ ප්‍රස්ථාවක් තිබෙන බව අමතක කළ යුතු නැහැ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More