මුහුණු පොතෙන්

⚓️ මේ නැව තමන් ආපු සංචාරය අවලංගු කරලා.. මඟීන් ටික ගොඩ බස්සන්න තැනක් ඉල්ලලා.. ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, මැලේසියාව හෝ ඩුබායි වැනි වරායන් වලින් ඒ ඉල්ලීම් ප්‍රතික්ශේප වෙලා.. යන්න වෙන තැනක් නැතුව දීර්ඝ විවේකයක් ගන්න තමන්ගෙ ගෙදර (ඉතාලිය) යන ගමන් මේ නැව දැන් ඉන්නෙ.. තව දවස් හත අටකින් උපරිම 10කින් තමන්ගෙ ගමනාන්තයට යනවා,,

⚓️ ඒ යන්නෙ සෑහෙන්න කාලෙකට ඇන්කර් එකකට හරි ලේඅප් එකකට හරි තමයි.. (මොකද මේ කාලෙ පැසෙන්ජර් ශිප්වලට යන්න පෝට් එකක්වත් හොයන්න බෑ…) ඒ සමඟ නැවේ ඉන්න සංචාරකයො වගේම ටෙක්නිකල් ස්ටාෆ් එකෙත් අවම පිරිසක් හැරුනම ඉතිරි අය තම තමන්ගෙ ගෙවල්වලට යවනවා..

⚓️ මේ නැවේ සංචාරකයො සහ නිලධාරීන් අති බහුතරය යුරෝපීය ජාතිකයො.. කෲ එකේ පිලිපීන ඉන්දීය ජාතිකයො තමයි වැඩි.. ඒ ගොල්ලො පිරිස වැඩි නිසා වෙනම ෆලයිට් ඇරේන්ජ් කරලා හරි ඒ පිරිස යවන එක උනත් ඒ සමාගමට පාඩු නෑ නැවේ තියා ගෙන වැඩ නැතිව පඩි ගෙවනවට වඩා.. මොනවත්ම කරන්න බැරි උනොත් කරන්නෙ නැවේ තියා ගන්න එක.. කොච්චර කාලෙකටද,,?? උන්ට තියෙන අවධානම..?? දෙයියො තමයි දන්නෙ..

⚓️ ඔය අතරට තමයි අපේ කථානායකයා වෙන ඒ නැවේ චෙෆ් කෙනෙක් වෙච්ච නැවේ ඉන්න එකම ශ්‍රී ලාංකිකයා සෙට් වෙන්නෙ.. මේ විදිහට ඉතාලියට ගියා නම් ඌත් අනාථ වෙනවා.. උගේ කම්පැණියටත් ප්‍රශ්ණයක් වෙනවා.. උගේ කම්පැණියට ඌව ප්‍රශ්ණයක් වෙන්න හේතුව තමයි සාමාන්‍යයෙන් ඕනැම නැව්කාරයෙක් නැවට ජොයින් වෙන්න උගේ ගෙදරින් පිටවුන වෙලාවෙ ඉදන් හෝ ගුවන් තොටුපලෙන් පිටවෙන වෙලාවෙ ඉදන්, කන්ට්‍රෑක්ට් එක ඉවර කරලා මව්රටේ ගුවන් තොටුපලෙන් ඇතුළු වෙනකල් හෝ නැවත නිවසට එනකල් ඔහු ගැන වගකීම තියෙන්නෙ කම්පැණියට.. සියළු වියදම් ආරක්ෂාව රක්ෂණය ඇතුළු සියළු දේට වගකීම තියෙන්නෙ කම්පැණියට.. එතකොට පැහැදිළියි නේ ඇයි අපේ මනුස්සයාව ඉතාලි ගෙනියන එකේ ලොකුම ප්‍රශ්ණෙ එන්නෙ අදාල කම්පැණියටෙයි කියන එක..

⚓️ ඔහොම තත්වයක් තියෙද්දි තමයි නැව ලංකාවට එන්නෙ.. එතනදි මේ මනුස්සයාව බස්ස ගන්න පුළුවන් නම් ඌටත් හොඳයි.. කම්පැණියටත් හොඳයි.. නමුත් ඒකට අවශ්‍යතා 2ක් තෘප්ත වෙන්න ඕනැ .

1) අදාල පුද්ගලයා නිල වශයෙන් නීත්‍යාණුකූලව නැවෙන් නිදහස් කරන්න ඕනැ..
2) ලංකාවෙන් මිනිහව භාර ගන්න කැමති වෙන්න ඕනැ..

නැවේ කපිතාන් කම්පැණියෙ නියෝජිතයා හින්දා සහ කම්පැණියටත් මේ වැඩේ වාසි නිසා පළවෙනි අවශ්‍යතාවය ගේමක් නැතුවම හරි..

⚓️ ලොකුම ප්‍රශ්ණෙ තිබුනෙ අංක 2.. අර මනුස්සයා නැවේ ඉදං ”අනේ ජනාධිපතිතුමනි.. අගමැතිතුමනි.. මට උදව් කරන්න..” කියලා ආයාචනා කරන්න හේතුව ඒකයි.. නැතුව අපේ ජනාධිපතිට කියලා කැප්ටන්ට කථා කරවලා Sign off එක ගන්න හිතං මොංගල් ආයාචනයක් නෙවි ඒ කරේ..

⚓️ ඊයෙ හවස වෙනකොටත් ඔහුව ලංකාවට බාර ගනීද නැද්ද කියන එක ගැන තිබුනෙ දෙගිඩියාවක්.. මොකද දැනට ක්‍රියාත්මක රෙගුලාසි යටතේ කාටවත් නැව් වලින් බහින්න බෑ සාමාන්‍ය ක්‍රමයට.. කොළඹ වරායෙ දැනට තියෙන ලංකා නැව් සංස්ථාවෙ නෞකාවක ඉන්න කැඩෙට්ලා පිරිසක් නැවේ හිර වෙලා ඉන්නවා බැහැ ගන්න බැරුව.. විශේෂ තත්ව යටතේ හෝ Sign Off ගන්න අමාත්‍යංශය, වරාය අධිකාරිය, ආගමන විගමන දෙපාර්තමෙන්තුව, නාවික හමුදාව, කොරෝනා මර්ධන කමිටුව, වරාය සෞඛ්‍ය කොට්ඨාශය වගේ තැන් තොගයක් තියෙනවා මේ වෙලාවෙ අනුමැතිය ගන්න ඕනැ කරන.. ඒකයි ඔය දෙවනි අවශ්‍යතාව සම්පූරණ කර ගන්න වැඩේ එක්තරා මෙහෙයුමක් උනේ.. ඊයෙ අමාත්‍යංශ ලේකම්වරයෙකු පවා පෙන්වලා දුන්නෙ ටෙක්නිකලි මේක ලෙහෙසි වැඩක් නොවෙන බව.. හැබැයි කෙසේ හෝ මාර්ග කිහිපයකින්ම මේ ගැන ජනාධිපතිව දැණුවත් කරන්න අවස්ථාව ලැබුනා.. ලොකුම තැන එහෙම දැණුවත් උනාම තමයි පොඩි තැන්වලට තනිව කරන්න බැරි අමාරු වැඩේ ලේසි උනේ.. කොටින්ම වැඩේ කෙරුණෙ..

⚓️ ලංකාවෙ පාදඩම කාළකණ්නි පිරිසගෙ ලොකුම ඉත්තෑවා වෙලා ඉන්න, ඔය අවසානයට නම ආපු රටේ ලොකුම තනතුර දරන මනුස්සයා පුංචි මිනිහෙකුගෙ අවශ්‍යතාවය අහලා ඒකත් ක්ශණිව කරලා දීපු එකේ ඇරියස් එක තමයි හරියට ඔය නැවක් ඇහැටවත් දැකලා නැති වටපඩයො පවා අර අහිංසකයට නිවටයයි, රටේ නැව් කර්මාන්තයම කාපු අපතයයි, බය ගුල්ලයි ගගා රටේ නැති බලු කථා කිය කිය අපහාස කරන්නෙ..

දෙපා සුනඛයන්ගෙ බිරුම් මැද්දෙ හරි අපේ නාවිකයා ගොඩ බැස්සා.. හැමදේම ලස්සනට උනා.. වැඩේ කෙරුනා.. ඒ හොඳටම ඇති..

පුංචි මිනිහෙකුගෙ හඬටත් කන් දෙන, උගේ දුකත් තේරෙන, ඒකටත් වෙලාවක් යොදන ජනාධිපති කෙනෙක් රටේ ඉන්නවා කියලා අර වටපඩයන්ගෙ හෘද සාක්ෂියට දැනෙන එක තමයි රෙදි ගලවං උන්ගෙ ඉත්තෑවො එළියට පනින්න ප්‍රධාන හේතුව.. ඒකට අර ඉතා සාධාරණව සහ නීත්‍යාණුකූලව නැවෙන් බැහැලා මරු කටකින් ගැලවිච්ච අහිංසකයා පලි නෑ..🙂

උපුටා ගැනිම – විශ්ව චින්තන



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More