මුහුණු පොතෙන්

හෙළයාගේ කියමන,

June 7, 2020 6:55 am | Lanka Lead News

මේ රටට පැමිණීමට බලාපොරොත්තු වෙන් ඉන්න විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රශ්නය මාර එකක්.මේ සාකච්ඡාව ආයෙත් අළුත් උනේ එක්තරා දේශපාලනඥයෙකු කියපු කට කැඩිච්ච කතාවකින් පස්සේ.එයා අහන්නේ මේ මිනිස්සු ගෙනැල්ලා කොහේටද දාන්නේ කියලා. ඒක නම් ප්‍රශ්නය ඒ ප්‍රශ්නයට උත්තරයක් හොයලා දෙන්න රට වටේම ඇවිදපු සේල්ස් රෙෆ් මහත්තයෙකුට පුළුවන්.ඒක නිසා මේවගේ සංවේදී ප්‍රශ්නයකදී ඔයවගේ දෙකේ පහේ ඔලමොට්ටල කතා කියන්න එපා කියලා එතුමාගෙන් ඉල්ලනවා.

අපි ඇත්ත ප්‍රශ්නය කතා කරමු.ඇත්තටම මේක ආණ්ඩුවට තියෙන ලොකු අභියෝගයක්. ඒක මොන ආණ්ඩුව තිබුනත් තියන එකක්. දැන් රටට එන්න බලාගෙන මැදපෙරදිග කලාපයේම විසි තිස්දාහක් විතර ඉන්නවා. එයින් සෑහෙන ප්‍රමානයකට කොරෝනා ආසාදනය වෙලා තියෙන්නේ.එයාලා ගෙන ඒම විසින් අපි මුහුණ දෙන අභියෝගය සුළුපටු නෑ.එකක් අපේ රටේ රෝගීන් ප්‍රමාණය 2500 ට වඩා වැඩි වුන ගමන් සෞඛ්‍ය පද්ධතිය බිද වැටෙනවා.ඊළඟට සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ විශාල ප්‍රමාණයක් නැවත අනවශ්‍ය විදියට රෝගයට නිරාවරණය වෙනවා.ත්‍රිවිධ හමුදාවටත් ඒ ප්‍රශ්නය ඒ විදියට තියනවා.ඒ වගේම කොතනින් හෝ වෛරසය සමාජයට කාන්දු වෙන්න තියන සම්භාවිතාවය ගොඩක් වැඩී.මේක තමයි ඇත්ත කතාව.

හැබැයි ප්‍රශ්නය එහෙම කියලා මගාරින්න බෑ.ඒ රටවල ඉන්න අපේ මිනිස්සුන්ට දැනටමත් ඒ රටවල්වලින් පිට වෙන්න කියලා තියෙන්නේ.ඒ අයව ශ්‍රී ලංකාවට ගෙනත් දාන්නත් නොමිලේ ගුවන් පහසුකම් දෙන්නත් එයාල සුදානම්.මොකද එයාලට ඕනි ඉක්මනින් මේ කරදරයෙන් නිදහස් වෙන්න.අපේ අය ඉන්න කදවුරු ඇතුළේ වේගයෙන් වෛරසය පැතිරෙනවා.මරණ ගණන දවසින් දවස ඉහළ යනවා.ඇත්තටම හරි ප්‍රතිකාරයක් වැටෙන්නේ නෑ.හැම කෙනාම මරණය එනකම් පණ ගැහි ගැහී බලා ඉන්නවා.ඒ රටෙන් යන්න කිව්වහම ඒ මිනිස්සු හැරෙන්නේ තමන්ගේ මව් බිම පැත්තට.වෙන කොහේ යන්නද?කවුද බාර ගන්නේ.හැබැයි අද ගහේ ගෙඩි ගහට බර වැඩි වෙලා.

ඇත්තටම මේ ප්‍රශ්නයට උත්තරයක් නැද්ද?ඇත්තටම තියනවා.මොකද උත්තරයක් නැති ප්‍රශ්නයක් අපට හම්බ වෙන්නේ නෑ.එහෙනම් මොකද්ද උත්තරය.

එකම උත්තරය තමයි අපි මේ අභියෝග සමාජයක් විදිහට බාර ගන්න ඕනි.ඒක එහෙම නොවෙන තාක් ප්‍රශ්නයට උත්තරයක් නෑ.මේක ආණ්ඩුවට විතරක් විසදන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි.ඒත් එකේ ලොකු පංගුව ආණ්ඩුවට තියනවා.මම කියන්නේ මේ අමිහිරි ඇත්ත රටට කතා කරන්න ඕනි.අපි ඒ මිනිස්සු මෙහේට ගේන්න ඕනි.20000 ක් විතර තියන්න තැන් ඕනි.ලෙඩ්ඩු වෙන් කරන්න ඕනි.ඒවට ප්‍රදේශ වෙන් කරන්න ඕනි.ඒවා ලොක් ඩවුන් කරන්න වෙයි.එයාලා නඩත්තු කරන්න ඕනි.ඒ බර සමාජය දරන්න ඕනි.අපි ඒ මිනිස්සු වෙනුවෙන් කැප කරන්න ඕනි.එයාලට ප්‍රතිකාර ඕනි.වූහාන්වල කළා වගේ බටහිර හා දේශීය වෙදකම හරහා ප්‍රතිකාර කරන්න ඕනි.

දැන් අපේ රටේ හෙළ වෙද පරම්පරාවල වෙද මහත්තුරු ලෑස්ති මේ අභියෝග භාර ගන්න. අඩුම ගානේ ඒ මිනිස්සු ගෙනත් හෙළ වෙද මහත්තුරුන්ට බාර දෙමු.ඒත් ඒක ලොකු ක්‍රියාවලියක්.සරළ නෑ.මට නම් හෙළ වෙදකම ගැන ලොකු විස්වාසයක් තියනවා.ඔය ඕනි ප්‍රශ්නයකට උත්තරයක් හෙළ ඉතිහාසය තුළ තියනවා.හෙළ වෙදකම තුළ අනිවාර්යෙන්ම තියනවා.අඩුම ගානේ ඒ මරු කතර මැද තනිවෙලා මැරෙනවාට වඩා ඒ මිනිස්සුන්ගේ ජීවිතය බේරගන්නඩ හදන අපේ මිනිහෙක් අතින් කොත්තමල්ලි උගුරක් බීල මැරෙන එක එයාලට ලොකු සහනයක් වේවි. මොකද උන්ට පිළිසරණකට කියලා ඉන්නේ අපි විතරයි.

Priyanjith Vitharana – උපුටා ගැනීමකි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More