මුහුණු පොතෙන්

2020 ඇමරිකානු ජනාධිපතිවරණය හේතුවෙන් මුහුණු පොතේ ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි වෙනස් කිරීමට සුදානම් වන බව ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසයි.

වර්ණ භේදවාදී අර්බුදය සහ කොරෝනා ව්‍යප්තියද මෙම තීරණයට හේතු වූ බවයි සකර්බර්ග් වැඩිදුරටත් පවසා සිටියේය.

සිය ෆේස් බුක් ගිණුමේ සජීවී වීඩියෝ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළකර සිටියේය.

ඉදිරියේදී කොරෝනා ව්‍යාප්තිය පිළිබද අසත්‍ය තොරතුරු වැළැක්වීමට ක්ෂණිකව පියවර ගන්නා අතරම 2020 ඇමරිකානු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ද එලෙසම ඉක්මන් ප්‍රතිචාර දක්වන බවද ඔහු කියා සිටියේය.

සුළුජාතිකයන්ට, සංක්‍රමණිකයන්ට සිදුවන අකටයුතුකම් වැළැක්වීමට ගන්නා පියවරක් ලෙස කිසියම් පුද්ගලයෙකුට හෝ ජාතියකට මානසිකව සහ ශාරීරිකව අපහසුතාවයට පත් කරන දැන්වීම් තහනම් කරන බවත් මේ සදහා Hate speech (වෛරී සහගත ප්‍රකාශ) යන ෆේස්බූක් සමාගමේ ප්‍රතිපත්තිය මෙලෙස වෙනස් කිරීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More