මුහුණු පොතෙන්

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද(15) දිනයේ දී මිලි මීටර 150ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය එම ප්‍රදේශයේ දීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය අද දිනයේ දී දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුළ දී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

එහි බලපෑම හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්ම නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකියි.

දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40-50 ත් අතර විය හැකියි.

දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

සෙසු පළාත්වල විශේෂයෙන් ඌව හා නැගෙනහිර පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වෙන විට අකුණු මඟින් ද අනතුරු සිදු වෙයි.

දකුණු බෙංගාල බොක්කට සුළි කුණාටුවක්-දිවයිනට මි.මී 150ට වැඩි වැසි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More