මුහුණු පොතෙන්

බලංගොඩ, රාවණා කන්ද ප්‍රදේශයේ පදිංචි 17  හැවිරිදි පාසල් සිසුවියක් අමානුෂික ලෙස අපයෝජනය කර සිටිය දී,  බලංගොඩ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (08) සවස සිදුකර ඇති අතර, එහිදී අධිකරණ වෛද්‍යවරයා විසින් දැරියගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර එහි වාර්තාවක් ලබා ගන්නා ලෙස දැනුම් දී ඇත.

සිදුවීම සම්බන්ධයෙන් 24 හැවිරිදි බලංගොඩ, සින්නවල, ගයිවත්ත ප්‍රදේශයේ තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

උසස් පෙළ සඳහා බලංගොඩ ප්‍රසිද්ධ පාසලක් වෙත ඇතුළත් වීමට තිබු බැවින් අලුත් ඇඳුමක් මැසීමට දී එය ලබා ගැනීමට බලංගොඩ නගරයට ගිය අවස්ථාවේ දී ඇය අතුරුදන්ව තිබේ.

පසුව දෙමාපියන් විසින් පොලීසියට දැරිය අතුරුදන්ව ඇතැයි පැමිණිලි කර ඇති අතර, පසුදින දැරිය සිටින ස්ථානයක් පිළිබඳව ද දෙමාපියන්ට දැනගැනීමට ලැබී ඇත.

ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කළත් ඔවුන් දැරිය ඇති ස්ථානයට නොගිය බැවින් තමා හා තවත් පිරිසක් අදාළ ස්ථානයට ගිය බව මියගිය දැරියගේ පියා පවසයි.

නිවසක ඇඳක් මත තම දියණිය වැතිර සිටි බවත් එහිදී සැකකරු අල්ලා බලංගොඩ පොලීසියට බාර දුන් බවත් දැරිය වහාම බලංගොඩ රෝහල වෙත ඇතුළත් කළ බවද ඔහු පැවසීය.

පසුව ඇයට සැත්කමක් සිදුකර ඇති බව රෝහලෙන් පැවසු බව ද කියාසිටි මියගිය දැරියගේ පියා ඉන්අනතුරුව දැරිය මියගොස් ඇතැයි පැවසු බව ද කියා සිටියේය.

“ළමයා කතා කරේ නෑ. ඇස් දෙක ඇරලා බැලුවා“ යැයි ද ඔහු පැවසීය.

සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 22 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More