Uncategorized

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොරෝනා රෝගය සඳහා ලබා දෙන ඖෂධ පිළිබඳ ඉතාම වැරදි සහගත කරුණු වීඩියෝවක් මගින් සමාජගත කර ඇතැයි ද එය වහාම නිවැරදි කරන ලෙස ද ඉල්ලා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්න ජයසුමන ඔහු වෙත ඊමේල් මගින් ලිපියක් යොමු කර තිබේ.

මහාචාර්ය චන්න ජයසුමන සජිත් ප්‍රේමදාස වෙත යොමු කරන ලද සම්පූර්ණ ලිපිය මෙසේය.

ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට විද්‍යුත් තැපෑල ඔස්සේ ය.
2020.03.22

ගරු මැතිතුමනි,

ඔබතුමන්ගේ මුහුණු පොතේ මීට පැය කිහිපයකට පෙර ඔබතුමන්ගේම හඬින් මුදා හැර ඇති වීඩියෝවක් නිසා කොරෝනා රෝගයට ලබා දෙන ඖෂධ පිළිබඳ බරපතළ වැරදි පණිවිඩයක් සමාජගතවන හෙයින් එය වහාම නිවැරදි කරන ලෙස ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස ඔබතුමන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

01. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් ඖෂධය කිසිසේත් මහජනතාවට හිතුමතේ භාවිතයට අනුබල නොදිය යුතුය. රෝග ලක්ෂණ ඇති අයකු වෛද්‍ය උපදෙස්වලින් තොරව මෙම ඖෂධය භාවිතා කළහොත් රෝගය නිසි පරිදි හඳුනා ගත නොහැකිව බරපතල ප්‍රශනයක් පැන නැගී. තවද මෙම ඖෂධයේ අතුරු ආබාධ රැසකි.

02. ප්ලැකනිල් (Plaquenil) යනු හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන්වලට වඩා උසස් ගණයේ ඖෂධයක් බවත් එය ලබා දිය යුතු බවත් ඔබතුමා යෝජනා කරයි. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් යනු අදාල ඖෂධ නාමයයි. ප්ලැකනිල් යනු එම ඖෂධය නිෂ්පාදනය කරන සමාගමක් ලබා දී ඇති වෙළද නාමයයි. පැරසිටමෝල් ඖෂධය සඳහා පැනඩෝල් වෙළද නාමය ලබා දී ඇති අයුරිනි. එහෙයින් මෙය මුළුමුනින් සාවද්‍ය ප්‍රකාශයකි.

03. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් හෝ ප්ලැකනිල්වලින් අතුරු ආබාධයක්/ අගතියක් සිදු වූවහොත් ඇසිත්‍රෝමයිසින් (azithromycin) ලබා දිය හැකි බව ඔබතුමා පවසයි. එයද මුළුමුනින් සාවද්‍ය ප්‍රකාශයකි. ඇසිත්‍රෝමයිසින් යනු ප්‍රතිජීවක ඖෂධයකි. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් හෝ ප්ලැකනිල්වලින් නියුමෝනියා තත්වයක් ඇති නොවන අතර ඇසිත්‍රෝමයිසින් මෙකී රෝගීන්ට ලබා දීමට බලාපොරොත්තු වන්නේ හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන්වල අතුරු ආබාධයකින් වැලකීමට නොවේ.

දීර්ඝ කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයකු , ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකු, විපක්ෂනායකවරයකු මෙන්ම ජනාධිපති අපේක්ෂයකු ලෙසද කටයතු කළ ඔබතුමන්ගේ මෙම ප්‍රකාශය නිසා ජනතාව නොමග යා හැකි හෙයින් එය අප්‍රමාදීයව නිවරද කරන මෙන් නැවතත් ඉල්ලා සිටිමි.

මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන
MBBS,PhD, FRCP Edin
ඖෂධවිද්‍යාව පිලිබඳ මහාචාර්ය

අදාල වීඩියෝව මෙන්න



One thought on “නොදන්න බෙහෙත් දෙන්න ගිය සජිත්ට දොස්තර විද්‍යූත් තැපෑලෙන් පිළිතුරු”

  1. ඔබ බලය ලබා ගෑනිමට දගලන බව පේනවා එත් රජය වගේම ඔබත් ඔබගේ පුද්ගලික දනයේන් මනුස්සයන්ට දේන්න..ඉට අමතරව..කරුනා කර නොදන්න බේහෙත් ගෑන කියන්න එපා හරියට දෑනගන කියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

විදුර වික්‍රමණායකට පැටලිලා තියෙන තරම අනුව ජනාධිපතිගේ අභියෝගයේ තරම පෙනේ – ජාතික සංවිධාන වලින් විදුරට ටොක්කක්

සහල් පාලන මිල පැනවීමේදී මෝඩකමක් නොවේ නම් කුමන්ත්‍රණයක් සිදුවී ඇති බවට ජාතික සංවිධාන විසින් ප්‍රභල මතයක් ගොඩ නැගූ බැවින් විද...


Read More

කොටි ඩයස්පෝරාවේ දැඩි බලපෑම මත ශී‍්‍ර ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාව ලබන වසරේ යළිත් කරලියට

ජිනීවා යෝජනාවෙන් ශී‍්‍ර ලංකාව ඉවත් වීම ගැන තැකීමක් නොකර එම යෝජනාව 2021 මාර්තු මස පැවැත්වෙන 47 වැනි ජිනීවා මානව හිමිකම් සමුළ...


Read More

ලොස් ඇන්ජලිස් නුවරට ඇඳිරි නීතිය!

ඊයේ(30) අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8 සිට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමට ලොස් ඇන්ජලිස් නුවර නගරාධිපති එරික් ගාර්සෙට්ටි මහ...


Read More