මුහුණු පොතෙන්
ඉන්දියාවේ වෙසෙන 24 හැවිරිදි  මී මැස්සන් පාලනය කරන්නෙක්  විසින් ඔහු විසින් ඇති කරනු ලබන මී මැස්සන් 60,000 ක් දෙනා තම හොඳම මිතුරන් සේ සළකමින් ඔවුන්  හට තම මුහුණ  බෙල්ල  හා හිස සම්පුර්ණයෙන්  ආවරණය වන සේ  වැසීමට ඉඩ ලබා දීමේ පුවතක් එංගලන්තයේ පළ වන “ඩේලි මේල් ” පුවත්පත විසින් වාර්තා කර  තිබේ.
එම පුවත්පතට අනුව  ඉන්දියාවේ කේරළ  ප්‍රාන්තයේ වාසය කරන “නේචර් එම් එස් ” යන අන්වර්ථ නාමයෙන්  හැඳින්වෙන මෙම  මී මැස්සන් පාලනය කරන්නා මෙසේ  අනෙක් අයට තර්ජනයක්  වී තිබෙන මී මැස්සන්  තමාට  තර්ජනයක්  සේ නොසළකමින් ඔවුන්ට  තම මුහුණ ,බෙල්ල හා හිස   සම්පුර්ණයෙන්  ආවරණය වන සේ වැසීමට අවස්ථාව සලසා දෙනුයේ  හත් හැවිරිදි වියේ සිට බව පුවත්පත පවසයි. හත් හැවිරිදි වියේ පසු වන විට නේචර් ප්‍රථම වරට  සිය පාසල් මිතුරන් ඉදිරියේ මෙසේ විශාල මී මැස්සන් සංඛ්‍යාවක් තම මුහුණේ තබා ගනිමින් ඔවුන්ව  පුදුමයට පත් කර තිබේ.
නේචර් පැය 04 යි විනාඩි 10 යි තත්ත්පර 05ක කාලයක් මී මැස්සන් 60,000 ක සංඛ්‍යාවක් සිය මුහුණ හා හිස ආවරණය වන සේ තබා ගනිමින් දිගු  කාලයක් තිස්සේ නොබිඳී පවතින  ගිනස් ලෝක වාර්තාවකටද හිමිකම් කියන්නෙකි .
නේචර් ට අනුව ඉතාමත් පළපුරුදු මී මැස්සන් පාලනය කරන්නෙකුට වුවද  මී මැස්සන් හා කටයුතු කිරීමේදී  ඔවුනගේ  දෂ්ට කිරීම් හේතුවෙන් දරුණු ඝනයේ ආසාත්මිකතාවන්ට  ලක් වීමට සිදු වුවද මී මැස්සන්ගේ තුඩු වලින්  සිය තොල් හා ඇහී බැමිවලට  සිදු විය හැකි  දෂ්ටනයන්  පිළිබඳව ඔහු ගණනකට නොගනී. එවැනි දෂ්ටනයක් සිදු වුවහොත් එය තමාගේ වරදක් මිසක මී මැස්සන්ගේ වරදක් නොවන බවද ඔහු සඳහන් කර තිබේ.
මී මැස්සන් සමග සිදු කරනු ලබන මෙම බිහිසුණු රංගනය නේචර් ට හඳුන්වා දී ඇත්තේ සම්මානනීය මී මැසි පාළකයෙකු මෙන්ම මී පැණි නිෂ්පාදකවරයෙකුද  වූ තම පියා වන සජයකුමාර්  විසිනි.  “මා මුලින්ම මෙසේ මී මැස්සන්ට මුහුණ  ,බෙල්ල හා හිස ආවරණය වන සේ වැසීමට ඉඩ සැලැස්වූයේ මී මැසි රැජින  මාගේ අතෙහි තබා ගැනීමෙන්. එවිට සෙසු මී මැස්සන්  විනාඩි 15ක් වැනි සුළු වේලාවකදී මගේ අත ආවරණය වන සේ  වැසුවේ  ඔවුන්ගේ රැජින සෙවීමට හා ඇයව ආරක්ෂා කිරීමටයි. අනෙක් දවසේ මා මී මැසි රැජින හිසෙහි තබා ගත් විට  පෙර පරිදිම මී මැස්සන් එක පොදියට මගේ හිස සම්පුර්ණයෙන්ම ආවරණය වන සේ වැසුවා ” නේචර් කියයි.
ඔහුට අනුව සිය පියා විසින් ලබා දී ඇති අවවාදය වනුයේ මී මැස්සන් සමග ගැවසීමේදී සන්සුන් ව සිටින ලෙස හා ඔවුන්ට  සිය මිතුරන් සේ සළකන ලෙසයි.”මෙය පහසු කාර්යයක් නොවේ .මගේ හිස හා මුහුණ සම්පුරණයෙන්ම මී මැස්සන්ගෙන් ආවරණය වූ පසුවද මට පිටත හොඳින් දර්ශනය වනවා .ඒ නිසාම මී  මැස්සන්ගෙන් හිස හා මුහුණ ආවරණය වුවද සුළු වේලාවක් ඇවිදීමට හා  නැටීමට මට අවස්ථාව තිබෙනවා ” ඔහු සඳහන් කර  තිබේ.
  ඒමන්ති මාරඹේ


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More