මුහුණු පොතෙන්

ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ මැලේසියානු ව්‍යාඝ්‍රයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පරීක්ෂණයකින් හෙළිවී ඇත.

නාඩියා නම් මෙම ව්‍යාඝ්‍රයා වයස අවුරුදු හතරක් වන ගැහැණු සතෙකි.

මෙය ඇමරිකාවේ දී සතෙකුට කොවිඩ් -19 ආසාදනය වූ ප්‍රථම අවස්ථාව බවට විශ්වාස කෙරේ.

නිව්යෝර්ක් නගරයේ බ්‍රොන්ක්ස් සත්ව උද්‍යාන පාලකයින් පවසන්නේ ලෝවා හි ජාතික පශු වෛද්‍ය විද්‍යාගාරය විසින් පරීක්ෂණ ප්‍රතිඵල තහවුරු කර ඇති බවයි.

නාඩියාට අමතරව සත්වෝද්‍යානයේ සිටින වෙනත් බිළාල වර්ගයේ දැවැන්තයින් හයදෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇතැයි සැකකරන බව ඔවුහු පවසති

නාඩියාගේ සොහොයුරිය වන අසුල්ට සහ තවත් ව්‍යාඝ්‍රයින් දෙදෙනකුට ද අප්‍රිකානු සිංහයන් තිදෙනකුට ද මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇතැයි සැක කෙරේ.

රෝග ලක්ෂණ නොපෙන්වූ කොවිඩ් ආසාදිත සත්වෝද්‍යාන සේවකයෙකු මාර්ගයෙන් මෙම සතුන්ට රෝගය බෝවන්නට ඇතැයි සැලකේ රෝගී සතුන්, වියළි කැස්සක්, ආහාර අරුචියක් ඇතුළු රෝග  ලක්ෂණ පෙන්නුම් කර ඇත.

කෙසේ වුවද මේ වනවිට සතුන් සියලු දෙනා සුවය ලැබීමේ සලකුණු පෙන්නුම් කරන බව සත්වෝද්‍යානය පවසයි.

සුරතල් සතුන්ට කොරෝනා වයිරසය ආසාදනය වන බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර ඔවුන් රෝගී වීමට හෝ රෝගය පතුරුවන්නන් විය හැකි බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ද සත්වෝද්‍යානය පවසයි.

කොවිඩ් -19 පිළිබඳ පර්යේෂණ කරන වෙනත් සත්වෝද්‍යාන හා ආයතන වලට මෙම සොයාගැනීම් ඇතුළු තොරතුරු ලබාදීමට අදහස් කරන බව සත්වෝද්‍යානයේ ප්‍රධාන පශු වෛද්‍ය පෝල් කැලේ මහතා පවසයි.

“අපි නාඩියා ඉතා දැඩි පරීක්ෂාවකට ලක් කළා. මේ ආශ්‍රයෙන් කොවිඩ් -19 ගැන අප ලබාගන්නා දැනුම කොරෝනා වයිරසය සම්බන්ද පර්යේෂණ සඳහා දායක වන බව සහතිකයි” යනුවෙන් ඔහු පැවසීය.

වෛරසය සතුන් තුළ වර්ධනය වන්නේ කෙසේද යන්න සම්බන්දව නොදන්නා හෙයින් සත්වොද්‍යානයේ සියලුම සතුන් සම්බන්දව පරීක්ෂාවෙන් සිටින බව එහි පාලකයෝ පවසති.

මේ සම්බන්දව අදහස් දක්වමින් සත්ත්ව සෞඛ්‍ය සම්බන්දව ලෝක සංවිධානය පවසන්නේ මෙම ගැටලුව තවදුරටත් අවබෝධ කර ගැනීම සඳහා අධ්‍යනයන් සිදුවෙමින් පවතින බවයි.

අසනීප වී ඇති ඕනෑම කෙනෙකු සුරතල් සතුන් සමග සම්බන්දතා සීමා කල යුතු බවද ඔවුහු සඳහන් කර සිටිති.

ගෝරිල්ලන්, චිම්පන්සියන්, ඔරංඔටං වැනි මහා වානරයන්ට කොරෝනා වයිරසය තර්ජනයක් විය හැකි බවට සත්ත්ව සංරක්ෂක විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.

කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් නිව්යෝර්ක් නගරය හුදකලා කර ඇති අතර සත්වෝද්‍යාන සියල්ල ද වසා දමා ඇත.

(බීබීසී ඇසුරිණි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More