මුහුණු පොතෙන්

මෙය “ද ගාර්ඩියන්” වෙබ් අඩවිය, මැයි මාසයේ 14 වෙනිදා පළ කර තිබෙන ලිපියක සිංහල පරිවර්තනයයි. සිංහල පරිවර්තනය අප උපුටා ගත්තේ, ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයෙනි. ලිපියේ සිංහල පරිවර්තනය කර තිබෙන්නේ, උපාලි ජයසිංහ නමැති අයෙකි.

ඔහුට නිසි ගෞරවය ලබා දෙමින්, අපි, ඔහුගේ ලිපිය අපගේ පාඨකයන් වෙනුවෙන් ද මෙසේ උපුටා දක්වමු.

ඉන්දියාවද අපිද ඇගෙන් උගත යුතුය – කේරළ ‍‍සෞඛ්‍ය ඇමතිනී K.K.Shailaja

ජනවාරි 20 වැනි දින කේරළයේ සෞඛ්‍ය ඇමතිනී කේ.කේ. ෂයිලාජා ඇගේ වෛද්‍ය පුහුණුව ලත් නියෝජිතයෙකුට දුරකථන ඇමතුමක් දුන්නාය. චීනයේ පැතිරෙන භයානක නව වෛරසයක් ගැන ඇය අන්තර්ජාලය හරහා කියවා තිබුණි. “එය අපට පැමිණේවිද?” ඇය ඇසුවාය. “නිසැකවම මැඩම්,” ඔහු පිළිතුරු දුන්නේය.

චීනයේ නව වෛරසය ගැන කියවා දින තුනකට පසුව, කේරළයේ පළමු කොරා්නා වෛරස් රෝගීයා වාර්තාවීමටත් පෙර, ශයිලාජා සිය වේගවත් ප්‍රතිචාර කණ්ඩායමේ පළමු රැස්වීම පැවැත්වීය.

ඊළඟ දවසේ, ජනවාරි 24, කණ්ඩායම පාලක මැදිරියක් පිහිටුවා කේරළයේ දිස්ත්‍රික්ක 14 හි වෛද්‍ය නිලධාරීන්ට වහ වහා උපදෙස් දුන්නාය.

ඇය කේරලයේ සෑම ගමකම වෛරස් රෝගීන් සදහා නිරීක්ෂන මටිටමෙි ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයවල ඒකකයක් වෙන්කල අතර කේරලයේ ඇති ප්‍රධාන රෝහල් දෙකක් වෛරස් ආසාදිතයන් සදහා වෙන්කලාය. එක වෛද්‍ය විද්ල‍යයකට ඇදන් 500 ක් බැගින් කේරල වෛද්‍ය විද්‍යාල අටෙිම වෛරස් රෝගීන්ට ප්‍රතිකාර කල හැකි වැඩ පිලිවෙලක් සකස්කලාය.

කේරළයේ මීට කලින් පැවති “නයිපා” වසංගතය Covid-19 සදහා ෂයිලාජා සූදානම් කළ අතර, ප්‍රතිකාරයක් හෝ එන්නතක් නොමැති අතිශය භයානක ලෙස බෝවන රෝගයක් බැරෑරුම් ලෙස ගත යුතු බව එය ඇයට උගන්වා තිබිණි.

කෙසේවෙතත් , එක්තරා ආකාරයකින් ඇය සිය ජීවිත කාලය පුරාම ඔනෑම පුපුරා යාමක් සඳහා සූදානම් වෙමින් සිටියාය.

ජනවාරි 27 වන දින, වුහාන් සිට ගුවන් යානයක් හරහා,පළමු රෝගියා කේරළයේ වාර්තාකරන විට කේරළ රජය විසින් දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරීක්ෂණ, හෝඩුවාවන්, හුදකලා කිරීම් සහ සුදානමිවීමි සියල්ල කර තිබිණි.

සිය ප්‍රාන්තයට වෛරසය පැමිනෙන්නේ ගුවන් මගින් බව නිරීක්ෂනය කල ඇය, මාර්තු 23 වන දින, ප්‍රාන්තයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් හතරේම සියලුම ගුවන් ගමන් නතර කරන ලදි.

කේරළයේ වෛරසයේ උච්චතම අවස්ථාවේ දී, සෞඛ්‍ය සේවකයින් 170,000 ක් නිරෝධායනය කර දැඩි පරීක්ෂාවට ලක් කරන ලද අතර, ඇතුළත නාන කාමරයක් නොමැති අය ප්‍රාන්ත රජයේ වියදමින් වැඩි දියුණු කරන ලද හුදකලා ඒකකවල තැබීය.

මන්ද ඔවුහු මෙි ගමනේදී අතවශ්‍යම මිනිසුන්ය.. ඊට අමතරව ඇය “අගුලු දැමීමෙන් කේරළයේ සිරවී සිටින අසල්වැසි ප්‍රාන්තවලින් සංක්‍රමණික කම්කරුවන් 150,000 ක් සඳහා නවාතැන් හා පෝෂණය ලබා දීමට පටන් ගත්තාය. එය දේව කාර්යයකි. කිසිදු ප්‍රාන්තයක නොකල හා අමතක කර දැමූවකි.

ඇය ගමෙන් ගමට සිය වෛද්‍ය කණ්ඩායම සමග ගොස් භීතියෙන් සිටි ඡනතාව අස්වැසූ අතර රෝගය බෝනොවීමට කටයුතු කරන්නේ කෙසේදැයි කියා දුන්නාය.

මාස 04 කට පසු අද වනවිට තුන්කෝටි පනස්ලක්ෂයක් ඡීවත්වෙන කේරළයේ වෛරස් රෝගීන් 524 ක් හදුනාගෙන මරණ 04 කින් එය සීමා කිරීමට ඇය දක්ෂ වුවාය බොහෝවිට මෙි තත්වයෙන් ඇයව පෝෂණය කර ඇත්තේ ඇගේ ප්‍රාන්ත ආණ්ඩුව දරන කොමියුනිස්ටි පක්ෂයයි ඉන්දියාවෙි සාක්ෂරතාවය වැඩිම ප්‍රාන්තයද, අද්‍යාපනයට හා සෞඛ්‍යට වැඩිම මුදලක් වෙන්කරන ප්‍රාන්තයද ඉන්දියාවෙි වැඩිම කාලයක් මිනිසුන් ඡිවත්වන ප්‍රාන්තයද එයයි.

කේරළ ‍‍සෞඛ්‍ය ඇමතිනියගෙන් indianexpress පුවත්පත මෙසේ අසා තිබිනි.COVID-19 කේරළයට තර්ඡනය කර අවසන්ද ?

‘‘COVID-19 ගැටළුව මාසයක් තුළ විසඳිය හැකි යැයි අපි නොසිතමු. මේ වන විට අපගේ මරණ සහ ආසාදිතයන්ගේ ප්‍රමාණය පහත වැටී ඇති අතර එය හොඳ ප්‍රකෘතියකි. . ඒ අතරම, අපි සැනසිල්ලේ වෙරළකට තවමත් පැමිණ නැත. අසල්වැසි ප්රාන්තවල නඩු ඉහළ යයි. මෙම තත්වය තුළ කේරළයට ආරක්ෂිත දූපතක් ලෙස පැවතිය නොහැක. අපගේ වර්තමාන සුපරීක්ෂාකාරිත්වය සහ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය දිගටම කරගෙන යා යුතුය. අප අපගේ වෛද්‍ය කණ්ඩායම්වලට පවසා ඇත්තේ අප ඉදිරියේ ඇති දැවැන්ත වැඩ සලකා බලා ඔබලාට විවේක ගත නොහැකි බවයි. මම ඔවුන්ට පවසා ඇත්තේ අපට ඉදිරි මාස හතර හෝ පහ සඳහා සටන් කිරීමට සිදුවිය හැකි බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More