මුහුණු පොතෙන්

උදේම ගාලු ගියා. රෝයි සර් මම යනකොට හෙමාරා එකෙන් රෙදි ටික අරගෙන. අඩුම මිලට අපිට රෙදි දෙන්න තරම් හෙමාරා අධිපතිතුමා කාරුණික වුණා වගේම රෙදි පීස් 4ක් එතුමා ගනනෙ ලබා දීලා මේ කර්තව්‍යට දායක වුණා … එතුමාගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා…!

ඊළඟට ඉලාස්ටික් ටික ගන්න ගියා.පහත පින්තූරවල ඉන්න මුස්ලිම් වෙළඳ මහත්මයා ඉලාස්ටික් යාර 250 ක් පරිත්‍යාග කළා.. එතුමාගේත් ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා..
ඊළඟට රෝයි සර් රෙදි ටික ප්‍රවාහනය කරල දුන්නා. ඇවිදගන්න අපහසුකමකුත් තියාගෙන අත්වාරුවකින් ඇවිදින ගමන් එහෙ මෙහෙ දුවලා මුදල් එකතුකරගෙන රෙදි ටික අරගෙන ප්‍රවාහනය කරලත් දුන්නෙ පුදුම උනන්දුවකින්..
ඊළඟට මේක කපාගන්න වැඩේ. උදේ ඉඳන්ම දන්න කියන කීප දෙනෙකුටම කතා කළා. කටර් කෙනෙක් හොයාගන්න. අන්තිමේ Yapa Sanjeewani ගෙ උදව්වෙන් ඉමදුව IB fashion අධිපති තුමා සම්බ්න්ධ කරගත්තා. රෙදි යාර 440ක් 7′ 7′ සහ 7′ 5′ කොටුවලට සමානුපාතිකව කපා ගන්න, රෙදි ලේයර් දැමීමේ ඉඳන් එතමාත් එතුමාගෙ බිරිඳත් වෙහෙස මහන්සියෙන් සහය වුණා.
මුඛ ආවරණ 5500 කට අවශ්‍ය රෙදි කපාගෙන 100 ගණනේ බන්ඩල් කරා..
1500 ක් දැනට තුන්දෙනෙක් අතර බෙදා දුන්නා..
තව 500 ක් මමයි Rajika Rohini යි මහනවා..
කනංකෙ හරිස් ඇඩ්වර්ටයිසිං අධිපති හරිස්චන්ද්‍ර වණිගසේකර අයියත් හෙට උදේ ඉඳන් දෙදහක් විතර මහල දෙන්න කට්ටිය සූදානම් කරා..
රෑ තිස්සෙ මේ වැඩවලට එහෙට මෙහෙට දුවන්න #ඉමදුව_පොලිසියත් #කනංකෙ_පොලිසියත් ලොකු සහයොගයක් දුන්න..
ඉතින් හෙට දවල් වෙද්දි අපි පළවෙනි මාස්ක් 500 බෙදා දෙන්න ලෑස්තියි…
මූල්‍යමය සහයෝගය දක්වන සහ වැඩේ කෝඩිනේට් කරන covid19 relife-Galle ගෲප් එකේ හැමෝගෙම මහන්සියෙ ප්‍රතිපල මේ..
ඒ සෙට් එකේ විස්තර පසුව ලියමු..
දැනට ඇති…
අපි වැඩ … 😊

– ඉන්දු ලියනගේ –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More