මුහුණු පොතෙන්

ඉකුත් කිසිදු මැතිවරණයකදී දැකගන්නට නොලැබුණු පරිදි මෙවර මහමැතිවරණයේදී දැන්වීම පළ කිරීම සදහා අපේක්ෂකයන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය විශාල වශයෙන් උපයෝගී කර ගැනීමත් සමග දැවැන්ත මුදලක් ෆ‌ේස්බුක් සමාගම වෙත ලැබී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉකුත් බදාදා වනවිට ලංකාවේ අපේක්ෂකයන් ඒ වෙනුවෙන් වැය කර තිබූ මුදල අමෙරිකානු ඩොලර් 234,692කි. එය රුපියල්වලින් නම් මිලියන 43.5කි. (හාරකෝටි තිස්පන් ලක්ෂයකි)

පසුගිය ජුලි 05 වනවිට මෙය අමෙරිකානු ඩොලර් 60,000ක අගයක තිබුණද ජුලි 21 වන විට 300%ක ප්‍රතිශතයකින් එය ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.

මෙහිදී වැඩිම වියදමක් දරා ඇත්තේ බස්නාහිර පළාත් අපේක්ෂකයන්ය. එම මුදල අමෙරිකානු ඩොලර් 106,804කි.

අඩුම වියදමක් දරා ඇත්තේ උතුරුමැද අපේක්ෂකයන්ය. එම මුදල අමෙරිකානු ඩොලර් 4,745කි.

මැතිවරණ ප්‍රචාරක කටයුතුවල අවසන් සතියේදී මෙම මුදල තවත් ඉහළ අගයක් ගනු ඇති බව වාර්තා වේ.

මෙම මුදල වාර්තා වන්නේ දැනට අපේක්ෂකයන් ප්‍රචාරණය සදහා වියදම් කොට ඇති මිලියන 514කට අමතරවය.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර අපේක්ෂකයන් සිය ප්‍රචාරක කටයුතු සදහා විශාල ලෙස සමාජ මාධ්‍ය උපයෝගී කරගන්නා ආකාරයක් දැකගත හැකි විය.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More