මුහුණු පොතෙන්

පැය පහකට අධික කාලයක් සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ක්‍රීඩාවේ යෙදුණ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි එක්දරු පියෙක් මොළයේ නහරයක් පුපුරා යාමෙන් මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ කොළඹ 14 ක්‍රිස්ටි පෙරේරා මාවතේ පදිංචි ජයරාමන් සුරේන්ද්‍ර නමැති අයයි.

ඔහු පසුගිය 29 වැනිදා රාත්‍රි නවයේ පමණ සිට පාන්දර දෙක පමණ වන තුරු කාමරයට වැදී සිය ජංගම දුරකථනයෙන් ක්‍රීඩා කරමින් (mobail game) කරමින් සිටි බව මෙම මරණය පිළිබඳව කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක ඉරේෂා දේශානි ඉදිරියේ පැවැති මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් මියගිය අයගේ බිරිඳ වන තිස්තුන් හැවිරිදි ආනන්දන් දර්ශිකා කියා සිටියාය.

එහිදී තවදුරටත් සාක්ෂි දුන් ඇය,අපට එක් දරුවෙක් සිටිනවා. ඔහු ව්‍යාපාරිකයෙක්. මා දන්නා පමණින් ඔහුට ගැස්ට්‍රයිටිස් රෝගය හැර වෙනත් රෝගයක් තිබුණේ නැහැ. රාත්‍රි නවයට පමණ ඔහු ජංගම දුරකථනයෙන් ගේම් එකක් සෙල්ලම් කරමින් සිටින අයුරු මම දුටුවා.

මම ඔහුට කිව්වා ඕක නතර කරලා නිදාගන්න එන්න කියලා. ඒත් ඔහු ආවේ නැහැ. ෆෝන් එකෙන් ගේම් ක්‍රීඩාව කරන ගමන්ම ඔහු කීවා මටත් දරුවටත් කාමරයට ගිහින් නිදාගන්න කියලා. මම දරුවා සමග නිදා ගැනීමට ගියා.

පසුදා එළිවෙන පාන්දර දෙකට පමණ මට නාන කාමරය පැත්තෙන් ශබ්දයක් ඇහුණ නිසා මම නාන කාමරයට ගොස් දොර ඇර බැලුවා. එවිට මගේ ස්වාමි පුරුෂයා නාන කාමරයේ මූනින් අතට වැටී සිටිනවා මම දුටුවා. ඒ මොහොතේම මම 1990 ගිලන් රථ සේවයට කතා කර ඔහු කොළඹ ජාතික රෝහලට රැගෙන ගියා. එහෙත් ඒ වන විටත් ඔහු මියගොස් ඇති බවට වෛද්‍යවරුන් පවසා සිටියා යැයිද කියා සිටියාය.

මෙම මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය සිදුකළ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය මලින්ද ද සිල්වා තීරණය කළේ මියගිය අය ජංගම දුරකථනයෙන් ක්‍රීඩා කරමින් සිටියදී මොළයේ නහරයක් පුපුරායාම නිසා මොළයට සිදුවූ ලේ ගැලීමකින් මෙම මරණය සිදුවී ඇති බවයි.

මෙම මරණය පිළිබඳ හදිසි පරීක්ෂණ වාර්තාව ලබාදුන් හදිසි මරණ පරීක්ෂිකා ඉ​රේෂා දේශානි කියා සිටියේ මියගිය අය එදින රාත්‍රි 9 සිට අලුයම දෙක දක්වා එක දිගට පැය පහක පමණ කාලයක් ජංගම දුරකථනයෙන් ක්‍රීඩා කිරීම නිසා රුධිර පීඩනය අධික ලෙස ඉහළ යාමෙන් මොළයේ නහරයක් පිපිරී මෙම මරණය සිදුවී ඇති බවට වෛද්‍යවරුන් නිගමනය කර ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More