Notice Board

නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරයේ
මෙහෙවර ප්‍රකාශය

නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරය යනු 69 ලක්ෂයකගේ එකතුවකි. එම එකතුවේ සියළු ජනයා නායකයින් මෙන්ම සාමාජිකයින්ද වේ. ඒ සැමගේ අරමුණ තමා විසින් නිර්මාණය කළ ජනවරම ශක්තිමත් කිරීමයි, ඒ ජනවරම නිර්මාණය කිරීමට මුල්වූ අපේක්ෂා ඉටුකර ගැනීමයි, තමා විසින් පත්කරනු ලැබූ නායකයාගේ අභිප්‍රාය සහ අධිෂ්ඨානය සඵලවනු දැකීමයි, ඒ සඳහා කොන්දේසි විරහිතව පෙනී සිටීමයි, අවශ්‍යනම් සටන් කිරීමයි.

නොවැම්බර් 16 ජනවරම ආරක්ෂා කළ හැක්කේ ඊට දායක වූ 69 ලක්ෂයකගේ අපේක්ෂාවලට ගරු කිරීම මගිනි, එම අපේක්ෂා යථාර්ථයක් බවට පත්කරන උපායමාර්ගික වැඩපිළිවෙලට දායකත්වය සහ නායකත්වය ලබාදීම මගිනි, එම වැඩපිළිවෙල සමාජගත කිරීම මගිනි, ඊට මහා සමාජයේ අනුමැතිය සහ සහයෝගය ලබාගැනීම මගිනි.

අද දින අප විසින් සිදුකරනු ලබන්නේ 69 ලක්ෂයක හදවත්වල කැකෑරෙන අපේක්ෂා උපාය මාර්ගික වැඩපිළිවෙලක් බවට පරිවර්ථනය කොට සමාජ ගිවිසුමක් ලෙස ඉදිරිපත් කිරීමයි. දැන් 69 ලක්ෂයේ එකා බැගින් වන වගකීම වන්නේ තමා මනාප ලබාදෙන මහජන නියෝජිතයා එම සමාජ ගිවිසුම සමග එකඟ කර ගැනීමයි. එකඟ නොවන්නේ නම් මනාප නොදී සිටීමයි. එසේම මනාපය දීමෙන් පසුව ගිවිසුමට අනුව නියෝජිතයා කටයුතු කරන බව සහතික කර ගැනීමයි, එම සහතිකයට නියෝජිතයා ගරු කරනවාද යන්න නිරතුරුව සොයා බැලීමයි, ගිවිසුමට අනුව වැඩ සිදුනොවන්නේනම් ප්‍රශ්න කිරීමයි, ගිවිසුම කඩ කරන්නේනම් අභියෝග කිරීමයි.

69 ලක්ෂයකට ඉතිහාසය විසින් පවරා ඇති එම වගකීම අන්කිසිවෙකුට පවරා බලා සිටිය නොහැක. එම වගකීම අප සැම විසින්ම ඉටුකළ යුතුයි. ඒ සඳහා වන පූර්ව කොන්දේසිය වන්නේ ජාතිවාදී, ආගම්වාදී, බෙදුම්වාදී දුෂ්ඨ බලවේගවල ප්‍රාණ ඇපකරුවෙකු නොවන ආණ්ඩුවක් පිහිටුවා ජනපතිදුන්ගේ දෑත් ශක්තිමත් කිරීමයි.

ජනපතිදුන්ගේ අධිෂ්ඨාණය සඵල කිරීම සඳහා ශක්තියක් වෙමු!
ඊට පක්ෂ වන්නන්ට දෑත් දිගු කරමු!
එරෙහි වන්නන්ට එරෙහි වෙමු!
සටන ජයග්‍රහණයෙන් අවසන් කරමු!

නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරය

බලවත් ආණ්ඩුවක් හදන සමාජ ගිවිසුම කියවන්න/ බාගතකරන්න – මෙතනින් පිවිසෙන්න



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ – වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යාංශයට

නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා ලේකම්වරු පත්කර තිබේ. ඔවුන්ගේ පත්වීම් ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (13) පස්වරුවේ ...


Read More

ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් චීනයට ගිය 23 දෙනෙකුට කොරෝනා : ගුවන් ගමන් සති 04කට අත්හිටුවයි

පසුගිය අගෝස්තු 07 වනදා කොළඹ සිට චීනයේ ෂැංහයි ගුවන්තොටුපළ බලා ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයේ මගීන් අතරින් කොරෝනා රෝගීන් 23 දෙනෙකු වාර්...


Read More

19 අහෝසි කිරීමක් නෑ, තාවකාලික වෙනස්කම් කිහිපයක් දැනට කරගන්න වෙයි – වාසුත් ලනුව ගිලියි

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමක් මේ මොහොතේ සිදු නොකෙරෙනු ඇති බවත් තාවකාලික වෙනස්කම් කිහිපයක් පමණක් සිදුකෙ...


Read More