මුහුණු පොතෙන්

1948 පෙබරවාරි 4 ශ්‍රී ලංකාවට නිදහස හිමි වූ දිනයයි. නමුත් ශ්‍රී ලංකාවට පරිපූර්ණ නිදහස හා ස්වාධීනත්වය ලැබුවේ මීට වසර 48 කට පෙර අද වැනි දිනකයි වර්ෂ 1948 පෙබරවාරි 4 වනදා ශ්‍රී ලංකාවට අරුණ නැගැන්නේ වසර 133 ක් බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව සිට නිදහස් වූ බිමකටය.

නමුත් මෙහිදී අපට තිබුණේ ඩොමීනියන් නිදහසක්.

ඒ අනුව මෙරට රාජ්‍ය නායකයා ලෙස තවදුරටත් මහා බ්‍රිතාන්‍යයේ රජු හෝ රැජින කටයුතු කළා.

ඔහුගේ හෝ ඇයගේ මෙරට නියෝජිතයා ලෙස පිළිගැනුනේ අග්‍රාණ්ඩුකාරවරයායි.

ඒ අනුව නිදහස් ලංකාවේ පරිපාලනමය කරුණු රැසක් පිළිබඳව අවසාන බලය තවදුරටත් බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව තිබුණා.

1948 ලැබුණු ඩොමීනියන් නිදහස පරිපූර්ණ නිදහසක් බවට පත් වූයේ 1970 දී බලයට පත්වන සමගි පෙරමුණු ආණ්ඩුව ගෙන ආ නව ජනරජයට ව්‍යවස්ථාවත් සමඟයි.

අපේ මව් පොළොව මුළුමනින්ම බ්‍රිතාන්‍ය කිරීමයෙන් ගලවා ගැනුණු ඒ නව ජන රජ ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් වුණේ මීට වසර 48 කට පෙර අද වැනි දිනකයි.

මේ අනුව එතෙක් සිලෝන් යනුවෙන් හැඳින්වූ අප රට ශ්‍රී ලංකා ජනරජය ලෙස එතැන් සිට හැඳින්වුණා.

සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ මුලින් ඉවත්වීමත් ඒ සමඟ සිදුවුණා.

ඒ අනුව ඒකීය රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දීමත් ජාතික ධජයේ සිවු කොණට බෝපත් සතරක් එකතු වීමත් දේශීයත්වය රැකගත් ජනරජ ලාංඡනයක් නිර්මාණය වීමත් සිදු වනවා.

ශ්‍රී ලංකාව එලෙස සම්පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත්වන්නේ 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් පසුවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More