මුහුණු පොතෙන්

ජංගම දුරකථනයෙන් නිතර වීඩියෝ ක්‍රීඩා වල නිරත වූ තරුණ විවාහකයකු, මොළයේ නහරයක් පුපුරා යෑමෙන් මිය යාමේ සිද්ධියක් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂණ උසාවියේ පැවැති සාක්‍ෂි විභාගයකදී අනාවරණය වුණා. මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ කොළඹ 13, කි‍්‍රස්ටි පෙරේරා මාවතේ පදිංචිව සිටි ජයරාමන් සුරේන්ද්‍රන් (32) නමැති එක්දරු පියෙක්.

මේ සම්බන්ධ මරණ පරීක්‍ෂණය කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය හමුවේ පැවැති අතර, එහිදී සාක්‍ෂිදුන් මියගිය අයගේ බිරිඳ වන ආනන්දන් දර්ශිකා (32) යන අය මෙසේ පැවැසුවා. ‘‘මියගොස් සිටින්නේ මගේ සැමියා. විවාහයෙන් අපිට එක් දරුවෙක් සිටිනවා. මියගිය අයට මීට පෙර ගැස්ට‍්‍රයිටීස් තිබුණා.

ඒ හැරුණ විට ඔහුට වෙනත් රෝග තිබුණේ නැහැ. ඒ අතර, රාත‍්‍රියේ ෆෝන් එකෙන් ගේම් එකක් ප්ලේ කරමින් සිටියා. ඔහුට ෆෝන් එකෙන් ගේම් ප්ලේ කරන්න එපා කීවත් ඔහු ඒ දේම කරනවා. කියනදේ ඇහුවේ නැහැ. පසුව මා දරුවන් එක්ක නිදාගත්තා. අලූයම 2.00 ට විතර බලන විට ඔහු බාත් රූම් එකේ ඉන්න බවක් දැනුණා. නමුත් නැවත අලූයම 2.30 ට විතර බලනවිටත් ඔහු නිදාගෙන නැති නිසා බාත් රූම් එකේ දොර විවෘත කර බැලූවා.

එසේ බලනවිට ඔහු සම්පූර්ණයෙන්ම වතුර තිබූ බේසමක වැටී ඉන්නවා දැක්කා. පසුව අපි ඔහුව කොළඹ ජාතික රෝහලට අරගෙන ගියා.’’ මෙහිදී විශේෂ ප‍්‍රකාශයක් කළ කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය… ‘‘මේ මියගොස් සිටින අයගේ මරණය මොළයේ නහරයක් පුපුරා යෑම නිසා ඇදා වැටී මොළයට ලේ ගැලීම නිසා සිදුව ඇති බව වෛද්‍ය වාර්තාවල සඳහන් වෙනවා.

මේ පුද්ගලයා රාත‍්‍රි කාලයේ අලූයම 2.00 වෙනතුරු එකදිගට ජංගම දුරකථනයෙන් ගේම් ගැසීම පුරුද්දක් ලෙස කර ඇති බව ඔහුගේ බිරිඳගේ සාක්‍ෂි අනුව අනාවරණය වුණා. මේ තත්ත්වය ශරීරයේ රුධිර පීඩනයකට ඇතැම් විට බලපෑමක් කරන්නට ඇතැයි අධිකරණ වෛද්‍යවරයාගේ කරුණු අනුව අනාවරණය කරගත හැකිවුණා. අපගේ තරුණ පරපුර නිවෙස්වල රඳවා තබාගැනීමට දෙමාපියන් පහසුවෙන් ලබාදෙන දේ තමයි ස්මාට් ජංගම දුරකථනයක් අතට ලබාදීම.

ඇතැම් තරුණ දරුවන් දවස් ගණන් නිවසේ රැුඳී සිටිමින් නිවසේ මිදුලට හෝ බැසීම ප‍්‍රතික්‍ෂේප කරන තත්ත්වයක් පවතිනවා. මේ දරුවන් බොහෝ දෙනෙක් පිළිබඳව සොයා බැලූවහොත් බොහෝ දෙනෙක් ස්මාට් ජංගම දුරකථන භාවිත කරන්නන් බව හෙළිවෙලා තිබෙනවා. එම තරුණ පිරිස් එකවර වේලාවක් කන සහ මොළය යන ඉන්ද්‍රියන් වැඩි වේලාවක් වෙහෙස කිරීම නිසා අප තරුණ පරපුර සිටින්නේ දැඩි අවදානමක කිව්වොත් නිවැරදියි. ඒ නිසා මේ ගැන දෙමාපියන් අවධානයක් යොමුකළ යුතුයි.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී මලින්ත ද සිල්වා මහතා විසින් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ අතර, ඉදිරිපත්වූ සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලටගත් කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂිකා ඉරේෂා දේශානි මහත්මිය මෙම මරණය මොළයේ නහරයක් පුපුරා යෑමෙන් සිදුවූ මරණයක් බවට නිගමනය කළා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More