අසල්වැසි ඥාති පවුල් දෙකක් අතර කාලයක සිට ආරවුලක් පවතින අතර, ඒ මැදට පැන සපාකෑමට පැමිණි එක නිවෙසක සුරතලේට ඇති කරන සුනඛයකු පිළිබඳව කෝපයට පත් නාවික හමුදා සෙබළකු,එම සුනඛයා දෙපයින් අල්ලා පොළොවේ ගසා ඝාතනය කිරීමේ සිද්ධියක් රංගල පොලිස් වසමෙන් වාර්තා වේ.
පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව නාවික සෙබළා අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය පිළිබඳව සැකපිට අත්අඩංගුවට ගන්නා ලද නාවික හමුදා සෙබළා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තෙල්දෙණිය මහෙස්ත්‍රාත් ශානක කලන්සූරිය නියෝග කළේය.
රංගල පොලිස් වසමේ මීඅංපහා ගම්මානයේ පවුල් දෙකක් අතර ඇති වූ ආරවුලකදී මෙම සිද්ධිය වී ඇත.
ජානක එස්. බණ්ඩාර – කුණ්ඩසාලේ
උපුටා ගැනීමකි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...